UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ පැවැත්වෙන ත්‍රිපිටක සද්ධර්ම සජ්ඣායනාව

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ පැවැත්වෙන ත්‍රිපිටක සද්ධර්ම සජ්ඣායනාව

උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතිකා කාරක මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ඕස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාසාභිධාන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී බුද්ධ වර්ෂ 2560 වෙනි සම්බුද්ධ තෙමඟුල සමරනු වස් 2016 මැයි මස 08 වෙනි දින සිට 2016 ජූලි මස 10 වෙනිදා තෙක් පුරා මාස දෙකක් තුළ තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පැවැත්වේ.

මීට ඉහත දී 2006 හා 2011 වර්ෂවල දීද එම විහාරස්ථානයේ මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා දෙකක් පවත්වා තිබේ. එම අවස්ථා දෙකේ දී සහ මෙවර ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ සභාපතීත්වයෙන් ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්ෂු අභ්‍යාස ආයතනයේ සංවිධානත්වයෙන් සිදු කෙරෙන එම සුවිශේෂී ශාසනික කර්තව්‍ය සඳහා සිරි සුබෝධාරාම ශාසන සේවා සමිතිය, විහාරමහාදේවි කුළඟන සමිතිය, ශ්‍රී ඤාණාලංකාර සිංහල මාධ්‍යය, ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසල හා ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සෑම සංවිධානයක්ම පූර්ණ දායකත්වය දරති.

එම පින්කම හා සමගාමීව අදාළ කාලය තුළ දී, ත්‍රිපිටක ධර්මය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණ මාලාවක්, දිනපතා ප.ව. 5.00 සිට ප.ව. 6.00 තෙක් ධර්ම දේශනා මාලාව, දිනපතා ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා සිදු කෙරෙන අටවිසි බුද්ධ පූජා මාලාව, මධ්‍යම පළාත් විහාරස්ථාන සම්බන්ධ කරගෙන සිදු කෙරෙන කුල දරුවන් සසුන් ගත කිරීම, අමාවක හා පසළොස්වක පොහෝ දිනවල තරුණ හා වැඩිහිටි සීල සමාදාන වැඩසටහන්, සදහම් ගඟුල සත්වන වෙළුම එළිදැක්වීම (ධර්මානුශාසනා එකතුවකි), මධ්‍යම පළාත් පිරිවෙන් ආයතන 109 සඳහා පුස්තකාල පොත් ප්‍රදානය කිරීම, මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීම (ජූලි මස 07 වන දින පෙරවරුවේ.), ලේ දන්දීමේ පොරොන්දු පත්‍ර ලබාදීමේ පින්කම (ජූලි මස 09 දින පෙ.ව. 08.30 සිට ප.ව. 3.00 දක්වා), ඇස් හා පටක දන්දීමේ පින්කම (ජූලි මස 09 දින පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා, දරුසම්පත් බලාපොරොත්තුවන මව්වරුන් 300කට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගය හා ආශිර්වාද පින්කම, (ජූලි මස 10 දින ප.ව. 3.00 ට), පඤ්චශතාධික මහාසංඝරත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම (ජූලි මස 10 දින දවල්, නෙළුම් මල් දස දහසේ සම්බුද්ධ පූජාව (ජූලි මස 10 දින ප.ව. 5.00 ට) ආදී මහා පින්කම් මාලාවක් ද සිදු කෙරේ.

එම ඓතිහාසික පින්කම් මාලාවේ සමාප්ති පුණ්‍ය මහෝත්සවය තෛ‍්‍රනිකායික ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 09 වන දින පස්වරු 2.00 ට පේරාදෙණිය සිරි සුබෝධාරාම මහා විහාරයේ දී සිදු කිරීමට නියමිතය.

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]