UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය - 01

අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය

14 - අභ්‍යාසය

1)බුද්ධ කාලීන භාරතීය ඉතිහාසය පිළිබඳ තොරතුරු ත්‍රිපිටක සාහිත්‍ය හා ඉන්දීය ඉතිහාස ග්‍රන්ථ යන මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වේ. මෙම මූලාශ්‍රවලට අනුව අතීතයේ භාරතය හඳුන්වා ඇත්තේ,

1. සීලයිදීප නමිනි
2.සෙරන්ඩිබ් නමිනි
3.තැප්‍රොබේන් නමිනි
4.තම්බපණ්නී නමිනි
5. ජම්බුදීප නමිනි

2) අශෝක අධිරාජ්‍යයා විසින් විවිධ ස්ථානයන්හි ගිරි ලිපි, ටැම් ලිපි, ආදිය පිහිටුවා මිනිසුන් දැනුවත් කළහ. ඥාතීන්ට හරසර දැක්වීම, මහණ බමුණන්ට ගරු කිරීම , දෙමාපියන්ට කීකරුව විසීම ස ඳහා උපදෙස් දී පිහිටුවනු ලැබූ ලිපිය වනුයේ,

1. ගිර්නාර් අංක – 3 ලිපියයි
2. ගිර්නාර් අංක – 4 ලිපියයි
3. මෞලි ලිපියයි
4. රූපනාත් ලිපියයි
5. ගිර්නාර් අංක – 5ලිපියයි

3)අශෝක අධිරාජ්‍යයා රාජාභිශේඛයෙන් අවුරුදු 20දී ශාක්‍යමුණි බුදුරදුන් ලොව පහළ වූ ස්ථානයට පැමිණ වන්දනා කළ බවත් එය සිහිවීම සඳහා ගල්ටැඹක් පිහිට වූ බවත් වංශකතා සාහිත්‍යයේ සඳහන් වේ. මෙම සිද්ධීන්ට පාදක වූ ස්ථානය නම්

1. බුද්ධගයාවයි
2.ඉසිපතනයයි
3.උරුවෙල් දනව්වයි
4.උපවර්තන සල් උයනයි
5.ලුම්බිනියයි

4) අශෝක අධිරාජ්‍යයා අභිෂේකයෙන් දසවන අවුරුද්දේ සම්බෝධයට ගිය බව අටවන සෙල්ලිපියේ විස්තර කරයි. මෙහි දැක්වෙන සම්බෝධිය යනු,

1. ශ්‍රී මහා බෝධියයි
2.උපවත්තන සල් උයනයි
3. ජේතවනාරාමයයි
4. වේලුවන උයනයි
5. ආනන්ද බෝධියයි

5) අශෝක රජුගේ අගබිසවක වූ “තිස්සරක්ඛා” අශෝක රජු සමඟ විරුද්ධ වීමට බලපෑ මූලික හේතුවක් සේ සැලකෙන්නේ,

1. තෙවන සංගායනාවට දායකත්වය සැපයීමයි
2. ධර්ම දුත ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමයි
3.මාලිගාවට ලැබෙන රන් රිදී ආදිය අන්‍යාගමික ශ්‍රමණයන්ට පිදීමයි.
4. මාලිගාවට ලැබෙන රන් රිදී ආදිය ශ්‍රී මහා බෝධියට පිදීමයි
5.ගිරි ලිපි ටැම්ලිපි ආදිය පිහිටුවීමයි

6) සිව්පසයෙන් උපස්ථාන කරන ගිහි ජනතාව වෙනුවෙන් ධර්ම දානයෙන් ප්‍රතිඋපකාර කළ යුතුය. යන බුද්ධාවවාදය ඇතුළත් දේශනා පාඨය වනුයේ,

1. “යේ ධම්මා හේතුප්පභවා”
2. “අලං ආවුසෝ මා සෝවිත්ත”
3.”යෝ බෝ ආනන්ද මයා ධම්මෝව“
4. “නන්ද මයං ආවුසෝ ධම්මංව විනයංච”
5.”ගිහින මුප කරොණ්තානං”

(7) උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් විසින් විනය ශික්ෂා පද 227 ආරක්ෂා කළ යුතු අතර එයින්ද ගරුකතම ශික්ෂා පද සංඛ්‍යාව වන්නේ

1. 6කි 2. 7කි 3. 8කි 4. 5කි 5. 4කි

(8) උපසම්පදා භික්ෂුවක් මෙන්ම උපසපන් භික්ෂුණීන්ද විනය ශික්ෂා පද ආරක්ෂා කළ යුතුයි යන්න බුද්ධ නිගමනය විය. උපසපන් භික්ෂූණීන් විසින් ආරක්ෂා කළ යුතු ශික්ෂා පද සංඛාව වන්නේ,

1. 227කි 2. 296කි 3. 327කි 4. 321කි 5. 311කි

9) බුදුරදුන්ගේ දකුණු අකුධාතුව තැම්පත් කොට ඇති වට ප්‍රමාණය අඩි 194ක් හා උස අඩි 63ක් වන ථූපාරාම ස්තූපය ලක්දිව බුදුදහම පිහිටුවීමෙන් පසු ඉදි කරනු ලැබූ ප්‍රථම ස්තූපයයි. මෙම අසහාය ස්තූපය නිමවා සැදැහැවතුන්ගේ වන්දනාවට ලක් කරන ලද්දේ

1. පළමු අග්බෝ රජුය
2. වළගම්බා රජුය
3, දෙවන පෑතිස් රජුය
4. දුටුගැමුණු රජුය
5. මහසෙන් රජුය

10) බුද්ධත්වය ලබා සත්සති ගත කොට සිටින බුදුරදුන්ට ගැල්වල භාණ්ඩ පුරවා වෙළෙදාමෙහි ගිය තපස්සු භල්ලුක වෙළෙඳ සොහොයුරන් උන්වහන්සේ දැක පැහැදී දානය ද පිළිගැන්වූහ. එය උන්වහන්සේගේ ප්‍රථම දානය නම් වේ. මෙම සොහොයුරන් උන් වහන්සේට දානය වශයෙන් පූජා කරනු ලැබුයේ,

1. සූකර මාංශයකි
2. විළඳ හා මී පිඬු දානයකි
3. ගව ආහාර දානයකි
4. පලතුරු දානයකි
5. නිර්මාංශික දානයකි

11) බුද්ධ ප්‍රතිමාවල දැක්වෙන මුද්‍රා අනුව අත්ල ඉදිරියට විහිදා දබරගිල්ලේ තුඩක මහපටගිල්ල මුදුනට තබාගෙන අනෙක් ඇඟිලි තුන ඔසවා ධර්ම දේශනා කරන විලාසය දැක්වීම හැඳින්වෙන්නේ,

1. විතර්ක මුද්‍රාව නමිනි
2. වරද මුද්‍රාව නමිනි
3. භූමි ස්පර්ශ මුද්‍රාව නමිනි
4. අභය මුද්‍රාව නමිනි
5. ධ්‍යාන මුද්‍රාව නමිනි

12) පුරාවෘත්තවල සඳහන්වන ආකාරයට දුටුගැමුණු රජතුමා විසින් භික්ෂූන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රහතන් වහන්සේලා අටනමක් දෙව්ලොවට වැඩම කොට “භරණී” නම් දෙවඟනගේ “රතන” නම් විමානය දැක එහි සැලැස්ම රජුට ගෙනවිත් දී ලක්දිව අසහාය ඉදිකිරීමක් කිරීමට උපදෙස් දුන්හ. එම ඉදිකිරීම නම්,

1. මිරිසවැටියයි
2. ලෝවාමහා පායයි
3. අභය ගිරියයි
4. ලංකා තිලකයයි
5. රුවන්වැලි සෑයයි

13) බුදුරදුන් අවබෝධ කරගත් නිර්මල ධර්මය ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාව වශයෙන් සඳහන් වන්නේ

1. ආදිත්‍ය පර්යාය සූත්‍රයයි
2. අනන්ත ලක්ඛන සූත්‍රයයි
3. දම්සක් පැවතුම් සූත්‍රයයි
4. රතන සූත්‍රයයි
5. මහා මංගල සූත්‍රයයි

14) බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමන වන මහියංගණයට වැඩම කරවීම බුද්ධත්වයෙන් නව මසකට පසු සිදු විය. උන්වහන්සේ මහියංගණයට වැඩම කරන ලද්දේ,

1. දුරුතු පොහෝ දිනකය
2. නවම් පොහෝ දිනකය
3. බිනර පොහෝ දිනකය
4. උඳුවප් පොහෝ දිනකය
5. ඇසළ පොහෝ දිනකය

15)මගදාධිපති බිම්බිසාර මහරජු බුදුරදුන්ගෙන් දහම් අසා මහත් සැදැහැ සිතින් බුදුසසුනට පූජා කළ ආරාමය ප්‍රථම ආරාම පූජාව සේ සැලකේ. එම ආරාමය නම්,

1. ඝෝෂිතාරාමයයි
2. කුක්කුටාරාමයයි
3. බදරිකාරාමයයි
4. වේලුවනාරාමයයි
5. පූර්වාරාමයයි

පිළිතුරු

1 – 5 6 – 5 11 – 1

2 – 4 7 – 4 12 – 2

3 – 5 8 – 5 13 – 3

4 – 1 9 – 3 14 – 1

5 – 4 10–2 15 – 2


පසුගිය සතියෙන්:  අ.පො.ස (උසස් පෙළ) විභාගය-2016: ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ටාචාරය - 01

 

  පොසොන් අමාවක පෝය

  පොසොන් අමාවක පෝය ජූලි 03 වන ඉරිදා අපර භාග 06.53 ට ලබයි. 4 වනදා සඳුදා පූර්ව භාග 04.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 04 වනදා සඳුදාය.

මීළඟ පෝය ජූලි 11 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19

Second Quarterඅව අටවක

ජූලි 26


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]