UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව බිනර පෝදා ශ්‍රී ලංකා පොලිසිය අනුග්‍රහයෙන්

වප් පෝදා කප්රුක් පූජාවේ දායකත්වය වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනම

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2323 වන පොසොන් පොහොය දා සිට නොකඩවා සෑම පුර පසළොස්වක පෝදාකම මිහින්තලා පුදබිමේ කප්රුක් පූජාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

ඒ අනුව ප්‍රථම කප්රුක් පූජාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් විසින් පැවැත්වූ අතර දෙවන කප්රුක් පූජාව නාවික හමුදාවේ රණවිරුවන් විසින් සහ තෙවන කප්රුක් පූජාව ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් විසින් ද පවත්වන ලදී. ඉකුත් බිනර පුර පසළොස්වක පෝදා කප්රුක් පූජාව පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිසාවේ සියලු පොලිස් ස්ථානවල සහායෙන් මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ සංවිධානයෙන් පැවැත්විණි. එම අවස්ථාවට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (01) චූලනී වීරරත්න, මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක, ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවූහ. මිහින්තලා කප්රුක් පූජාවට දායකත්වය භාර ගෙන එය පැවැත්වීමට බෞද්ධ සමිති, සංවිධානවලට මෙන්ම සැදැහැති දායක දායිකාවන්ට ද ඊට අවස්ථාව සලසා ඇත. එහි දායකත්වය දැරීමට කැමැති නම් සීසර් සුදුසිංහ 0779086274 හෝ ශාන්ත ජයමහ 0777207371 දුරකථන අංක වෙතින් වැඩි විස්තර විමසා දැන ගත හැකිය.

මෙවර කප්රුක් පූජාවේ දායකත්වය වැල්ලවත්ත ශ්‍රී ස්වර්ණ බෝධිරාජ විහාරාධිපති පියනන්ද සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල්දොළ පියනන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් ගෝනාපිනුවල මේධානන්ද හිමි, එලමල්දෙණියේ ධම්මානන්ද හිමි සහ චන්ද්‍ර ෆොන්සේකා, බඳගිරියේ සුනිල් ගලප්පත්ති ප්‍රධාන උපාසිකා ඒ. එල්. පියසීලි භද්‍රා මෑණියෝ කන්ත ජයසිංහ, එම්. සුමනදාස සහ ඒ. වී. රුවන් ධනුෂ්ක ගුණවර්ධන මහත්ම මහත්මීහු වේ. මෙවර සංවිධානය අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාලය මගිනි.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]