UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශරීරයට පුරුදු පුහුණු කරන කිසිවක් මරණින් මතු රැගෙන යන්නේ නැහැ

ශරීරයට පුරුදු පුහුණු කරන කිසිවක් මරණින් මතු රැගෙන යන්නේ නැහැ

"ශරීරයට පුරුදු කළ යමක් ෙවි නමි, ශරීරයත් සමඟ නැතිව ගොස් සිත පමණක් ඉතිරි වෙනවා. සිතට පුරුදු කළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ෙවිවා සිත වැරැදි ලෙස පුරුදු පුහුණු කරන්නේ නමි, එය ඊළඟ ආත්මභාවයට කිසියම් හෝ බලපෑමක් ඇති කළ හැකියි. ලෝභය, ද්වේෂය, මෝහය පුරුදු පුහුණු කරන්නේ ශරීරයට නොවෙයි සිතටයි ."

අපගේ ජීවිත තුළ අපට ලැබිල තිබෙන ශරීරයට අමතරව අපගේ සසර ගමනට අප ගෙන යන විඤ්ඤාණයක් තිබෙනවා.අපගේ තේරුම් ගැනීමේ පහසුව සඳහා එම විඤ්ඤාණය සිත ලෙස හඳුනා ගනිමු.

ආහාර පාන ,බේත් හේත් , ලබාදෙමින් ශරීරයට පුරුදු පුහුණු කරන කිසිවක් මරණින් මතු රැගෙන යන්නේ නැහැ.කය බිඳී ගොස් ඊළඟ උප්පත්තිය ලබන කාලයේදී, මෙම ශරීරයට නැතිව වෙනත් ශරීරයකට ගමන් කරන විඤ්ඤාණය වර්තමානය තුළ පුරුදු පුහුණු කළා වූ දේ තුලින්ද ව්ඤ්ඤාාණය සමන්විත වෙනවා. අප ලබාගත්තාවූ ශරීරය ක්‍රමානුකූලව වර්ධනය වුණත් එයට හිමිකාලය අවසන් වූණාට පසුව එම ශරීරය අතහැරල අප යනවා.යමිකිසි රියැදුරෙකු අලුතෙන් ලබාගත්තාවූ වාහනය කාලයක් පරිහරණය කිරීමත් සමඟ එය දිරාපත්වන විට එය අතහැර වෙනත් වාහනයක් ලබාගෙන නැවතත් ගමන ආරම්භ කරන්නාසේ, එම රියැදුරා පුහුණු කලාවූ කිසියම් ශිල්පයක් ෙවිද,එම ශිල්පයම යොදාගෙන ඊළඟ වාහනය භාවිත කරනවා විය හැකියි.කිසියමි ආකාරයකින් මෙම ශරීරයට වැළඳුන රෝගයක් වෙයි නමි, ශරීරයත් සමඟ මිය යනවා. ශරීරය තුළ පැවතුන ජායාරූපයත් ශරීරය සමඟ නැතිව යනවා. ශරීරයට පුරුදු කළ යමක් ෙවි නමි, ශරීරයත් සමඟ නැතිව ගොස් සිත පමණක් ඉතිරි වෙනවා. සිතට පුරුදු කළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ෙවිවා සිත වැරැදි ලෙස පුරුදු පුහුණු කරන්නේ නමි, එය ඊළඟ ආත්මභාවයට කිසියම් හෝ බලපෑමක් ඇති කළ හැකියි. ලෝභය, ද්වේෂය, මෝහය පුරුදු පුහුණු කරන්නේ ශරීරයට නොවෙයි සිතටයි . සටන් පුරුදු කරන්නේ ශරීරයටයි. එම නිසා අධ්‍යාපනය විසින් මස්තිස්කයේ සෛලයන් පුරවන්නාවූ දත්ත ඥානය ලබාගැනීමද ,ඇතැමි විට ඊළඟ ආත්මය වෙත ටිකක් හෝ රැගෙන යා හැකියි. කිසිදා සොරකමකට සම්බන්ධ නොවුන පවුලක ,සොරකම උපතින්ම රැගෙන පැමිණි පුද්ගලයකු සිටිය හැකියි.වෛරයද , ද්වේෂයද එසේ උපතින්ම රැගෙන පැමිණි පුද්ගලයන් ඇතැමි විට සිටිය හැකියි.පැවිදි සිතකට, තාපස සිතකට,හෝ සන්සුන් සිතකට වේවා නුහුරු පුරුදු පවුලක එබඳු අයෙකු උප්පත්තිය ලැබිය හැකියි. මවද , පියාද, නැටුම් නොදන්නා පවුලක නැටුම් දන්නා දරුවෙකු ඉපදීමට හැකියි. පියාද, මවද නොදන්නා තාක්ෂණය පිළිබඳව දැනුම උපතින්ම ඇති දරුවකු උප්පත්තිය ලැබිය හැකියි. මෙය කිසියමි ආකාරයක පරණ මතකයන් අවදි වීමක් විය හැකියි. “අච්රං වතයං කායෝ” මෙම ශරීරය ටික කාලයක් බව කියවුණද , මෙම සිත ටික කාලයක් බව කියවෙන්නේ නැහැ.අප ජීවිතය සැළසුමි කළ යුත්තේ “කය” මුල් කරගෙනද?“සිත” මුල් කරගෙනද ?

දිගුකාලීන සිත

ශරීරය දුවන කාලය අඩියක් නම්,සිත දුවන කාලය කිලෝමීටරයකටත් වඩා වැඩි කාලයක්. නමුත් අප ඉපදුනදා සිට සැළසුම් කරන්නේ,ශරීරය පවත්වාගෙන යන්නාවූ කෙටි කාලයක් සමිබන්ධයෙන්ද,සිත පවත්වාගෙන යන්නාවූ දිග කාලයක් වෙනුවෙන්ද? කියා ඔබ විසින් සිතිය යුතුයි

.ක්‍රි. වර්ෂ පළමු වන සියවසේ සිට 2016 දක්වා සියයයේ කොටස් විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. අප එකල සිට ලක්දිවම උපන්නාම නමි,මිනිසුන්ව උපන්නා නමි, උපන් සැම විටම වසර සියයකට ආසන්නව ජීවත්ව සිටියාම නමි,විසිවතාවක් ඉපදී සහ මිය ගොස් තිබෙනවා. ජායාරූප තිබුණා නමි, ජායාරූප විස්සක් තිබෙනවා.ක්‍රි.වර්ෂ පළමු වන සියවසේ සිට සංසාරය පටන් ගත්තා නම්, කෙතරම් ජායාරූප ප්‍රමාණයක් එකතු වෙනවාද?සැම වතාවක්ම ඉපදිලා සැම වතාවක්ම මරණයට පත්වෙලා, මංගල උත්සව සියයක් ,මළ ගෙවල් සියයක් , ශෝක ප්‍රකාශ සියයක්, ගුණ කතන සියයක් තබා ඇත.ක්‍රි. වර්ෂ පළමු වන සියවසේ සිට ගණනය කර බැලුව හොත් මිනී පමණක් කෙතරමි ප්‍රමාණයක් ගණනය කළ හැකිද?. අප දකින්නාවූ සොහොන් කොත් අපේම ඒවා විය හැකියි. අප ලියූ කවි අපම කියවනවා විය හැකියි. පරණ පුවත්වත තිබෙන පින්තූරය අපේම විය හැකියි. අප එකල කියූ සහ ලියූ දේමත් විවේචනය කරමින් ලියනවා වෙන්නට පුළුවන්. එසේ වීමේ හැකියාව එසේ නොවීමේ හැකියාවට වඩා තිබෙනවා.

කෙටිකාලීන ශරීරය

අචිරං වතයං කායෝ ශරීරය ටික කලකි . යන පාඨය නිතර දකින ස්ථානයක ලියා තැබීමට වටිනා ප්‍රකාශයක්.මෙම ශරීරය ටික කාලයක් බවට දැනගත් විට අපට ලැබෙන්නාවූ වාසි කෙසේද?අප ශරීරයත් සමඟ කරන ගණුදෙනු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශරීර නිසා නඩු කියනවා.ශරීරය නිසා සිත නාස්ති කරගන්නවා, ශරීර නිසා ජීවිතයේ සතුට නැති කරගන්නවා. ශරීරයට දමන නමට නොම්මරයක් ලැබුණ විට එම නොම්මරයට පින්තූරයක් දමාගෙන හදන කාඩිපත හැඳුනුම් පත ලෙස හඳුන්වනවා. එම හැඳුනුම්පතට ඔප්පුව ලියනවා.ශරීරයට ඔප්පු ලියනවා මිස සිතට ඔප්පු ලියන්නේ නැහැ.නඩු දමන්නේ ඔප්පුවට, එම ඔප්පුව තිබෙන්නේ හැඳුනුම් පත් අංකයටයි. අවසාන විග්‍රහයට අනුව ෙමි සියල්ල ලැබී තිබෙන්නේ ශරීරයට පමණයි.

ශරීරයත් සමඟ තිබෙන ගණුදෙනුව සම්බන්ධයෙන් සෝපාහසයෙන් බැලිය යුතුයි. එසේ වූවිට වෛරයට ඉඩ නැහැ.ශරීරයට වෛර කරන එකේ තේරුමක් නැහැ.

අපේක්ෂාභංගත්වය

ගෙවල් දොරවල් , හදමින් බූදලය ආරක්ෂා කරන්නේ ශරීරය වෙනුවෙන් ශරීරය අතහැර යන නිසා මේ ආකාරයෙන් නිරෝගීව තබා නොගෙන ලෝකයේ කිසිදෙයක් අවශ්‍ය නැති තැනට පැමිණුන හොත් මිනිසුන් අපේක්ෂා භංගත්වයට පැමිණිය හැකි නේද? යනුවෙන් ඔබ සිතිය හැකියි.මෙසේ සිතීම තුළ අපේක්ෂාභංගත්වයට පත්වී සිය දිවි හානිකරගනීවිද? ශරීරය පිළිබඳ දැවැන්ත ඇල්මක් සමඟ ශරීරය පිළිබඳ පමණක් සිතන තැනක සිත අතහැරිය හොත් වෙනදේ?

අපත් සමඟ යන ගමනට සිත ද රැඳෙනවා.අපට සමීපව සිටි පුද්ගලයකු අප අතහැර යන අවස්ථාවක එම පුද්ගලයා හරිහමිබ කළදෙයක් නොමැතිව සිටිය හොත්,ඔහු පත්වෙන තත්වය කුමක්ද? අප ළඟ කිසිවක් නොමැති බව සිතුව හොත් , ගෙවල් දොරවල් අතහැර දමා මහපාරට වැටුණහොත් , කුඩා කවරයකට ඇඳුමි කඩමාල්ලකුත් දමාගෙන ඇඳිවත පමණක් රැගෙන ගමනක් යා නොහැකියි.අතේ සතේ නැතිව යන ගමන දුෂ්කරයි. අතේ මුදල් නැතිව , වාහනයක් නැතිව දියබුබුළු එනතෙක් මහපාර දිගේ ඇවිදගෙන මිය යන තෙක් දුෂ්කර ගමනක් යාමට සිදුවෙනවා. යමෙක් නිවහන අතහැර මහපාරට බහින්නේ, විශාල ගිණුම් කාඩිපත් සුව්සල් යාන වාහන , තිරප්පු සමඟ යමෙක් මහපාරට බහිනවා නමි, ඔහුගේ ජනප්‍රියත්වයත් සමඟ පහසු ගමනක් යාමට බොහෝ දෙනෙක් සූදානමිව සිටිනවා . තවත් යාන වාහන,මිළමුදල් නවාතැන් පහසුකම්, සහිත ගමනක් යා හැකියි.

අප යාමට සූදානමි විය යුත්තේ දුෂ්කර ගමනකටද? සුවපහසු ගමනකටද? එය සුගතිය සහ දුගතියයි.එම සුගතිය සහ දුගතිය එකතු කරන්නේ සිත නිසයි. ශරීරය විසින් ක්‍රියාත්මක කළද? එකතු කරනු ලබන්නේ සිත විසින් මයි. ලෝභ දෝෂ මෝහ කවදාවත් ශරීරයට සැම විටම සිතට සංවේදනය වන්නාවූ සකළ විධ සංවිිඤ්ඤාණකත්වයන් සුපැහැදිළි ලෙසම සිතට බලපාන්නාවූ තත්වයන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

එම නිසාම අකුසල කර්ම සිදුකරන්නාවූ සිතිවිලි තුළින් විනිර්මුක්ත වීමට සිදුවෙනවා. යමෙක් ශරීරය පිළිබඳව පමණක් සිතනවා නම්, ඕනෑම අපරාධයක් කොට, ඕනෑම ද්වේෂ සහගත ක්‍රියාවක් කොට ශරීරය පවත්වාගෙන යාම,පමණක් තමන්ගේ දිවිය යැයි සිතනවා නම්,එම තැනැත්තාට හෝ තැනැත්තියට ශරීරය තුළ තිබෙන්නාවු පණ ගැටගසා ගැනීම පමණයි.

මෙම ලිපියෙහි තවත් කොටසක් වප් අව අටවක (ඔක්තෝබර් 22 වැනිදා) පෝදා පත්‍රයේ පළ වේ.

 

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]