UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව ජනපති සහභාගිත්වයෙන් පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේදී...

ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ අධි පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉකුත් දා (29) පෙරවරුවේ කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 38 වන දම් සභාව මෙය වන අතර, පට්ඨාන ධර්ම සභාවේ අනුශාසක යක්කල බෝගමුව බෝධි ග්‍රාම භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමල්වත්ත විපස්සනා භාවනායතනාධිපති ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රවේදී කොරතොට වෙස්සභූ හිමියන් මෙවර ධර්ම දේශකයාණන් වහන්සේ වූහ. එදින පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය දොම්පේ ඉන්ද්‍රසිරි නා හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසීය.

ඉතිරිය»

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමාවහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කිරීම 6 දා සිට

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ කොළඹ සිට මිහින්තලා පුදබිම වෙත වැඩම කෙරෙන රිය පෙරහර ජුනි 06 වනදා පෙරවරු 10 ට ලේක්හවුස් මන්දිරය අබියසින් ආරම්භ කෙරේ. එම පෙරහර ජුනි 08 වනදා මිහින්තලා පුදබිම වෙත ළඟා වනු ඇත. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනයෙන් 2325 වන වසර සපිරීමත් මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව ජුනි 26,27,28 දිනවලදී මිහින්තලා පුදබිමේදී පැවැත්වීමක් නිමිත්තෙන් එම පූජෝපහාර පෙරහර පැවැත්වීමට සංවිධානය කර ඇත. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ලේක්හවුස් සේවක මහත්ම මහත්මීන් ගේ දායකත්වයෙන් සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු

“යමෙක් ද්වේෂ නොකරන, වරදක් නොකරන කෙනෙකුට අවැඩක් කරයි නම්, ඒ පාපය ආපසු තමන් කරා පැමිණෙයි. උඩුසුළඟට දැමු දූවිලිමෙන් පෙරළා ආපසු පැමිණේ.”  “අප්පදුට්ඨස්ස” යනු නිදොස් පුද්ගලයා ය. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අවැඩක් සිදුකරයි ද, එය ‘දොස්’ ලෙස හැඳින්වේ. තමන්ට හෝ අනුන්ට කරදර නොකර දැහැමෙන්, සෙමෙන් කල් යවන්නා නිදොස් පුද්ගලයා ය. ඔහුගේ ලක්ෂණ මැනවින් පෙනේ. පැවැත්ම යහපත් ය. යන එන ගමන බිමන් සන්සුන් ය. තුන්දොර පිරිසුදු ය. අනුන් කෙරේ මෙත් සිත පතුරයි. “සුද්ධස්ස” යනුවෙන් හඳුන්වයි. “අනංගනස්ස” කෙලෙස් නැති තැනැත්තා ය. සසර බැඳ තබන බැමිබිඳ දැමූ නිකෙලෙස් ඇත්තෙකි. එවැනි පිරිසුදු සිත් ඇති අයට දුස්සීල අයෙක් දොස් කීමෙන්....

ඉතිරිය»

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජූනි 15, 16, 17 සේරුවිල මංගල රාජමහා විහාරයේ දී

2018.06.03, 04, 05 උපසම්පදා අපේක්ෂක ස්වාමීන්වහන්සේලා සඳහා පුහුණුව දඹුල්ල අවුඩංගාව ශ්‍රී ධර්මවර්ධනාරාම පුරාණ විහාරයේ දී සිදු කෙරේ. ජුනි 05 වනදා පෙරවරු 6.00 ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ උදෙසා පවත්වන කිරි ආහාර පූජාව, 7.00 හීල දානය 8.00 අපවත් වී වදාළ මහානායක මාහිමිපාණන් වහන්සේලා සිහිගන්වමින් දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහානායක හිමිපාණන් වහන්සේගේ පිළිරුවට පූජෝපහාර දැක්වීම, 8.15 ශ්‍රී සුමේධංකර මහානාහිමි, සේරුවිල සරණකිත්ති අනුනාහිමි, සිහිගන්වමින් අභිනවයෙන් තනා නිම කළ ධර්ම මන්දිරය සඟ සතු කොට පූජා කිරීම. 8.20 උත්සව සභාව 9.00 ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා සංඝ සභාව ආරම්භ කිරීම, 10.30 ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ උදෙසා පවත්වන දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, 11.00 දවල් සඟ සතු දානය, අනතුරුව 12.00 උපසම්පදා පුණ්‍ය කර්මය ආරම්භ කිරීම.

ඉතිරිය»

ළමයින් සමූහයක් ප්‍රසාදයට පත්වීම

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]