UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

සන්නිපාත ශාලාව

වර්තමානයේ රැස්වීම් ශාලාවක ස්වරූප ගත්, පුරාණ ලංකාවේ භික්ෂූන් වහන්සේ ජීවත් වූ ආරාමයන් හි කටයුතු සංවිධානය හා භික්ෂු ජීවිතයට අදාළ පොදු කරුණු සාකච්ඡා කිරීම උදෙසාත්, ධර්ම දේශනා වැනි කටයුතුවලට සංඝයා වහන්සේ එක් වූ ස්ථානය සන්නිපාත ශාලාව නම් විය.ඒ ආකාරයෙන් රැස්වන විට මුලසුන හොබවන්නේ ආරාමයෙහි අධිපති හිමියන් ය. මිහින්තලාවේ සෑගිරි විහාරයේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ එකල හැඳින්වූයේ ‘නකා බලන හිමි’ ලෙසිනුයි. එනම් නිකාය පාලනය කරන තෙරුන් වහන්සේ හෙවත් ආරාමාධිපති වහන්සේයි.සෑගිරි විහාරයේ හෙවත්, මිහින්තලා විහාරයේ මැද එනම් සන්නිපාත ශාලාව පිහිටියේ කාහටත් පහසුවෙන් ළඟාවිය හැකි භූමිභාගයක විය යුතුය. ඒ අවට ඇති ලෙන් කුටි හා ප්‍රාසාද ගණයේ ගොඩනැගිලිවලින් මේ බව වඩාත් පැහැදිලි වේ. කාමර වශයෙන් කිසිවක් දක්නට නොමැති, එක පැත්තක් අඩි 63ක් පමණ වන සමචතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකි. එම විවෘත ගොඩනැගිල්ලේ වහල දරා සිටියේ එහි ඇති ගල් කණුවලිනි. ගල්කණු 64ක් පමණ එම ගොඩනැගිල්ලේ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ආරාමාධිපතින් වහන්සේගේ ආසනය ශාලාව මැද පිහිටා ඇති සන්නිපාත ගොඩනැගිල්ලේ දිශා සතරට දොරටු සතරකි.

ඉතිරිය»

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]