UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ අවසන් දිනය වූ ජූනි 22 වනදා එය විවෘත කරන ලද්දේ අනුරාධපුර මහදිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා සහ අතිරේක දිසාපතිවරුන් වන එල්.ජී. මදනායක හා සමන් බන්දුසේන මහත්වරු අතිනි. එම අවස්ථාවට මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මිහින්තලේ පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක, ලංකා විදුලිබල මණ්ඩලයේ උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියසිරි ගුණසිංහ, ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න, නාරද සුමනරත්න, එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, මහජන සම්බන්ධතා හා ප්‍රචාරක කළමනාකාර ශාන්ත ජයමහ, මෙහෙයුම් හා සුබසාධන කළමනාකාර ඩබ්ලිව්. අයි. පේ‍්‍රමරත්න මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සර්වඥ ධාතූන් වහන්සේට පුෂ්පෝපහාර දක්වමින්...

පාකිස්තානයේ ගන්ධාර දේශයෙන් පසුගිය මස මෙරටට වැඩම කළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙරට විවිධ ප්‍රදේශයන්හි ප්‍රදර්ශනයෙන් පසු නැවත පාකිස්තාන මහ කොමසාරිස් තුමන් වෙත භාරදීම අරලියගහමන්දිරියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිදුවිය. එම සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් කරඬුවක් පූජා කරන ලදී. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාකිස්තාන නියෝජිතයකු සමඟ සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ ලියකියවිලි හුවමාරු කරගත් අවස්ථාවද සේයාරූවලින් දැක්වේ. ඡායාරූප - ශාන් රඹුක්වැල්ල

කැලණිය රජ මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්බිත නාහිමියන් එහිදී අනුශාසනාවක් සිදුකළ අවස්ථාව. අමැතිවරුන් වන සරත් ෆොන්සේකා, රුවන් විජයවර්ධන මහත්වරු ද මෙහි වෙති.

අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් අනුරාධපුර පොසොන් සති පිරිත් පින්කම පැවැත්විණි. එම සති පිරිත් පින්කමේ දොරකඩ අස්න දින දේවදූතයා ලෙස ඉදිරිපත් වූයේ නිර්මලා කුමාරි සහ වසන්ත කුමාර මහතාගේ පුත් කැබිතිගොල්ලෑව වාහල්කඩ හේමපාලි විදුහලේ ඩබ්ලිව්.කේ. හිරුෂ හේෂාන් ගුණසිංහ සහ පරිවාර දූතයන් ලෙස හිරුෂ කල්හාර පීරිස්, ප්‍රභාත් ලක්ෂාන්, මියුසර දනේෂ බණ්ඩාර, කවිෂ විදුරංග තිලකරත්න යන දරුවන් සමඟ ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රධාන සඟරුවන සමඟ මෙහි වෙති. හිදෝගම සමූහ. චිත්‍රාරත්න කළු ආරච්චි

දිගාමඩුල්ල රණවිරු මහ සෑය ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් පොදුජන ආධාරයෙන් අම්පාර නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාම මහා විහාරස්ථ ධර්මාශෝක ධර්මායතන පිරිවෙන් පරිශ්‍රය තුළ විහාරාධිපති නාමල්ඔය විද්‍යාලයේ ආචාර්ය ගම්පහ නාරද හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිවිය. ඉකුත් 20 වනදා කොත්වහන්සේ නිරාවරණය කිරීම ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතාගේ සුරතින් සිදුවිය. ආචාර්ය කිරිඳිවැල සෝමරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, නැගෙනහිර හමුදා ආඥාපති මේජර් ජෙනරාල් උදයංග වීරරත්න, හා 24 වන බලසේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ. ජේ.ඩී. ලයනල් ප්‍රේමසිරි ඉඟිනියාගල සමූහ.

යටිනුවර දෙහිගම වෙහෙරගල පුරාන රජමහා විහාරයේ විහාරාධිපති මඩුගල්ලේ සාරාලංකාර හා විහාරාධිකාරී නාපාන සුමනසාර හිමිවරුන්ගේ ශිෂ්‍ය කොටියාගල සුමංගල පොඩි හාමුදුරුවෝ ඉකුත්දා (11) මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබූහ. ඒ නිමිත්තෙන් පැවැත් වූ පිළිගැනීමේ් උත්සවයට පෙරහරකින් උන්වහන්සේ වැඩම කළ අයුරු.
ඡායාරූපය - උදේනි රාජපක්ෂ

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]