UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගන්තිය එලෙසින් ම - සියලුම දේශපාන පක්ෂ එකඟ බව අගමැති කියයි

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී දැනට ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ එය ආරක්ෂා කිරීම කළ යුතුය යන වගන්තිය ඒ ආකාරයෙන් ම පැවැතිය යුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. නව ව්‍යවස්ථාව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ද්‍රවිඩ සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ බුදු දහම ආරක්ෂා කිරීම සහ ප්‍රමුඛස්ථානය දීම සම්බන්ධයෙන් ඇතුළත් වගන්තිය ඉදිරියටත් පැවැතිය යුතු බවට එකඟතාව පළ කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නොමැති බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.

ඉතිරිය»

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

වප් පෝදා කප්රුක් පූජාවේ දායකත්වය වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනම

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වන පොසොන් පොහොය දා සිට නොකඩවා සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා පුදබිමේ කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

ඉතිරිය»

 

දිනමිණ ගම් නගර චාරිකා යටතේ බුදුසරණ මෙහෙයවීමෙන් වප් පුන් පෝදා දහම් දෙසුම අත්තනගල්ල රජ මහා විහාරයේදී

දිනමිණ ගම් නගර චාරිකා යටතේ “බුදුසරණ” පුවත්පත මෙහෙයවීමෙන් අත්තනගල්ල රජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දහම් දෙසුම මෙම වප් පුර පසළොස්වක පෝදා අත්තනගල්ල රජ මහා විහාරයේදී සවස 6.30 ට ආරම්භ වේ. එම ධර්ම දේශනාව වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් පවත්වනු ලැබේ. සැදැහැති දායකත්වය සප්තමී හඳුන්කූරු වෙතිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ධාර්මික ගොවිතැනකට බුදු දහමේ මඟ

“සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා”

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ ගොවිතැන් සහ ඒ හා බැඳි පැවැති සංස්කෘතික ලක්ෂණ අගය කරමින් දේශනා ගණනාවක් අපට දැකගත හැකිය. ගොවියා යනු ‘බෙත්තානං ආධිපතීනි ඛත්තියෝ’ යනුවෙන් අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වා ඇත්තේ කෙතට අධිපති වංශය රාජවංශය යනුයි. මෙය සිංහල වහරේ කියැවෙන්නේ ගොවියා රජකමට පවා සුදුසු වන බවයි.  එසේම ගොවිතැන ධාර්මික ව්‍යාපාරයක් වන බවත් එය මූලික බෞද්ධ දර්ශනයක් සමඟ බැඳී පැවැති බවත් සූත්‍ර දේශනා විග්‍රහයේදී මනාව පැහැදිලි වේ. භික්ෂූන් වහන්සේගේ චීවරය සකස් වනුයේ ද කුඹුරේ ඇති ස්වභාවය අනුකූල කරගනිමිනි. කුඹුරේ ඇති ක්‍රමවත් බව සහ බිම් සැකසීමේ ඇති සුවිශේෂි ලක්ෂණ බුද්ධ චීවරයට එක් කිරීම විශේෂත්වයකි.

ඉතිරිය»

සංකස්සපුරාවරෝහණය හා බුදුදහමේ සුවිශේෂතා සිදු වූ වප් පුර පොහොය

වප් පුර පසළොස්වක් පොහොය දිනය බුදුදහමේ සුවිශේෂතා සිදු වූ උතුම් පොහොය දිනයකි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිට මනුස්ස ලෝකයට වැඩමවීම, මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරජුන්ගේ ශාසනයෙහි පැවිද්ද ලබා ගැනීම, වස් සමාදන් වූ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම, කඨින පින්කම් ආරම්භ කිරීම, දේවානම්පියතිස්ස රජු ලක්දිවට බෝධි ශාඛාවක් වැඩම කරවීම සඳහා කටයුතු සංවිධානය කිරීම, බීජමාසය වශයෙන් සැලකෙන වප් පොහොයේ සී සෑම හෙවත් වප් මඟුල් උත්සවය පැවැත්වීම මෙම පොහෝ දිනයේ ඇති විශේෂතා වන්නේය.

ඉතිරිය»

කඨිනානිශංස දේශනාව
සිතුවම - සත්සර ඉලංගසිංහ

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]