ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2025 අගෝස්තු 08 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
එදිනෙදා ජීවත්වන සෑම පුද්ගලයකුටම අවශ්‍ය කරන්නේ කායික හා මානසික සුවතාව සමබරව පවත්වාගෙන යමින් ජීවත් වන්නේ කෙසේද යන කාරණාවයි. විවිධාකාර සමාජ රටාවන් පුද්ගලයන් තුළ ඉස්මතු වෙමින් පවතින සමාජයක එසේ කටයුතු කිරීම තරමක් අපහසු කාර්යයකි. බුදු දහම සැම විටම පුද්ගලයාගේ මෙලොව හා පරලොව දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කරුණු පෙන්වා දෙන දහමක් ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව පුද්ගල මනසේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සපයන සූත්‍රයක් ලෙස කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දිය හැකි ය. එහි කොටස් දෙකකින් කරුණු පෙන්වා දෙන අතර, මුල් කොටසින් පුද්ගල ජීවිතය හා බැඳුණු ප්‍රධාන කරුණු 14ක් අවධාරණය කෙරෙයි. 1. දක්ෂකම (සක්කො) 2. අවංකකම ( උජු, සූජු) 3.කීකරු කම ( සුවචො) 4. මුදුමොළොක් බව ( මුදු) 5. අතිමානී නොවීම (අනතිමානී) 6. සෑහීමකට පත්වීම (සන්තුස්ස) 7. පහසුවෙන් යැපීම (සුභරත) 8.අප්පකිච්චොච ( කාර්යබහුල නොවීම) 9. සරල ජීවිතය (සල්ලහුකවුත්ති) 10. ඉන්ද්‍රිය දමනය ( සන්තින්ද්‍රිය) 11. නුවණැති බව (නිපකෝ) 12. සීලාචාරකම (අප්පගබ්බො) 13. පවුල් සමඟ මනා සබඳකම් (කුලෙසු අනනුගිද්ධො) 14. සුළු වරදක්වත් නොකිරීම ( න ච ඛුද්ධං සමාචරේ) පුද්ගල දියුණුව අපේක්ෂා කරන තැනැත්තා විසින් කායික වාචසික හා මානසික හැසිරීම සිදු කළ යුත්තේ ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමිනි. එදිනෙදා ජීවිතයට අතිශයින් වැදගත් වන මුලින් සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා පිළිපැදීම සෑම කෙනකු විසින් ම සිදු කළ යුතු ය. ඒ සියල්ලෙහි හික්මීමත් සමඟ අවසානයේ කියවෙන ‘න ච ඛුද්ධං සමාචරෙ කිංචියෙන විඤ්ඤුපරේ උපවදෙය්‍යුං යනුවෙන් කියවෙන නුවණැති අය විසින් දොස් නඟන ඉතා සුළු වරදක්වත් නොකළ යුතු වන්නේ ය යන කාරණාව අතිශයින් වැදගත් වේ. අපගේ වැරැදිවලට දොස් නඟන අය යනුවෙන් අදහස් වන්නේ මවුපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, හිතමිතුරන් හා පැවිදි උතුමන් ය. මේ අය නිරන්තරයෙන් අවවාද, අනුශාසනා කරන්නේ කෙනකුගේ යහපත වෙනුවෙනි. සැරෙන් තරවටු කළත් එය කරන්නේ අප යහමඟට ගත යුතු ය යන කරුණාබර සිතිනි. ඒ අනුව පුද්ගල සංවර්ධනය උදෙසා ඉහත කරුණු සියල්ල අතිශයින් වැදගත් වේ.
අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ. 08 සිකුරාදා සිල්
පසළොස්වක
අගෝස්තු 08
අව අටවක
අගෝස්තු 16
අමාවක
අගෝස්තු 22
පුර අටවක
අගෝස්තු 31
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]