UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමාවහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කිරීම 6 දා සිට

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමාවහන්සේ මිහින්තලා පුදබිමට වැඩම කිරීම 6 දා සිට

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ කොළඹ සිට මිහින්තලා පුදබිම වෙත වැඩම කෙරෙන රිය පෙරහර ජුනි 06 වනදා පෙරවරු 10 ට ලේක්හවුස් මන්දිරය අබියසින් ආරම්භ කෙරේ. එම පෙරහර ජුනි 08 වනදා මිහින්තලා පුදබිම වෙත ළඟා වනු ඇත.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනයෙන් 2325 වන වසර සපිරීමත් මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව ජුනි 26,27,28 දිනවලදී මිහින්තලා පුදබිමේදී පැවැත්වීමක් නිමිත්තෙන් එම පූජෝපහාර පෙරහර පැවැත්වීමට සංවිධානය කර ඇත.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ලේක්හවුස් සේවක මහත්ම මහත්මීන් ගේ දායකත්වයෙන් සිදු කෙරේ.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව මිහින්තලා ධාතු මන්දිරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව ඉදිකෙරෙන ආරක්ෂිත පිත්තල වැට ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් නිර්මාණය කර ඇත.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සමඟ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ ද එම රිය පෙරහර මගින් වැඩම කරවනු ලැබේ.

ජනක එදිරිසිංහ මහතා සහ පවුලේ ඤාතීහු ඇතුළු නිශාන් ගුණසේකර . ශවින්ද්‍ර ඉන්දික ඩයස් , ධනුෂ්ක ජයසුන්දර, තිවංක ඒකරත්න, පණ්ඩුල ජයසුන්දර , රවින්ද්‍ර සමරකෝන් ,ටිරාන් ගලප්පත්ති, යසිත් පුංචිහේවා ,හේමාල් පණ්ඩිත සහ ශාන්තිලාල් රත්නසේකර යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් එම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර වැඩම කෙරේ.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ උදෙසා ලේක්හවුස් මන්දිරය අබියසදී ජුනි 6 වනදා පෙරවරු ආගමික වතාවත් සිදුකර මහසඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව රිය පෙරහර ආරම්භ වේ. පෙරවරු 10.30 සිට 12 දක්වා කැලණි රජ මහා විහාරයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත් පවත්වා පස්වරු 12.30 ට කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමයේදී කථිකාචාර්ය මාකොළ මංගල හිමියන්ගේ අනුශාසනයෙන්ද , පස්වරු 1.30 ට කඩවත ශ්‍රී බිම්බාරාමයේදී හූරියගස්වැවේ සද්ධාවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 2.30 ට පහළ ඉඹුල්ගොඩ විජේවර්ධන ශ්‍රී මහා විහාරයේදී තෝරපිටියේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පස්වරු 4.30 ට ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේදී තලංගල්ලේ සෝමසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද සවස 5.30 ට තුම්මෝදර සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගම්පහ මැදගම විහාරස්ථානයේදී ද පස්වරු 6.30 ට අමිතිරිගල රතනවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාරවත්ත ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙනේදී ද , රාත්‍රී 7.30 සිට පසුදා ( 07) පෙරවරු 8 දක්වා යක්කල වීදියවත්ත අරඹේගොඩැල්ල ශලීල දස්සනාරාමයේ දී ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ආගමික වතාවත් සිදු කෙරේ. එදින රාත්‍රී 8.30 ට අසිරිමත් සම්බුදු සිරිපතුල පිළිබඳ ධර්ම සාකච්ඡාවක් ගලිගමුවේ ඤාණදීප හිමියන් විසින් පවත්වනු ලැබේ.

7 වනදා පෙරවරු 8.30 ට උණවටුනේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ ත්‍රිපිටකෝදය මහ පිරිවෙනේදීද පෙරවරු 9.30 ට සීතාඑළියේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මීරිගම ශාසනවර්ධන පිරිවෙනේදීද, පෙරවරු 10.30 ට වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මිරිහානේ ධම්මපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගිරිඋල්ල මැද්දේපොල රාජමහා විහාරය (මැද්දේපොල ශ්‍රී බෝධිරාජාරාමයේදීද) පෙරවරු 11.30 නාරංගල සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි දඹදෙණිය රාජමහා විහාරයේදීද, පස්වරු 1.45 දඹදෙණිය විවිධසේවා සමූපකාර සමිතිය අබියසදීද , පස්වරු 3.30 බුලිපිටිගම නන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුරුණෑගල බමුණාවෙල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරයේදීද, එදින පස්වරු 6 සිට පසුදා (8) පෙරවරු 8 දක්වා කුරුණෑගල ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුරුණෑගල කොහිලපොකුණ විහාරයේදීද , ආගමික වතාවත් සිදු කෙරේ. 7 වනදා රාත්‍රී 7 ට උඩුදුම්බර සෝභිත හිමියන්ගේ දහම් දෙසුමක් එම කොහිලපොකුණ විහාරයේදී පැවැත්වේ.

8 වනදා පෙරවරු 8.30 ට කඩිහාරේ පේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාරියපොල ශී‍්‍ර විසුද්ධාරාමයේදීද , 9.15 ට දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති කටුමළුවේ සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පාදෙණිය පුරාණ විහාරයේදීද දවල් 11 ට නිට්ටඹුවේ ධම්මරාම හිමියන්ගේ අනුශාසනා පරිදි අඹන්පොල උඩගොඩ ශී‍්‍ර බෝධිරාජාරාමයේදීද පස්වරු 1.30 ට සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැදගම මහගල්කඩවල ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේදීද, පස්වරු 3.30 නිකුල සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි තලාව ශ්‍රී අරනන්තන කාලවාපී පුරාණ විහාරයේදීද සවස 4.30ට කලා ඔය තඹුත්තේගම ශ්‍රී ගංගාරාම බෞද්ධ මධ්‍යස්ථානයේදී පදියතලාවේ සීවලී හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ආගමික වතාවත් සිදුකර සවස 5 අටමස්ථානය වෙතද සවස 7.30 මිහින්තලේ පුදබිමේ මැදමළුව දක්වාද එම රිය පෙරහර ගමන් කරනු ලැබේ.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]