UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෘත්‍ය ගීත දර්ශනයෙහි කිසිවිටෙකවත් මුසපත් නොවිය යුතුය

නෘත්‍ය ගීත දර්ශනයෙහි කිසිවිටෙකවත් මුසපත් නොවිය යුතුය

දියුණු කලාව රසවින්දනය නොකළ යුතු බවට බුදු දහම කිසිවිටෙකත් සඳහන් කර නැත. දියුණු කලා නිර්මාණ නොබැලිය යුතුය, කියා හෝ දියුණු කලා කෘති රසාස්වාදයට එපා කියා ,ඔබට තහනමක් පනවනවා නොවේ. ඔබ එහි වසඟයට පත් වූවකු වුවහොත් එහි දැඩි ලෙස ඇලුණු ලෝලියකු බවට පත් වුවහොත්,අන්තගාමීව මුසපත් වුවහොත් , ඔබගේ කාලය, ඔබගේ ධනය, ඔබගේ ආරක්ෂාව,අනිවාර්යයෙන්ම නැතිවී යාම ඔබ අත්විඳින බරපතළ අයහපත් තත්වයයි.

නෘත්‍ය ගීත දර්ශන ආදියෙහි ලෝලත්වයෙන් ඉවත් විය යුතුය. නමුත් ඔබ කිසි විටෙක දියුණු කලාව රසවින්දනය නොකළ යුතු බවට බුදු දහම කිසිවිටෙකත් සඳහන් කර නැත.

දියුණු කලා නිර්මාණ නොබැලිය යුතුය කියා හෝ දියුණු කලා කෘති රසාස්වාදයට එපා කියා ,ඔබට තහනමක් පනවනවා නොවේ. ඔබ එහි වසඟයට පත් වූවකු වුවහොත් එහි දැඩි ලෙස ඇලුණු ලෝලියකු බවට පත් ª වුවහොත්,අන්තගාමීව මුසපත් වුවහොත් , ඔබගේ කාලය ඔබගේ ධනය ඔබගේ ආරක්ෂාව,අනිවාර්යෙන්ම නැතිවී යාම ඔබ අත්විදින බරපතළ අයහපත් තත්වයයි.

ඔවුන් මේවායෙහි ලෝලිත්වයට ගියාට පසු ඔවුන්ගේ ජීවිතයේ වටිනා කාල ෙවිලාව නාස්තිවී යනවා පමණක් නොව ඔවුන්ගේ ප්‍රඥාව දියුණු වීමකින් තොරව, බුද්ධ්ය අවදිවීමකින් තොරව, ඔවුනගේ ආර්ථික ශක්තිය දියුණු වීමකින් තොරව ඔවුන් ගෙවපු කාලය පිළිබඳව ඔවුන් පසුකාලීනව පසු තැවිමට පෙළඹෙනවා. රෝමය වැනි විශාල අධිරාජ්‍යයන් කඩා වැටීමට ප්‍රධාන හේතුව වූයේ, රෝම අධිරාජ්‍යයේ මිනිසුන් දැඩි ලෙස සර්කස් ක්‍රීඩාව නැරඹීමට පෙළඹිලා සිටි නිසා දැන උගත් බුද්ධිමත් පිරිස රෝමයේ හමුදාවට එකතු වුණේ නැහැ. ම්ලේච්ඡ කණ්ඩායම්, නූගත් බලවේග පමණක් රෝමයේ ආරක්ෂාව සපයන කණ්ඩායම් වලට එකතු වුණා. එම නිසාම රෝම අධිරාජ්‍ය බිඳ වැට්ටවීමට ඉතාම සුළු කණ්ඩායම්වලට හැකියාව ලැබුණා. නච්ච ගීත විසුක දස්සනවල දැඩි ලෙස මුසපත් වූ විට, සහ ජාතියක් වශයෙන් එහි මුසපත් වීමට ගිය පසු මහා රාජ්‍ය බිඳවැටිම ද මිනිසුන්ගේ විනාශය ද ලඟා වෙයි.

පසුගිය කාලය තුළ තරුණ දියණිවරු දෙදෙනෙකුගේ ජීවිත රේල් පාර තුළ අහිමි වීමට හේතු වූයේද ඔවුන් රේල්පාර තුළ පයින් ඇවිදගෙන යමින් සිටිය අවස්ථාව තුළදීත් ජංගම දුරකතනයෙන් ගීතවලට සවන් දීගෙන යාම නිසයි. ඔබ ගීත ඇසිය යුතුයි. ඔබ හොඳ නවකතා කියවිය යුතුයි. ඔබ හොඳ නිර්මාණාත්මක නවකතා කියවිය යුතුයි. නමුත් එක වැඩක් පමණක් එක වේලාවක් තුළ කළ යුතු බව ඔබ අවබෝධ කරගත යුතුයි. ඇවිදගෙන යන ගමන් ඔබ ගීත ඇසීමට ගිය හොත් , පාඩම් කරන ගමන් ඔබ ගීත ඇසීමට ගියහොත්, පාඩම් කරන ගමන් ඔබ රූපවාහිනිය නැරඹීමට ගිය හොත්, ඔබගේ ජීවිතයේ අනෙකුත් කටයුතු සම්පූර්ණ අවුලකට පත් වේ. අපගේ මිනිස් මනස රාගය අවුස්සන දේවලට සාමාන්‍යයෙන් වැඩි කැමැත්තක් දක්වයි. ද්වේෂය අවුස්සන දෙයකට වැඩි අවධානයක් යොමු කරයි. ඔබව මුසපත් කරන දේවලට ඔබ වැඩි අවධානයකින් සිටිය යුතුයි. ඉගෙන ගැනීම අප බලහත්කාරයෙන් මනසට පුහුණු කරවන්න වෙලා තියෙනවා. එනිසා ඔබගේ මනස ආසාවෙන් මුසපත් කරවන අරමුණු සමඟ ඔබගේ වේලාව වෙන්කිරීම නොකළ යුතුයි. ඒත් ඔබ රසාස්වාදනයට යහපත් නිවැරැදි කලා නිර්මාණවල රස විඳීමට ගිහියකු වන ඔබට කිසිදු බාධාවක් නැත. ගිහියකු වන ඔබගේ චෛතසිකය කළමනාකරණය කරගැනීමට දියුණු සංගීතය උදවු කරනවා.

දියුණු නවකතා ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍ය, ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය සාහිත්‍ය, ඉංග්‍රිසි සාහිත්‍ය , ලංකාව තුළ බිහිවුණ සම්භාවනීය, උසස් කෘති ඔබගේ බුද්ධ්ය තව තවත් පුළුල් කිරීමට උපකාර වෙයි. ඔබ එවැනි නිර්මාණ කියවා බලා රසවිඳිය යුතුයි. ඒත් ඒ කිසිවක ඔබ මුසපත් නොවිය යුත්තේ එයින් ඔබගේ මනස වෙනත් දිශාවකට අවදි වන්නට පටන් ගත හැකි බැවිනි. ඔබ එය පාලනයකින් තොරව, යමිකිසි ආකාරයක ඉවසීමකින් යුතුව, පරිහරණය කරනා අංගයක් විය යුතුය. නෘත්‍ය ගීත සමඟ මුසපත් වන්න එපා කියා මිස ඒවා කිසිසේත් නෑසිය යුතු බවට බුදුපියාණන් වහන්සේ වදාරා නැත. පංචසිකගේ වීණා වාදනය බුදුපියාණන් වහන්සේ් අසාගෙන සිටි අතර් උග්ගසේනගේ කරනම් දර්ශනය ද බුදුපියාණන් වහන්සේ බලා ඇතත් ඒවායෙහි මුසපත් වූයේ නැහැ. බුද්ධ ශ්‍රාවකයන්ට බුදුපියාණන් වහන්සේ අවධාරණය කරනු ලැබුවේද මුසපත් නොවිය යුතු බවටයි. ඒවා නැතිව සිටීමට බැරි අයවලුන් බවට පත්වන්න එපා යනුවෙන්ද, ජීවිතයේ එකම අරමුණ එය බවට පත්කර නොගත යුතු ය යන්නයි. බුදු දහම තුළ ඔබට උපදෙස් දෙනු ලබනුයේ එය පමණයි. එනිසා මෙම කාරණා ,ඔබ ඉතාම බුද්ධිමත්ව තේරුම් අරගෙන ඉතාම, ප්‍රඥාවන්තව අවබෝධ කොටගෙන ඔබගේ ජීවිතය වාසනාවන්ත කරගන්න. ජීවිතය ලස්සන කරගන්න අධිෂ්ඨාන කරගතයුතුය.

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]