UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ අකුරැටියේ නන්දසාර අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. එහිදී අකුරැටියේ නන්දසාර අනුස්මරණ පුස්තකාලයේ සමරු ඵලකය ජනාධිපතිතුමා විසින් නිරාවරණය සඳහා පැමිණි අවස්ථාව සහ එය නිරාවරණය කළ මොහොත සේයාරූවලින් දැක්වේ. විද්‍යාලෝක පරිවේනාධිපති ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් සහ දිවියාගහ යසස්සි නාහිමියන් එහිදී අනුශාසනා පැවැත්වූ අතර එම අවස්ථාවට අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමි, ආචාර්ය බළංගොඩ සෝභිත නා හිමි, ප්‍රමුඛ මහා සංඝරත්නයද දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහත්වරුන්ද මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් ද එක් වූහ.

 

ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාවට මිහින්තලා මහසෑය අබියස දී සෑම පසළොස්වක පෝදාකම කප්රුක් පූජා මහා පින්කමක්

ඌර්ණ රෝම ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත කප්රුක් පූජා කිරීමේ පින්කමක් සෑම පුර පසළොස්වක පෝදාකම සිදු කිරීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරනු ලැබේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සෑම පුරපසළොස්වක පෝදාකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් එම කප්රුක් පූජා පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]