UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය

උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය

 

බෝධි ප්‍රාකාරය

විහාරාධිපති
නුගගොල්ලේ විමලසාර හිමි

ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය සියම් ම හා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත්ය. වසර තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති මේ විහාරය ප්‍රදේශවාසී ජනතාවගේ මහත් ගෞරවාදරයට ලක්වන පුණ්‍යය භුමියකි.

විහාර ඉතිහාසය සැලකූ විට, යතිවරයාණන් වහන්සේ කිහිප නමක්ම විහාරාධිපති ධූරය දැරූ අතර උන්වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත වැඩ පිණිස ඇප කැප වී කටයුතු කළහ. ඒ අතර කෙහෙල් ගමුවේ සීලරතන හිමි, කළු ගල සරණපාල හිමි, පොල් ගහ අංග සුදස්සි හිමි සහ උලපනේ පඤ්ඤානන්ද හිමි යනුවෙන් හිමිවරුන්ගේ නාමයන් සදා අමරණීය වේ.

ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ කිරිඳීවත්තේ සුමනසාර හිමියන්ය. විහාරාධිකාරීත්වය නුගගොල්ලේ විමලසාර හිමියෝ උසුලති. කිරි¼දිවත්තේ සුමනසාර හිමියෝ 2006වසරේදී විහාරාධිපති ධූරය භාර ගනිමින් විහාරයේ ගරා වැටෙමින් තිබූ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය ද ඇරැඹූහ.

නුගගොල්ලේ විමලසාර හිමියන්ට විහාරාධිකාරීත්වය පවරමින්, දායක සභාවද ඒකරාශීකර ගනිමින් සියලු කාර්යයන්හි අනුශාසකත්වය උන්වහන්සේ ලබා දුන්හ. විහාරාංග අලුත්වැඩියා කරමින්ද නව විහාර කර්මාන්තයෙහි නියැළෙමින්ද නව ධර්ම ශාලාව , බෝධි ප්‍රාකාරය , රන්වැට, ධාතුමන්දිරය ඉදිකර ඇත. බෝධි ප්‍රාකාරය ඉදිකිරීම ජයලංකා අධිපති ඩබ්ලිව්. ඒ සුනිල් මහතා ලබා දී ඇත. ප්‍රදේශවාසීන් කුසලයෙහි උනන්දු කරවමින්ද විහාරවාසී භික්ෂූන් වහන්සේ මහත් මෙහෙවරක් ඉටු කරති.

විහාරස්ථානය ඇසුරෙහි නිතිපතා, සතිපතා සහ මාසිකව සංවිධානය කෙරෙන පින්කම් බොහෝ දෙනා සදහම් ඇසුරට නැඹුරු කිරීමට පිටිවහලක්ව තිබේ. දානමය පින්කම්, ධර්මදේශනා, ශීල සමාදාන සහ භාවනා වැඩසටහන් මඟින් වැඩිහිටියන්ට මෙන්ම බාල හා තරුණ පිරිසටද සැලසෙත සෙත අතිමහත්ය. උඩගම, ඡාපාවත්ත, උඩගමකන්ද, ඉන්දාවිට, සිංහපුරජන උදානගම පිල්ලෑව නැක්සාඋඩ හා පහළ ජනපද රේන්ද පොල, වරකාපිටිය ඇතුළු ගම් රැසක් ජනතාව මෙම විහාරයේ ඇසුර ලබමින් නොයෙක් සමාජීය කටයුතුවලදී ද ඉදිරිපත්ව ක්‍රියා කරති. සංඝමිත්තා කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථ සමිති සමාගම්, දායක සභාව, දහම් පාසල ඒ බවට සැපයිය හැකි එක් නිදසුනකි. මෙම වසරේ අගෝස්තු 17 පිළිම වහන්සේ වැඩම කරවීම පෙරහර හා රන්වැට විවෘත කිරීම උත්සවය නිකිණි පෝය දින පැවැත්විණි. අගෝස්තු 22 දිනට නා හිමියන්ට වසර 33ක් සපිරීම නිමිත්තෙන් පුරා දින 07ක් අටවිසි බෝධි පූජා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබිණි.

 

    වප් පුර පසළොස්වක පෝය

 වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදා අපරභාග 01.25 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 09.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22

Full Moonඅමාවක

ඔක්තෝබර් 30

First Quarterපුර අටවක

නොවැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]