[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ආලෝකයෙන් ආලෝකයට යන්නා

චත්තාරෝ මෙ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා
ලෝකස්මිං කත මේ චත්තාරෝ
තමෝ තම පරායමෝ, තමෝ ජෝති පරායමෝ
ජෝති තම පරායමෝ ජෝති ජෝති පරායමෝ

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මානව සමාජය පිළිබඳ ව තමන් වහන්සේගේ ඤාණයෙන් ම අවබෝධ කරගෙන කෙනෙකුගේ දියුණුව හා පරිහානිය තම ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් හැටියට සිදුවන වග දේශනා කොට වදාළ සේක. සෑම සත්වයා ම තවත් සත්වයෙකුගේ ජීවන පැවැත්මට කුමන අන්දමකින් හෝ උපකාරයක් වේ. සත්ව ලෝකයේ පමණක් නොව, භෞතික පරිසරයේ පවා අන්‍යොන්‍ය ප්‍රතිබද්ධ බවෙහි ප්‍රවණතාවය ද දක්නට පුළුවන.යම්කිසි ජීවයක් පවතින්නේ තවත් ජීවින් සිටියේ නම් පමණි. විශේෂයෙන් මානව සමාජයේ පැවැත්ම උදෙසා මිනිසා විසින් ම නිර්මාණය කළ භෞතික හා මානසික සම්පත් අපමණ වන අතර, ලොව්තුරා බුදු කෙනෙකුන් තරම් මානව සමාජයේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා ප්‍රතිෂ්ඨාපනය වූ කෙනෙකු තබා එයට සමීපවන කෙනෙකුවත් සොයා ගන්නට නොහැක. බෝධි සත්වයන් වහන්සේලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව එක ම අධිෂ්ඨානයෙන් සත්වයන්ට සේවය කිරීම සඳහා කල්ප ගණන් මානව සමාජයේ පමණක් නොව සෙසු ජීවින් අතර ද ඉපදී අපමණ දැනුම් සම්භාරයක් ලබා ගනිති. පෞද්ගලික වශයෙන් ජීවිත පුරුදු පුහුණු කර ගනිති.


නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]