UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාවට මිහින්තලා මහසෑය අබියස දී සෑම පසළොස්වක පෝදාකම කප්රුක් පූජා මහා පින්කමක්

ඌර්ණ රෝම ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත කප්රුක් පූජා කිරීමේ පින්කමක් සෑම පුර පසළොස්වක පෝදාකම සිදු කිරීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරනු ලැබේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සෑම පුරපසළොස්වක පෝදාකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් එම කප්රුක් පූජා පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී ජූලි 8 වනදා සිට 16 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මය

2016 ජූලි 08 දින සිට 16 දක්වා පානදුර නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වැනි උපසම්පදා මහා විනය කර්මයයි. මෙම අවස්ථාවේ අප ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රථම උපසම්පදාව සිදු වූ අයුරු ද කෙටියෙන් හෝ විමසා බැලීම රාමඤ්ඤ මහා නිකායික නවක මධ්‍යම ථෙර සියලු භික්ෂූන් වහන්සේලාට තම අනන්‍යතාව හා තම භික්ෂු ජීවිතය ප්‍රත්‍යාවේක්ෂණය කර පත් ඇවතට ද ප්‍රතිකර්ම කර ශික්ෂාකාමී භික්ෂුවක් වීමට පෙළඹවීමක් ද වනු ඇත.

ඉතිරිය»

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ පැවැත්වෙන ත්‍රිපිටක සද්ධර්ම සජ්ඣායනාව

උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතිකා කාරක මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ඕස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාසාභිධාන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2560 වෙනි සම්බුද්ධ තෙමඟුල සමරනු වස් 2016 මැයි මස 08 වෙනි දින සිට 2016 ජූලි මස 10 වෙනිදා තෙක් පුරා මාස දෙකක් තුළ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර දුක නිවීමට නම්...

පුහුදුන් මිනිසා විසින් සිදු කරනු ලබන දානාදී කුශල කර්මයක් පාරමිතාවක් බවට පත් වීමට නම් ඔහුගේ චිත්ත සන්තානය තණ්හා දිට්ඨි මානයන්ගෙන් තොර විය යුතු යි. ‘තණ්හා දිට්ඨි මානාදිහි අනුපහතා කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. දානං ච යුද්ධං ච සමානමාහු යන්න අප කවුරුත් අසා ඇති කීමකි. දානය පමණක් නොව කවර කුසල කර්මයක් වුවද සිදු කිරීමේ දී තමාගේ සිත ඉහත කී ක්ලේශයන්ගෙන් තොරව කළයුතු වේ.  මානය යනු මැනීමයි. පුහුදුන් පුද්ගලයා නිරතුරුව තමා නම් අනුන් හා සසඳා මැන බලයි. එමඟින් තමා අන්‍යයන්ට වඩා උසස් යැයි සතුටු වෙයි. තමා අන්‍යයන්ට සමාන නම් මැදහත් වෙයි. තමා අන්‍යයන්ට වඩා පහත් මට්ටමක නම් පසුතැවිල්ලට පත්වේ. මෙසේ මැන බැලීමේ දී ධනය, උගත්කම, රූපශෝභාව හා විවිධ හැකියාවන් මිනුම්දඬු වශයෙන් යොදා ගනී.

ඉතිරිය»

මිය යන අන්දම ඉගෙන ගන්න එවිට ජීවත්වන අන්දම ඉගෙන ගත හැකියි

වසර සිය ගණනකට පෙර මධ්‍ය කාලීන යුගයේ ලියන ලද මරණයේ ශිල්පය නම් ග්‍රන්ථයේ ලියා ඇති ජනතා ප්‍රකාශය අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත. එනම්, “මියයන අන්දම ඉගෙනගන්න. එවිට ඔබට ජීවත්වන අන්දම ඉගෙන ගත හැකිය. මිය යන අන්දම ඉගෙන නොගත් කිසිවකු ජීවත්වන අන්දම ඉගෙන ගන්නේ නැත” යන්නයි. මරණය පිළිබඳ අපගේ අවබෝධය සහ ජීවිතය සඳහා එහි ඇති සබඳතාව අප වටහාගත යුතුය. මරණයට මුහුණ දෙන්නේ කෙසේදැයි අපට ඉගෙන ගත හැකිනම් අපට ජීවිතය පිළිබඳ වඩාත්ම වැදගත් පාඩමක් ඉගෙන ගත හැකිය. අපට පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමට දැනුම අවශ්‍යයයි.

ඉතිරිය»

සිතුවම් සේයාරුව -ශාන් රූපස්සර

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]