UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහාවිහාරය

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ගෝනගල සීවලී හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 - 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 – 4.00 පස්වරු ධර්මදේශනාව මැදගම පඤ්ඤාසාර හිමි, 4.00 – 5.00 ධර්ම සාකච්ඡාව, 5.00 – 6.00 භාවනාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිදාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව සූරියවැව සාරානන්ද හිමි


අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ වප් පුන් පොහොය වැඩසටහන දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී මොරගොල්ලේ සිරිරතන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 6.00 අටසිල් සමාදන්කර වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව 1 මාතෘකාව ‘දේවදූත සූත්‍රය’ දේශකයාණෝ, දර්ශනපති මහවෙල රතනසාර හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මාතෘකාව ‘නීරෝගීභාවය පිළිබඳ බෞද්ධ මතය’ දේශක ආචාර්ය සමන් වීරක්කොඩි මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව 02. මාතෘකාව ධම්මපදයේ සුඛ වග්ගයෙහි එන ‘ආරෝග්‍ය පරමා ලාභා’ ගාථාව දර්ශනපති අත්තරගොඩ පියධම්ම හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සබා මණ්ඩපය, මාතෘකාව, ‘මියගිය ඥාතීන් සහ පුණ්‍යානුමෝදනා කිරීම’ සහභාගිත්වය, ගෞරව ශාස්ත්‍රවේදී කරපික්ගොඩ සෝභිත හිමි, ආචාර්ය කේ. එම්.අයි. ස්වර්ණසිංහ මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව. මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි. 5.55 සිල් පවාරණය 6.00 නිමාව.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන්කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 08.00-09.00 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදුවේ මහින්ද හිමි, 09.00- 10.00 ධර්මානුශාසනාව ශාස්ත්‍රපති ගලගම ශාන්තජීව හිමි, 10.00-11.00 භාවනාව /අනුශාසනාව සහ බුද්ධ පූජාව, ගම්පහ පාසාදික හිමි පස්වරු 12.30-01.30 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී කඹුරුගමුවේ මහානාග හිමි, 1.30-2.30 ගිහි දේශනය – ගෞරව ශාස්ත්‍රවේදී ජයසේන එදිරිසිංහ මහතා, 3.00-4.00 ධර්මානුශාසනාව :– ත්‍රිපිටකාචාර්ය රත්ගම උපනන්ද හිමි, 04.00-05.00 ධර්ම සාකච්ඡාව ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි,05.00-06.00 ධර්මානුශාසනාව :–ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රද්දැල්ලේ නන්දවිමල හිමි, 06.00-06.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසි ස්වාමින් වහන්සේලා


මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව පි‍්‍රම්රෝස් උයන වජිරාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමි, 7.00 – 7.30 උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව 8.15 – 08.30 ධර්ම පුස්තක පිළිගැන්වීම, 8.30 – 9.30 ධර්මානුශාසනාව බෝවලවත්ත වජිරාරාම අරණ්‍ය සේනාසනාධිකාරී ත්‍රිපිටකාචාර්ය මැණික්හින්නේ ධම්මානුසාරී හිමි, 09.30 – 10.45 භාවනාව සහ අනුශාසනාව, උඩවත්තකැලේ සේනානායකාරාම ආරණ්‍ය සේනාසනාධිකාරී මාතර සමිතධම්ම හිමි, 10.45 – 11.15 දවල් බුද්ධ පූජාව පැවැත්වීම සහ පුණ්‍යානුමෝදනාව, පස්වරු 12.30 – 1.00 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනාව, හොරේපොල සුගතතිස්ස හිමි, කොස්වානේ ධම්මසරණ හිමි, බදුල්ලේ ධම්මමිත්ත හිමි, අනුරාධපුරයේ නිරෝධ හිමි, 1.00 – 1.30 ධම්මපදය (දහම්පද විවරණය) පිටකන්දේ මානිත හිමි, 1.30 – 3.00 ධර්මානුශාසනාව හා සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත පොල්ගොල්ලේ කුසලධම්ම හිමි, 3.30 – 4.45 ධර්මානුශාසනාව පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක වත්තේගම ධම්මාවාස නාහිමි, 4.45 – 5.15 ගිලන්පස පූජාව, පුණ්‍යානුමෝදනාව හා සිල් පවාරණය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 08.15 – 10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00 – 11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව ලේනව මංගල මාහිමි, 2.00 -3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනය 5.00 – 6.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති අලුත්වෙල ධම්මසති හිමි, 7.00 අටවිසි බුද්ධ වන්දනාව.

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ වප් පුන් පොහොය වැඩසටහන දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී මොරගොල්ලේ සිරිරතන හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 6.00 අටසිල් සමාදන්කර වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව 1 මාතෘකාව ‘දේවදූත සූත්‍රය’ දේශකයාණෝ, දර්ශනපති මහවෙල රතනසාර හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මාතෘකාව ‘නීරෝගීභාවය පිළිබඳ බෞද්ධ මතය’ දේශක ආචාර්ය සමන් වීරක්කොඩි මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දවල් බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව 02. මාතෘකාව ධම්මපදයේ සුඛ වග්ගයෙහි එන ‘ආරෝග්‍ය පරමා ලාභා’ ගාථාව දර්ශනපති අත්තරගොඩ පියධම්ම හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 2.45 දම්සබා මණ්ඩපය, මාතෘකාව, ‘මියගිය ඥාතීන් සහ පුණ්‍යානුමෝදනා කිරීම’ සහභාගිත්වය, ගෞරව ශාස්ත්‍රවේදී කරපික්ගොඩ සෝභිත හිමි, ආචාර්ය කේ. එම්.අයි. ස්වර්ණසිංහ මහතා සහ ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව. මෙහෙයවීම, ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි. 5.55 සිල් පවාරණය 6.00 නිමාව.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ දී පෝදා දවස පුරා විහාරාධිපති තෙල් වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් පැවැත්වේ. පෙරවරු 6.30 උපෝසථ ශීලයෙහි පිහිටුවීම, සම්බුද්ධ පූජාව හා අනුශාසනාව ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව සදහම් සෙවන වාසී බතීගම මෙත්ථජි හිමි, 10.00 ධර්ම දේශනාව කො/ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති රමණාගොඩ ඤාණරතන හිමි, 11.00 සම්බුද්ධ පූජාව ශාස්ත්‍රපති ගතාරේ ප්‍රඥාසාර හිමි, පස්වරු 12.30 - සිරිපොද වැස්ස උපදේශක සේවාව මගින් සිදුකරනු ලබන දේශනය, වෛද්‍ය පි‍්‍රයානි වික්‍රමසූරිය මහත්මිය, 1.30 ධර්ම දේශනය, ශාස්ත්‍රපති මුරුතවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව වෙහෙරගල සිරි සුජාත හිමි, 4.30 ධර්ම දේශනාව අටවිසි බුද්ධ පූජාව ඇතුල්ගම ධම්මජීව හිමි, 17 වන දින පස්වරු 7.00 ට බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වනු ලබන ධර්මදේශනාවකි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාමයේ දී වප් පුර පසළොස්වක, පොහෝදා, ශීල භාවනා, ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ, උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද, නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය, ජයශේඛරාරාමවාසී, ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 1.00 ධර්ම දේශනය, ජයශේඛරාරාමවාසී සෙවනගල අජිත හිමි, 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය, ජයශේඛරාමාම වාසී සෙවනගල අජිත හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත කන්දේගම දීපවංසලංකාර හිමි, 6.00 සිල් පවාරණය, විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව රාත්‍රී 8.00 – 9.00 ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ වප් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් , පහන්, ගිලන්පස කිරි ආහාර පූජාව,ශබ්ද පූජාව, මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව විහාරස්ථ ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. කිරිවෙහෙර චෛත්‍යය ප්‍රධාන වාසල් දොරටුව අබියස දාන ශාලාවේ පෝදා බත් දන්සල හා කතරගම සමථ මණ්ඩලයේ ඔසුපැන් දන්සැල පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධින් වහන්සේ වෙතට ගොස් මල් පහන් ගිලන්පස පූජා කිරීමත් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධිතේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාව අටවිසි බෝමලුවේදී කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය හා විහාරස්ථදායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


තලවතුගොඩ – සංඝමිත්තාරාමය

තලවතුගොඩ ,වැලිපාර සංඝමිත්තාරාමයේදී පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධිපූජාවක්, සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 -9.00 දම්දෙසුම ගංගොඩවිල පඤ්ඤෝදයාරමාවාසී ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි 9.30-10.30 දම්දෙසුම දෙල්කඳ පුෂ්පාරාම වාසී පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර හිමි, 11.00 දවල් බුද්ධ පුජාවෙන් අනතුරුව පස්වරු 12.00 -12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 -2.00 දම්දෙසුම කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද ධර්මකීර්ති ශ්‍රී දිගන සුගතවංශ හිමි 2.00- 3.00 ධර්ම දේශනාව ආරාමවාසී කොට්ටාවේ සුධීර මෑණියන් විසිනි. 3.00-5.00 දම්දෙසුම ශ්‍රී ඥානාරාම භාවාන මධ්‍යස්ථානවාසී අතුරිගිරියේ ධම්මවිහාර හිමි. සවස 6.00 මල්, පහන්, ගිලන්පස ,අටවිසි බුද්ධ පුජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදි දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දුන් ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය, මැතිණියගේ අනුග්‍රහයෙනි.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේදී පෝදා දවස පුරා පින්කම් සිදු කෙරේ. 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව පස්වරු 1.15 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති කොටියාගල සීවලී හිමි, 5.30 බෝධි පූජාව, 6.30 සිල් පවාරණය.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.15 – 7.00 කිරිපිඬු පූජාව සීල සමාදානය හා අනුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 9.00 – 9.30 භාවනාව 9.30 – 10.30 ධර්ම දේශනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 – 11.00 දෙතිස් ව්‍යාංජන සහිත බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව වෙහෙරගොඩ මහින්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ නාහිමියන් සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, හවස 6.15 සිට ඖෂධ 108 යුක්ත සම්බුද්ධ පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දොඩම්පහළ කුමාර කස්සප හිමි, 8.00 – 9.00 භාවනාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව රත්මලාන ධර්ම පර්යේෂණාලයාධිපති හෑගොඩ විපස්සී නාහිමි, 10.00 – 11.00 අභිධර්ම සාකච්ඡාව, පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මාගම විමල හිමි පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.05 පිරිත් හා තෙරුවන් ගුණ ගාල්ලේ අනුරාධ හිමි, අතුරුගිරියේ සුධීර හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝයාරාම වාසී ගෞරව ශාස්ත්‍රවේදී වල්ගම සුමන හිමි, 4.00 – 5.00 ධම්මපදය, කොළොන්නාව පුරාණ විහාරවාසී කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 -6.00 ධම්මපදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

 

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදානය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, 8.00 – 9.00 භාවනාව උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභාණී හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව මාලිගාවිල අස්සජි හිමි, 3.00 – 4.00 ධර්ම දේශනාව දොළොස්වල උදිතධීර හිමි, 4.15 – 5.00 ධම්මපදය බියගම ධම්මජීව හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි වප් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන්, වලවෙල සෝමසිරි මාහිමි, වැලිගම ආරියවංශ මාහිමි ඇතුළු පරලෝ සැපත් සියලු දායක දායිකාවන් හා රට දැය සමය සුරක්ෂිත කරනු වස් දිවි දුන් රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමේ ගුණසමරු පුණ්‍ය මහෝත්සවයට සමගාමීව මෙදින විශේෂ ධර්ම දේශාකයාණෝ උණුවතුර බුබුලේ මහින්ද නාහිමිපාණන් පවත්වනු ලැබේ.

එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමි යන්ගේ අනුශාසනා පරිදි ගල්කිස්සේ ධම්මිස්සර, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


හොරගලදී දම් දෙසුමක්

පාදුක්ක මාදුළුවාව, නැ/ හොරගල ශ්‍රී ගුණතිලකාරාමයේ වස් කාලයට සමාගාමීව පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ වප් පුර පසළොස්වක පොහෝ දින පස්වරු 7 ට ධර්ම දේශනය පානදුර වලාන ශ්‍රී සෞගත පිරිවෙන්හි පරිවේණාචාර්ය ශාස්ත්‍රපති බලංගොඩ ධම්මරතන හිමියන් වහන්සේ ය.


ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30-6.00 කිරි ආහාර බුද්ධ පූජාව සහ 6.00-7.30 සීල සමාදානය බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 08.00-9.00 ධර්ම දේශනාව, අලුත්ගම පඤ්ඤාසාර හිමි, 09.30-10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 11.00-11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ හිමි.

පස්වරු 12.30-2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි, හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා.

මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00-3.00 ධර්ම දේශනාව, අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද, කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව, ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි, 4.30-5.30 ධර්ම දේශනාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.30-6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, කළුබෝවිල සමාධි චිත්ත විවේකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි

විකාශන නිමාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව – කටුබැද්ද තෙලවල විජයරූපාරාමය ධර්මායතනාධිපති ,කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුර පොහෝ දින වැඩසටහන පැවැත්වේ.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර ද පෙරවරු 6.30 -7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි, 8.00-8.30 ධර්ම දේශනාව, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.30-9.00 ධර්ම දේශනාව, වැලිමඩ ඤාණාරාම හිමි, 9.30-10.30 ජාතක කථා දේශනය, දම්පහළ ඤාණසුධීර හිමි, 10.30-11.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 11.00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි,

පස්වරු 1.00-3.00 ගිහි දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 3.00-3.45 සුධර්මා කුළඟන සමිතියේ සාකච්ඡාව, 3.45-4.15 ධර්ම දේශනය, ඌරුබොක්කේ ඤාණසුබෝධ හිමි, 4.30-5.00 ‘මහාසමය සූත්‍ර දේශනාව සහිත මහ පිරිත් දේශනය, ධර්මායතනවාසී ස්වාමින් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදු කිරීම දම්පහළ ඤාණරතන නාහිමි, 6.30-7.30 අටවිසි ගිලන්පස බෝධිපූජාව හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නාහිමි,

පස්වරු 12.30 ට ‘බුදුසරණ පුවත්පත’ ධර්මදානය පිණිස බෙදාදීම

දායකත්වය – බුරුතගොල්ල ඔක්කම්පිටිය පදිංචි චමිලා පි‍්‍රයදර්ශනී මෙනවිය විසිනි.


මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාවක්

දවුල්දෙණ ඤාණිස්සරාභිධාන ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නාහිමියන්ගේ හා තිස්සමහාරාම රාජ මහා විහාරාධිපති නාහිමියන්ගේ ආශිර්වාදයෙන් පේරාදෙණිය, හිඳගල, මහකන්දේ ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී සිළුමිණි විහාරාධිපති, කම්මට්ඨානාචාර්ය මහමෙවුනාවේ මංගල හිමියන් මෙහෙයවන මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ඣායනාව වප් පුර පසළොස්වක පෝදා රැය පහන් වන තුරු ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාරස්ථ මහ සෑ රජුන් අභියසදී පැවැත්වේ.


පහළගම අටවිසි බුදුමැදුර විවෘත කිරීම 27 දා

අටුගොඩ පහළගම ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරයේ අභිනව අටවිසි බුදුමැදුර සහ බෝධිඝරය සහිත රන්වැට පූජා කිරීමේ පින්කම මෙම 27 වන දා දවස පුරා පැවැත්වේ. 27 වන දා උදෑසන අටවිසි බුදුමැදුර නිරාවරණය ප්‍රථම කිරි ආහාර පූජාව හා දවල් බුද්ධ පූජාවද සවස 6 ට කොළොන්නාවේ සිරි සුමංගල අනු නාහිමියන්ගේ දහම් දෙසුමක් ද පැවැත්වේ. රාත්‍රී 8 ට ගිලන්පස පූජාව හා අබ තෙල් පහන් පූජාවක්ද පැවැත්වේ.


කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් විහාරය

පෝදා පෙරවරු 6.30 -7.45 සීල සමාදානය , කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි, 8.15-10.15 භාවනාව මෙහෙයවීම – විශ්‍රාමික නිමල් රාජපක්ෂ මහතා, 11.00 දවල් සම්බුද්ධ පූජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව, තුන් සූත්‍ර දේශනාව – සියලුම සිල් පිරිස ,

පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම – විශ්‍රාමික අධ්‍යාපන නිලධාරි චරිත වික්‍රමසිංහ මහතා 4.00 විශේෂ ධර්මානුශාසනාව ,6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පූජාව මෙහෙයවීම – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි.


ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමය

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමයේ දායක දායිකාවන්ගේ දායකත්වයෙන් පවත්වන කඨින පින්කම ඔක්තෝබර් මස 26 – 27 දෙදින පැවැත්වේ. විහාරාධිපති කෝදුරුවාවෙල මේධංකර හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් මස 26 දින සවස 6.00 ට ඉදිවෙමින් පවතින 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ගිලන්පස බුද්ධ පූජා හා බෝධි පූජා පින්කමක්ද පැවැත්වේ.


කළුතර සුමිත්‍රාරාමය

උතුරු කළුතර සුමිත්‍රාරාම මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය හා දරුවකු පැවිදි කිරීමේ පින්කම මෙම පොහෝදින හා 16 දින සිදුකෙරේ.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]