[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සුවහස් බොදු දන සුවහස් බොදු දන සැදැහෙන් නමදින සෙංකඩගලපුර දළදා පෙරහර

ව්‍යවහාර වර්ෂ 1592 දී පළමු වන විමලධර්මසුරිය (1592-1604) රජතුමා ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්ලය සෙංකඩගල පුරයෙහි ද පවත්වාගෙන ආ බව සලකා ගත හැකි ය. පෘතුගීසීන් උඩරටින් පන්නා දමා උඩරට සිංහල රාජධානිය ආරම්භ කළ පළමුවන විමලධර්මසූරිය රජතුමා තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා එතෙක් දෙල්ගමුව රජමහ වෙහෙරෙහි කුරහන් ගල් කරඬුවෙහි සඟවා තිබූ දළදා වහන්සේ මහ පෙරහරින් මහනුවරට වැඩම වූ බව මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. සවණ දා වහන්සේලා කොහි වැඩ සිටින්නාහු වේදැයි විචාරන ලදුව ලබුජගාම විහාර (දෙල්ගමු වෙහෙර) යයි අසා අතිශය ප්‍රමුදීත වූයේ සපරගමු රට දෙල්ගමු විහාරයෙන් දන්ත ධාතූන් වහන්සේ වැඩමවා ගෙනැවුත් දිනපතා වන්දනාමාන කිරීමට ද (වත්පිළිවෙත් කිරීමට ද) හේසප්‍රාඥ වූ රජතෙමේ රාජ ගෘහාසන්නයෙහි මනා වූ ප්‍රවර භූමිභාගයෙක්හි චිත්තාකර්ෂණය කරන සුළු ද්විභූමික ධාතු මන්දිරයක් කරවා එහි දාඨා ධාතු ස්ථාපනය කොට අනවරතයෙන් ම සාදරව පූජා කළේ ය......” මහාවංශයේ සඳහන් මෙම කරුණු මගින් පැහිදිලි වන්නේ පළමුවන විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ විෂයයෙහි සෙසු පුද සිරිත් සමග දළදා පෙරහර දළදා වහන්සේට පූජෝපහාරය පිණිස පැවැත් වූ බවයි. දෙවන රාජසිංහ (1635-1687) රජු දවස රොබට් නොක්ස් දුටු පෙරහරේ ඉදිරියෙන් කපුරාල කෙනකු පටපිළියෙන් ඔතා සරසන ලද ලීයක් කර තබා ගෙන, මුඛවාඩම් බැඳ හස්තියකු පිට නැඟි වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත්, විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් ද, නැට්ටුවෝ ද, මේ පෙරහරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහර දෙවියන්ට කැප වූවක් බව පෙනේ. නොක්ස් පවසන්නේ ඇසළ පෙරහර දේව පූජෝත්සවයක් බවයි.දෙපස එල්ලෙන මිණි ගෙඩි සහිත අලි ඇතුන් හතළිස් ගණනක් පෙරහරේ ගමන් කරන බවත් පෙර රජ දවස සිටි යෝධයන් හා සමාන ව සැරසුනු නළුවන් ද ගමන් කරන බවත්, බෙර දවුල් තම්මැට්ටම් සමුද්‍ර ඝෝෂාවට සමාන අයුරින් වාදනය කරන බවත්, නැට්ටුවන්ට අමතරව කළගෙඩි සෙල්ලම් කරන ස්ත්‍රීන් ද දුටු බවත් නොක්ස් සිය විස්තරයේ සඳහන් කරයි.


නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]