[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගෝනදෙණියේ කුසලඤාණ නාහිමියෝ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලබති

ගෝනදෙණියේ කුසලඤාණ නාහිමියෝ

ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවි ලබති

ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රැත මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක්ව වැඩ හිඳින ගා/උඩුගම උක්ඕවිට ආලෝක විහාරාධිපති, විශ්‍රාමලත් ගුරු උපදේශක, ස්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ සංඝ සභාවේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති ගෝනදෙණියේ කුසලඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1944.12.29 වන දින බෙන්තර කොට්ඨාච්චි සයිමන් හා සූරියාරච්චි කරලිනා යන මව්පියන්ට දාව බෙන්තර කොට්ඨාච්චි කරුණාදාස නමින් උපත ලබා ගෝනදෙණිය කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය.

1956 පෙබරවාරි මස 23 වැනි දින ගෝනදෙණිය ශ්‍රී සුමනරාම පුරාණ විහාරයේ දී දොරපේ කොණ්ඩඤ්ඤ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස පැවිදි භූමියට ඇතුළත් විය.

උගත මනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණ ව රාජ පූජිත මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටියහ.

උන්වහන්සේ 1975 සිට මොණරාගල මහානාම විද්‍යාලය, මාපලගම කනිටු විදුහල, යටලමත්ත මහා විද්‍යාලය, ගෝනදෙණිය කනිටු විදුහල යන විද්‍යාලයන්හි ආචාර්යවරයන් වහන්සේ නමක් ලෙස විශාල සේවයක් ඉටු කළ උන්වහන්සේ ගුරු උපදේශක හිමිනමක් ලෙස ද ක්‍රියා කළහ.

1965 සිට උක්ඕවිට ආලෝක විහාරයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් විහාර මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාසය, පැන් පොකුණු ආදියෙන් සමලංකෘත දර්ශනීය, රමණීය විහාරස්ථානයක් බවට පත් කළහ.

සිරි සංඝබෝධි දහම් පාසලේ දූ පුතුන් ගුණ නැණින් පිරිපුන් කරන්නට ද කරන මෙහෙය ප්‍රශංසනීයයි.

ස්‍යාමෝපාලි මහා විහාර වංශික ශ්‍රී රෝහණ සංඝ සභාව වෙතින් ගාලු පළාත් උප ප්‍රධාන සංඝනායක පදවිය ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් කරමින් ගෞරවයට පත් කළහ.

කලිකාල සාහිත්‍ය පණ්ඩිත, ඡ්‍යොතිර්විද්‍යාවේදී, ශාස්ත්‍රපති ගෝනදෙණියේ කුසලඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තුණුරුවන් සරණින් ශතවර්ශාධි කාලයක් ලෝ සසුන් දෙකට වැඩ වඩන්නට දිරිය ශක්තිය ලැබේවා!

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]