[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුජාතා සිටු දේවිය
කිරිපිඬු පූජා කිරීම

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

කහතුඩුව සෞඛ්‍ය සායනය නන්දනාරාමයේ දී 31 වනදා දවස පුරා

කහතුඩුව පරිසර මිතුරු හවුල සංවිධානය කරන සෞඛ්‍ය සායනය, ලේ දන්දීමේ පින්කම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන 31 වැනිදා පෙරවරු 8 සිට දවස පුරා කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ දී පැවැත්වේ. දේශීය වෛද්‍ය සායනය, දන්ත සායනය, ඇස් පරික්ෂා කිරීම හා ඇස් කන්නාඩි ලබාදීම ආදී සමාජ සත්කාරක වැඩසටහන් රැසක් රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වය ඇතිව එහිදී සිදු කෙරේ.

 

ධර්ම දේශනාව:

ආලෝකයෙන් ආලෝකයට යන්නා

චත්තාරෝ මෙ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා,ලෝකස්මිං කත මේ චත්තාරෝ,තමෝ තම පරායමෝ, තමෝ ජෝති පරායමෝ, ජෝති තම පරායමෝ ජෝති ජෝති පරායමෝ. සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය පිළිබඳ ව තමන් වහන්සේගේ ඤාණයෙන් ම අවබෝධ කරගෙන කෙනෙකුගේ දියුණුව හා පරිහානිය තම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් හැටියට සිදුවන වග දේශනා කොට වදාළ සේක. සෑම සත්වයා ම තවත් සත්වයෙකුගේ ජීවන පැවැත්මට කුමන අන්දමකින් හෝ උපකාරයක් වේ. සත්ව ලෝකයේ පමණක් නොව, භෞතික පරිසරයේ පවා අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ බවෙහි ප්‍රවණතාවය ද දක්නට පුළුවන.යම්කිසි ජීවයක් පවතින්නේ තවත් ජීවින් සිටියේ නම් පමණි. විශේෂයෙන් මානව සමාජයේ පැවැත්ම උදෙසා මිනිසා විසින් ම නිර්මාණය කළ භෞතික හා මානසික සම්පත් අපමණ වන අතර, ලොව්තුරා බුදු කෙනෙකුන් තරම් මානව සමාජයේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා ප්‍රතිෂ්ඨාපනය වූ කෙනෙකු තබා එයට සමීපවන කෙනෙකුවත් සොයා ගන්නට නොහැක. බෝධි සත්වයන් වහන්සේලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව එක ම අධිෂ්ඨානයෙන් සත්වයන්ට සේවය කිරීම සඳහා කල්ප ගණන් මානව සමාජයේ පමණක් නොව සෙසු ජීවින් අතර ද ඉපදී අපමණ දැනුම් සම්භාරයක් ලබා ගනිති. පෞද්ගලික වශයෙන් ජීවිත පුරුදු පුහුණු කර ගනිති.

 

මව්පිය සෙනෙහසක මහිමය

දරුවන් කෙරෙහි මව්පියන් තුළ ඇති සෙනෙහස අනන්ත ය. අප්‍රමාණ ය. අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විවිධ සූත්‍රානු සාරයෙන් ඒ පිළිබඳ විවරණය කොට ඇත. උන්වහන්සේ මව්පියනට දිය යුතු උසස් ම ගෞරවය , සම්මානය ලබා දුන්හ. “බ්‍රහ්මාති මාතා පිතරෝ” එයට හේතුව මව්පියන් ළඟ මහා බ්‍රහ්මයා සතු ගුණ හතරක් තිබීම ය. එනම් මෙත්තා, කරුණා, මුදිතා,උපෙක්ඛා නම් වේ. එම ගුණ ධර්ම පෙරදැරිව සෑම මව්පිය කෙනෙක් ම තම දරුවන් දෙස බලනු ඇත. සමාජයේ වෙනත් කිසිදු කෙනෙකුට එවැනි පදවියක් පිරිනමා නැත. මවක් සිය දරුවා දසමසක් කුසෙහි හොවා, මෙලොවට බිහිකොට, තම රුධිර ධාතුව කිරිකොට දරුවාට පොවා දරුවා ඇහැක් ලෙසින් ආරක්ෂා කරනු ඇත. පියෙක් උදේ හවා දෑත දෙපය කරගැට එනතුරු මහන්සි වී දාඩිය බිංදු දහස් ගණන් පොළවට වගුරා දරුවන් ලොකුමහත් කරන්නට, ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නට, ඔවුන්ගේ ලෝකය ගොඩ නගන්නට වෙහෙසෙනු ඇත. “ලෝකයේ ලස්සන දේ් බිහි වන්නේ මවගේ කිරිවලින් හා හිරුගේ රශ්මියෙන් බව “මැක්සිම් ගෝර්කි නම් පඬිවරයා පවසා ඇත. ඇත්තෙන් ම දූ දරුවන්ගේ ලෝකය හදන්නේ, ලස්සන කරන්නේ, ඒ ලෝකයට ආලෝකය ලබා දෙන්නේ මව්පියන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. එය සර්ව සාධාරණ චින්තනයකි.

 

ප්‍රාණඝාතය අල්ප ආයුෂයට හේතුවයි

පුද්ගලයා විසින් නොකළ යුතු කම්ම කිලේසා සතරක් පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබේ. දියුණුව සහ අභිවෘද්ධිය බලාපොරොත්තු වන පුද්ගලයකු විසින් ද, සමාජයෙහි දියුණුව හා අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන පුද්ගලයකු තුළ ද නොතිබිය යුතු පළමු කාරණය ලෙස ප්‍රාණඝාතය දක්වා ඇත.(පාණාතිපාතො ඛො ගහපති පුත්ත කම්ම කිලෙසො) පරපණ නැසීම යම් පුද්ගලයකුගේ චරිතයෙහි පවතී නම්, ඔහු පිරිහෙන පුද්ගලයකු බවට පත්වන අතර, සමාජය විසින් ඔහු නොසලකා හරිනු ලබයි. වීරයකු ලෙස නොසලකයි. පවුකාරයකු ලෙස සිතයි. දියුණු සෑම සමාජයකම ප්‍රාණඝාතය පවතින නිසා එය සිදුකිරීම දියුණුවෙහි ම එක් ප්‍රධාන ලක්ෂණයක් ලෙස සිතන ඇතැම් පිරිස් ද සිටිති. සම්මාදිට්ඨි සූත්‍රයේ පාණාතිපාතය අකුසලයක් ලෙස දක්වයි. එය දියුණුව බලාපොරොත්තු වන පුද්ගලයකු විසින් නොකළ යුත්තකි. මෙම අකුසලය විවිධ ය. සියතින්ම කළ හැකි ය. (සාහත්ථිකො) අණ දීමකින් වෙනත් අයකු ලවා කරවිය හැකි ය. (ආණත්තිකො) නිසර්ගික ප්‍රයෝගයෙන් කළ හැකි ය. (නිස්සග්ගියො) ස්ථාවර ප්‍රයෝගයකින් කළ හැකි ය. (ථාවරො) විද්‍යාමය ප්‍රයෝගයකින් කළ හැකි ය. (විජ්ජාමයො) සෘද්ධි ප්‍රාතිහාර්යමය ප්‍රයෝගයකින් කළ හැකි ය. (ඉද්ධිමයො) මේ ආකාරයෙන් විවිධ පුද්ගලයන් විසින් විවිධ ක්‍රම අනුගමනය කරමින් ප්‍රාණඝාතයෙහි නියැළෙයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]