UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පේරාදෙණිය ගොඩගන්දෙණිය කුරුකුදය පුරාණ විහාරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති නව තෙමහල් ධර්ම ශාලාව ඉකුත්දා (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහි සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කළ අවස්ථාව. එම අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන මහා නාහිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුෙරේ විමලධම්ම අනුනාහිමි, විහාරාධිපති පොළොන්නරුවේ සුමනාසර හිමි ඇතුළු පූජනීය මහ සගරුවනද හිටපු අගමැති දි.මු. ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
 

 

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගන්තිය එලෙසින් ම - සියලුම දේශපාන පක්ෂ එකඟ බව අගමැති කියයි

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී දැනට ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ එය ආරක්ෂා කිරීම කළ යුතුය යන වගන්තිය ඒ ආකාරයෙන් ම පැවැතිය යුතු බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකඟතාව පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. නව ව්‍යවස්ථාව පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ පැවැත්වූ සාකච්ඡාවල දී ද්‍රවිඩ සංවිධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ බුදු දහම ආරක්ෂා කිරීම සහ ප්‍රමුඛස්ථානය දීම සම්බන්ධයෙන් ඇතුළත් වගන්තිය ඉදිරියටත් පැවැතිය යුතු බවට එකඟතාව පළ කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නොමැති බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.

ඉතිරිය»

 

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]