ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලොව පුරා විසිරී සිටින ථෙරවාද, මහායාන, වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදායයන් ඒකරාශි කරමින් එකමුතුව වැඩ කරන ශක්තිමත් සංවිධානයක් වශයෙන් පිහිටුවීම සඳහා ලෝක බෞද්ධ මහා සංඝ සම්මේලනය ආරම්භ කෙරෙන්නේ 1966 වසරේ ලංකාවේ දී ය. ඒ, කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමියන්ගේ සභාපතිත්වයෙනි. ලේකම් ධුරය හෙබවූයේ පිඹුරේ සෝරත නාහිමිපාණන් වහන්සේ ය. ලාංකේය බෞද්ධ ජනයා අමන්දානන්දයට පත් කරමින් ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර සැමරුම එළඹෙන නොවැම්බර් මස 28 දා සිට දෙසැම්බර් 02 දා දක්වා ශ්‍රී ලංකාවේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය. ලාංකේය බෞද්ධ උරුමය ලෝකයට ම ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී අවස්ථාවට රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂු, භික්ෂුණීන් වහන්සේ හා ගිහි නියෝජිතයන් 600කට ආසන්න පිරිසක් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය 500ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත ය. ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ වත්මන් මහ ලේකම් මාඉටිපේ විමලසාර මහ නා හිමියන් ය. උන්වහන්සේ පවසන්නේ ලෝකයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට නම්, පළමුව වැදගත් වන්නේ අනෝයන්‍ය අවබෝධය සහ ඒ තුළින් ගොඩනැඟෙන සුහදත්වය වන බව ය. “ලංකාව බෞද්ධ රටක් ලෙස ලෝකයේ අනෙක් බෞද්ධ රටවල භික්ෂූන් වහන්සේ අතර මුණගැසීම්, සාකච්ඡා කිරීම් අන්‍යොන්‍ය අවබෝධයට හරිම වැදගත්. මේ සම්මේලනය එයට හොඳ අවස්ථාවක්. අපට කොන්වෙලා ජීවත් වෙන්න බෑ. ලෝකයේ අනෙක් බෞද්ධ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෑ. මෙවැනි සම්මේලනයක් ලංකාවේ සංවිධානය කිරීම අසීරු කාර්යයක්. එය කිහිප අවස්ථාවක ම ප්‍රතික්ෂේප වුණා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, හොංකොං, තායිලන්තය, ජර්මනිය වගේ රටවල් තමයි මීට පෙර මේ සම්මේලනය පවත්වා තිබෙන්නේ. ලෝකයේ ම අවධානය දිනා ගන්නා මෙවැනි සම්මේලනයක් ලංකාවේ පැවැත්වීමට ලැබීම ම අප ලද මහා භාග්‍යයක්.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]