[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක පෝ දා 2025-08-08

ප්‍රත්‍යවේක්ෂණය

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන් වහන්සේට අවවාද අනුශාසනා ලබා දීම සඳහා දේසිත සූත්‍රයකි. ගිහි - පැවිදි සියලු දෙනාගේ ම ජීවිතය සුවපත් කර ගත හැකි මෙහි එන සදූපදේශ තුළ සිත - කය - වචනය යන ත්‍රිවිධ ද්වාරය සංවර කරගත යුතු ආකාරය පිළිබඳ අපූර්ව විවරණයක් ඉදිරිපත් කරයි.

අප බොහෝ දෙනා ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නේත්, සමාජයේ අන්‍යයන් දුක් කරදරවලට ඇද දමන්නේත් තිදොර හික්මවාගත නොහැකි වූ තැන ය. පාප කර්ම, අකුසල රැස් කර ගනිමින් මේ ජීවිතයේත් දුකට පැමිණ, පරලොව ද පරිහානියට පැමිණෙන්නේ තමන් කරන කියන දෙය, සිතන පතන දෙය තුළ ඇති යහපත් - අයහපත් බව, හිත අහිත බව ගැන ප්‍රත්‍යවේක්ෂණය නොකිරීම නිසා ය. එනම් නැවත නැවත සිතා නොබැලීම, සලකා නොබැලීම නිසා ය. ‘පනින්න පෙර සිතා බලන්න’ යන කියමන ජන වහරට එක් වන්නේ ද මෙසේ තමන් කරන කියන දෙය තමන්ටත්, අනුන්ටත් කරන බලපෑම මහත් වන බැවිනි.

මෙම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ එක් තැනෙක රාහුල හිමියන් අමතා දේශනා කොට වදාළේ යම් ක්‍රියාවක් කරන්නට තමන් කැමැති වන්නේ, එහි ප්‍රතිඵලය තමන්ට පීඩා පිණිස පවතින්නේ ද, අනුන්ට පීඩා පිණිස පවතින්නේ ද, තමන්ටත්, අනුන්ටත් පීඩා පිණිස පවතින්නේ ද, එම ක්‍රියාව අකුසල් සහිත ද, අවසානය දුක උරුම කරන්නේ ද, අයහපත් විපාක ගෙන දෙන්නේ ද යනුවෙන් නැවත නැවත සිතා බැලිය යුතු බව ය. යම් හෙයකින් එසේ තමන්ට, අනුන්ට, දෙපිරිසට ම අනර්ථවත්, අහිතවන, දුක් විපාක ගෙන දෙන අකුසල ක්‍රියාවන්ගෙන් ඒකාන්තයෙන් දුරස් විය යුතු බව ය.

කුඩා දරුවකුට වුව ද දුක් කරදර, කම්කොටොලුවලින් තොරව ජීවිතය ගොඩනඟා ගන්නට මේ දෙන සදූපදේශ මොන තරම් සරල ද? මොන තරම් අපූර්ව ලෙස ජීවිතයට ප්‍රායෝගික කර ගත හැකි ද? එහෙත් බොහෝ දෙනකුට මඟ හැරෙන්නේ ද මේ පනින්නට පෙර සිතා බැලීමේ පුරුද්දය. මේ නිසා ම ඇතිවන කළකිරීම් නිසා ජීවිතයෙන් ම වන්දි ගෙවන්නට සැරසෙන අය මොනතරම් සිටිනවා ද? ධර්මය ජීවිතයට ප්‍රායෝගික කරගත යුතු බව කීවද බොහෝ දෙනකුට එය සිහිපත් වන්නේ වැරදුණ පසුව ය. අස්වයා ගියාට පසු ඉස්තාලය වසා පල නැත. එම නිසා මේ සදූපදේශ එදිනෙදා ජීවිතයට ගලපා ගන්නට අප්‍රමාදි විය යුතු ය. වැරැදීම්, පැරැදීම් වුව ද එහිම නොගිලී, නොතැවී වැරදුණූ තැනින් නැඟී සිට මේ මොහොතේ සිට ජීවිතය නිවැරැදි කර ගන්නට උත්සාහ කරනවා නම් එය දෙලොව ම දිනන මඟකි.

කරන දේ මෙන් ම කියන වචනය ද, සිතන සිතිවිල්ල පිළිබඳව ද මෙලෙස නැවත නැවත සිතා අනර්ථය බැහැර අර්ථවත්ව භාවිත කරනවා නම්, ඒ ආලෝකය වෙත ගමන් කිරීමකි. බෞද්ධයා ගමන් කරන්නේ ඒ මඟ ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]