UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම

කඨින පින්කම

ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කම මෙම මස 21, 22 දෙදින තුළ පැවැත්වේ. කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ අනුශාසකත්වයෙන් හා මහනුවර රජ පිහිල්ල මාවතේ ශි‍්‍රයානන්ද විජේකෝන් මහතාගේ සහ කුමාරි විජේකෝන් මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන කප්රුක් පූජාව ඇතුළත් කඨින පින්කම නිමිත්තෙන් ශ්‍රී දළදා සමිඳු උදෙසා පිදෙන මුල්තැන් බුද්ධ පූජාවකි.

21 සවස 4.00 ධර්ම දේශනාවකි. රාත්‍රී 7.15 ගිලන්පස පූජාවකි. 22 දවල් මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනමනු ලැබේ.


මල්වතු මහා විහාරයේ කඨින පින්කම

මල්වතු මහා විහාරයේ කඨින පින්කම 22, 23 දිනයන්හි මල්වතු මහා විහාරයීය සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ අනුශාසක මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් 73 වෙනි වතාවටත් පැවැත්වේ.

22 වෙනිදා සවස ශාස්ත්‍රපති කිරිබත්කුඹුරේ සීවලි හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව ද කඨින චීවර තුනක් පූජා කිරීම ඇතුළත් කඨින චීවර දානය 23 වෙනි දින දවල් වස් විසූ 42 නමක් විෂයෙහි පිරිනමනු ඇත.


සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන,වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප විහාරස්ථානයේදී ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 12 දක්වා විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කඨින පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔක්තෝබර් 26, 100 වෙනි අටවිසි ගිලන්පස බුද්ධ පූජාව රාත්‍රි 7.00 ට 27 රාත්‍රි සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනාව 28 සත්බුදු වන්දනාව මෙහෙයවීම පාමංකඩ ඉන්ද්‍රජෝති හිමි, ඔක්. 29 සිට නොවැම්බර් 12 දක්වා රාත්‍රි 7.00 ධර්ම දේශනා මාලාව නොවැම්බර් 11 කඨින චීවරය රැගත් දර්ශණීය පෙරහර ගම වටා වීදි සංචාරය කිරීම ද කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය රූපා නන්දසේන මහත්මිය, ප්‍රසාද් පි‍්‍රයන්ත සහ සුරංගි කුරේ, නො. 12 දහවල 80 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාව සහ කඨින චීවරය සඟ සතුකොට පූජා කිරීම 12 වනදා කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වේ.


බදුරලිය කුරුඳුගස්මාන පුරාණ වාලුකාරාම තුසිත මහා විහාරය

ඔක්තෝබර් 22,23,24 දිනවලදී පින්කම උපාධ්‍යාය ධුරන්දර බදුරලියේ ශ්‍රී සීලරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. බෙල්ලන ශ්‍රී ඤාණාලෝක නාහිමි, ලත්පඳුරේ නාරද නාහිමි, බදුරලියේ යසස්සි නා හිමි ආරම්භ කරන ලද තුන්තිස්පැයේ පිරිත් ධර්ම දේශනාව 22 රාත්‍රී 8 ට ආරම්භ වෙයි.


පිළියන්දල සංකල්ප විහාරයේ කඨින පින්කමට දම්දෙසුම් මාලාවක් ඔක්තෝබර් 29 සිට

පිළියන්දල, මාකන්දන වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාව මෙවරද ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වීමට විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

එහිදී 29 වනදා සිට පිළිවෙලින් රාත්‍රී 7 ට දම් දෙසුම් පවත්වති. ඒ අනුව ඔක්තෝබර් 29 කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, ඔක්. 30 පුහුල්වැල්ලේ විනයසිරි හිමි, 31 මකුරුප්පේ සෝමාලංකාර හිමි, නොවැ. 01 ලේල්වල සමිත හිමි, 02 ගොම්බද්දල දමිත හිමි,නොවැ.03 මහමෙව්නාවේ මංගල හිමි, නොවැ. 04 වල්පොල ගෝතම හිමි, නොවැ. 05 අඹන්පොල ඤාණතුසිත හිමි, නො. 06 කැලණියේ අජිත හිමි, නොවැ.07 පානදුරේ පසන්න හිමි, නොවැ. 08 මැදගොඩ අභයතිස්ස හිමි, නොවැ. 09 කොට්ටාවේ සුමන හිමි, නොවැ. 10 දීගල පියදස්සි හිමි, නොවැ. 12 තුම්බෝවිල ධම්මරතන හිමි, (කඨිනානිසංස ධර්ම දේශණාව)


මුංවතුගොඩ පුරාණ විහාරස්ථානය

යටිනුවර දන්තුරේ මුංවතුගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කම ඔක්තෝබර් මස 19-20 යන දෙදින තුළ පැවැත්වීමට වතුරකුඹුරේ සුදස්සි හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ එක්සත් බෞද්ධ සමිතිය, ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතිය. විහාරස්ථ තරුණ සංවිධානය සහ ගම්වාසි සියලු දෙනා විසින් කටයුතු යොදා ඇත.


විද්‍යාවාස පිරිවෙන් විහාරයේ කඨින පින්කම හා ගුණ සමරු පින්කම්

මීරිගම, මිණිඔලුව , විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි 131 වන වරටත් සිදුකරනු ලබන කඨින මහා පූජෝත්සවය හා විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයෙහි, විහාරාධිපති හා පරිවේණාධිපති ධූරයන් හොබවා අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත නිතලව ශ්‍රී ඤණේශ්වර නාහිමි (අපවත් වී වසර 57) ත්‍රිපිටකාචාර්ය, පිදුමේ රතන නාහිමි (අපවත් වී වසර 33) ත්‍රිපිටකාචාර්ය නුගදෙණිය් ධම්මානන්ද නාහිමි (අපවත් වී වසර 12) ත්‍රිපිටකවේදී මකුලෑවේ විජය හිමි (අපවත් වී වසර 11)

යන ස්වාමින් වහන්සේලාගේ ගුණානුස්මරණ පින්කම්ද ඔක්තෝබර් මස 12,13,14,15,16 දිනයන්හි විද්‍යාවාස පිරිවෙනේදී පැවැත්වීමට මකුලෑවේ විමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. වස්කාලය මුළුල්ලේ දිනපතා පවත්වාගෙන ආ මල්, පහන් ගිලන්පස බුද්ධ පූජාව හා බෝධි පූජාව මෙම දිනවල ද සිරිත් පරිදි රාත්‍රි 6.45 ට ආරම්භ කොට පැවැත්වේ. එම දිනයන්හි රාත්‍රි 7.30 විශේෂ ධර්ම දේශනා පැවැත්වීම

12 වනදා දම්දෙසුම මිනුවන්ගොඩ –පත්තඬුවන භික්ෂු පුහුණුූ ආයතනාධිකාරි ශාස්ත්‍රපති උඩුදුම්බර විජයකිත්ති හිමි, 13 වනදා දම්දෙසුම රදාවඩුන්න , ඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රමාධිපති ලේනව මංගල හිමි, 14 වනදා දම් දෙසුම රණාල –බටේවෙල අමාදම් අරණ, සේනාසනාධිපති විනයාචාර්ය වැල්ලම්පිටියේ විනයවංස හිමි, 15 දම්දෙසුම සෙනසුරාදා (වප්පුර පසලොස්වක දින) පස්යාල –මුරුතවල ධර්මචක්‍රාරාමාධිපති මීවිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති හාපිටිගම විජිත හිමි .

ඔක්තෝබර් 16 ඉරිදා අලුයම 3.30 ට පමණ කඨින වස්ත්‍රය රැගෙන එන පෙරහර කණ්ඩලමේ ඩබ්.ටී. පේ‍්‍රමලාල් විජේසූරිය මහතාගේ (චම්පානි පෙරේරා මහත්මිය) නිවසේ සිට පිටත්ව ගම් සිසාරා සංචාරය කොට උදේ 6.00 ට පමණ විහාරස්ථානයට පැමිණ කණ්ඩලම ඉල්ලාන දායක දායිකාවන්ගේ මූලිකත්වයෙන් කඨින වස්ත්‍රය මහා සංඝරත්නය වෙත පූජා කිරීම එදින පෙරවරු 10.30 ට පමණ බුද්ධ පූජාව පැවැත්වීම පෙරවරු 11.00 ට හැත්තෑපස් (75) නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාව පැවැත්වීම. එදින රාතී‍්‍ර 7.00 පමණ බෝධි පූජාවන් පවත්වා කඨිණානිසංස ධර්මදේශනාව පැවැත්වේ.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාමයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින පින්කම මෙවරත්, ඔක්තෝබර් මස 15-16 දෙදින පැවැත්වේ. කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑලලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් මස 15 වන දින සවස 6.00 ට ගිලන්පස බුද්ධ පූජා හා බෝධි පූජා පින්කමක් පැවැත්වෙන අතර එදිනම රාත්‍රී දෙනිකඩේ හන්දියේ පදිංචි, අමිල සංජීව මහතාගේ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහර ආරම්භ කර දිවලකඩ පාර, ප්‍රධාන පාර, හැරමිටිකන්ද , අලුත්හේන, ඕපල්ල පාර, මිල්ලගහවලකන්ද, පන්සල පිටුපස පාර, කොබවක සිරි සුමන නාහිමි මාවතේ ගොස් කොබවක ශ්‍රී සුමනාරාමයට පැමිණීමට නියමිතය.

ඔක්තෝබර් මස 16 වන දින උදෑසන කඨින වස්ත්‍රය සඟසතු කොට පූජා කිරීම හා මහා ගිරි භාණ්ඩ පූජාව සහිතව ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි.


සීදුව සුගතාරාමය

සීදුව සුගතාරාමයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 22 සහ 23 දිනවලදී බදුල්ල රඹුක්පොත රජ මහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, විශාඛා බෞද්ධ කාන්තා සමිතිය, සුගතාරාම කුළඟන සමිතිය, දහම් පාසල් සංවර්ධන සමිතිය සහ සීදුව පොලීසිය මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම පින්කමට සම්බුද්ධ පූජා පරිත්‍රාණ ධර්ම දේශනාව, කඨින චීවර පෙරහර සහ සංඝගත දක්ෂිණාව ඇතුළත් වන අතර කඨින චීවර පෙරහර රාජ පක්ෂපුර ශාන්ත රූපසිංහ මහතාගේ සහ නිල්මිණි වීරරත්න මහත්මියගේ නිවසින් 23 වන දා අලුයම 1 ට ආරම්භ වේ.


පුස්සැල්ල ශ්‍රී අභිනවාරාමය

මෙම මස 17 වන දින ධර්ම දේශනාව මාතලේ විද්‍යානන්ද ශ්‍රී මහ පිරිවෙන් විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි නා හිමි, සම්බුද්ධ පූජාව අසිරිමත් පහන් පූජාව (පහන් 5000 ක් දැල්වීමට අපේක්ෂා කෙරේ) 18 වන දින ධර්ම දේශනාව, මහනුවර, අලුත්ගම, ගම්මන්තලාව, පුරාණ විහාරවාසී, අලුත්ගම පඤ්ඤාසාර හිමි, සම්බුද්ධ පූජාව, විශේෂිත සුවඳ දුම් පූජාව, 19 වන දින ධර්ම දේශනාව නිකවැරටිය, රස්නායකපුර, නෙළුම්ගල ආරණ්‍ය සේනාසනවාසී කෝරළයාගම සරණතිස්ස හිමි, සම්බුද්ධ පූජාව ඖෂධ 108 කින් සුසැදි ඖෂධීය ගිලන්පස පූජාව, 20 වන දින ධර්ම දේශනාව රුවන්වැල්ල, වහරක දම්සක් විහාරයේ ප්‍රධාන අනුශාසක ගම්පහ මහානාම හිමි, සම්බුද්ධ පූජාව අසිරිමත් මල් පූජාව, 21 වන දින ධර්ම දේශනාව ගලලියද්ද ජයන්ති මහ විහාරාධිපති, ප්‍රධාන සංඝ නායක හා නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශාස්ත්‍රවේදී පල්ලේපොල දේවානන්ද නා හිමි. සම්බුද්ධ පූජාව, අෂ්ඨ පාන පූජාව( පලතුරු යුෂ පූජාව)


නිමලව

කනංකෙ නිමලව ශ්‍රී විජයාරාමයේ කඨින පින්කම මෙම 15 සහ 16 දිනවලදී කනංකෙ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


වළගම්බා රජමහා විහාරය

මැල්සිරිපුර ,තලංගමුව, වළගම්බා රාජමහා විහාරයේ කඨින පින්කම ඔක්තෝබර් 15,16 දිනවලදී විහාරාධිපති, අස්ගිරිය, මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික වඳුරාගල ධම්මාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාවේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

15 වෙනිදා සවස ධර්ම දේශනාවකි. අපවත්වී වදාළ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත මහානාහිමි අනුස්මරණ ධර්මශාලාවේදී සිදුකෙරෙන කඨින පූජෝත්සව පින්කමේදී බුද්ධරක්ඛිත මාහිමි ඇතුළු අපවත් වී වදාළ මහතෙරවරුන්ට පින් අනුමෝදනා කිරීමද සිදුකෙරේ.


ගල්දූව ආරණ්‍ය සේනාසනය

අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් 6 වනදා උදේ 9 ට පැවැත්වේ.


මලවැන්න පුෂ්පාරාමය

මලවැන්න පුෂ්පාරාමයේ දී වප් පුර පසළොස්වක පෝදා දවස පුරා ආගමික වතාවත් විහාරාධිපති කදුරුපේ ගුණාලංකාර නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින ස්වාධීන රූපවාහිනි සේවයේ සවණක් රැස් සජීව විකාශයද එම විහාරස්ථානයේ සිට පැවැත්වීමට නියමිත බවද කියයි.


තල්පිටිය

වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පූජෝත්සවය මෙම මස 16 වන දින පැවැත්වීමට එම විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]