UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

462/3 බී, ගෝනහේන කඩවත යන ලිපිනයේ පදිංචි චිත්‍රා ක්‍රිෂ්ටීන් කරුණාරත්න මහත්මිය වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ මාලිගාවත්ත රෝහලේ වෛද්‍ය අනුර හේවා ගීගනගේ මහතා නිර්දේශ කර ඇති බව කියයි.

වකුගඩුව පරිත්‍යාග කරන අය ගැහැනු පිරිමි වයස අවුරුදු 40 ටත් 60 ටත් අතර අයකු විය යුතු අතර ඉහත ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් 011 2969358, 077 4232098, 072 1963265 යන දුරකථනයකට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


තුන්හවුල් දුව, නුගේතොට, ඇත්කඳුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 20ක් වන සුපුනි තාරකා වීරප්පෙරුම තරුණිය නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවත් ඇය මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහලේ රුධිර පෙරන ඒකකයේ ප්‍රතිකාර ලබන බවද කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් “ඕ” වර්ගයේ වකුගඩුවක් ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය මතයයි. “ඕ” වර්ගයේ වකුගඩුවක් පූජා කර ඇය සුවපත් කිරීමට කැමති පරිත්‍යාගශීලීහු වෙතොත් අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0728760423, 077 3212258


පන්නිපිටිය කලල්ගොඩ වීරමාවත පදිංචි 60 හැවිරිදි වයලට් සමරරත්න මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බැවින් ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලී අයෙකු වේ නම් පහත සඳහන් දුරකථන අංකවලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 071 9359124, 071 4819397, 077 6191008


ගාල්ල වක්වැල්ල ගිංතොට පාර පොල්ලිගොඩ ක්‍රසන්ට් හි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වන උක්වත්ත ලියනගේ සකුණ හංසජ පුතනුවන් වකුගඩු ආබාධයකින් පෙළෙන අතර ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට එම ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි පරිත්‍යාගශීලීන්ගේ සහාය පතන බව එම දරුවාගේ පියා පවසයි. 071 8135282 හෝ 077 0227624 දුරකථනයෙන් විස්තර දැනගත හැකි බවද කියයි.


පන්නිපිටිය, කලල්ගොඩ 29/7 ලිපිනයේ පදිංචි ජේ.පී. සෞම්‍යවතී මහත්මියට වකුගඩුවක් බද්ධ කරන ලෙස වෛද්‍ය නිර්දේශය වී ඇතැයිද එම රෝගියාට බද්ධ කිරීම සඳහා “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලී අයෙකුගෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද කියයි. පහත දුරකථන අංක වෙතින් වැඩි විස්තර දැන ගත හැකිය. 011 2 562 915, 072 9475 865

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]