UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2016.07.04

ධාතුන් වහන්සේ වන්දනාව


ශාරිරික, පාරිභෝගික සහ උද්දේසික වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙත වන්දනා කිරීම බෞද්ධයාගේ සිරිතය. විහාරාරාම ඇතුළු පූජනීය ස්ථානයකදී පළමුව වන්දනා කරනුයේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ වෙතය. එම ශාරීරික ධාතුන් වහන්සේ නිදන් කර ඉදිකරවන ලද චෛත්‍යරාජයාණන් වහන්සේ වෙතද බුදුරජාණන් වහන්සේ පරිභෝග කරන ලද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රධාන අෂ්ඨඵලරුහ, දෙතිස්ඵලරුහ ආදී උන්වහන්සේලාගෙන් පැවත එන්නා වූ බෝධින් වහන්සේ උදෙසාද අනතුරුව විහාර මන්දිරයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසාද එසේ වන්දනා කිරීමට බෞද්ධ ජනතාව හුරු පුරුදුවී සිටිනුයේ අතීතයේ සිටය.

බුද්ධ වන්දනාවේ යෙදෙන සැදැහැවත් බෞද්ධයා තමන් ජීවමාන බුදුරදුන් වෙත වන්දනා කරන ගෞරවනීය අදහසින් තම තමන්ගේ හදවත් තුළින්ම බුද්ධ වන්දනාවේ යෙදෙනු ලැබේ. ශ්‍රද්ධාවත්,ගෞරවයත්,විශ්වාසයත් පෙරටු කර ගනිමින් එසේ වන්දනා කරන විට ආධ්‍යාත්මික වශයෙන් මහත් සැනසීමක් බෞද්ධයාට හිමිවේ. මහත් වූ චිත්ත ප්‍රසාදයක් නිරන්තරයෙන් හිමිවේ. කුසල ක්‍රියාවන්හි යෙදීමෙන් මහත් චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. බුද්ධ රත්නයේ පිහිටයි. නැතහොත් බුදුරජාණන් වහන්සේගේ සරණ හැර අන් සරණක් පිහිටක් නැතැයි බුදුරදුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන්නට ලැබීම මහත් භාග්‍යයකි. පින් සිතිවිලි උපදවන ක්‍රියාවකි.

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ දැක වැඳ පුදා ගනිමින් පහන් සිත් ඇතිකර ගැනීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය වෙනත් මඟකින් ලබාගත හැකි නොවේ.

නිදහසින් පසු එදා සිට මේ දක්වා පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති දැඩි මිත්‍ර සම්බන්ධතාව පාකිස්තානයේ සිට මෙරටට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කිරීමෙන් තවදුරටත් ශක්තිමත් වූ බව සඳහන් කළ යුතු වේ.

පාකිස්තානයේ අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ් මැතිතුමා මෙරටට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම සඳහා මෙරටට වැඩම කරවූහ. එසේ වැඩම කරවු සර්වඥ ධාතුන් වහන්සේලා මෙරට ජනතාවට දැක බලා ගනිමින් වන්දනාවට සැලැස්වීම මෙරට සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත්, ගෞරවයත් වර්ධනයට හේතු වූ බවද මෙහිලා සඳහන් කළ යුතුව ඇත. එබඳු වටිනා දුර්ලභ අවස්ථාවක් මෙරටට උදාවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාරුණික මාර්ගෝපදේශකත්වය නිසාය. එමෙන්ම මෙරට අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම ඉටු කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය තුමාද ඇතුළු එරට රජයටද කෘතවේදීව ස්තුතිය පිරිනැමිය යුතුව ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා දැක බලා ගනිමින් වන්දනා කිරීමට මාසයක් මෙරට සැදැහැවතුනට උදාවූ දුර්ලභ අවස්ථාවක් නිම කොට නැවත එරටට බාරදීම නිමිත්තෙන් ඉකුත් 26 වනදා අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පුණ්‍ය උත්සවයක් පැවැත්විණි. එම ධාතුන් වහන්සේලා තැන්පත් කිරීමට මෙරට සම්ප්‍රදායට අනුව අලංකාර කරඬුවක් දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසින් ලබාදී තිබූ අතර එම ධාතුන් වහන්සේලා නැවත පකිස්තානයට වැඩම කරවූයේ එම කරඬුවද සමඟය.

පාකිස්තානයේ සිට වැඩම කරවූ එම සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කළ පුණ්‍ය ශක්තියේ බලයෙන් දෙරට අතර ඇති සබඳතාවය තවත් ශක්තිමත්ව තහවුරු වේවායි පතමු.

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]