[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහම් අධ්‍යාපනය ඔපවත් කළ ගිරාඹේ මංගල මහ නාහිමි

දහම් අධ්‍යාපනය ඔපවත් කළ ගිරාඹේ මංගල මහ නාහිමි

ගල්ඔය නිම්න සංවර්ධන යෝජනා ක්‍රමයේ , තම ගුරු හිමියන් වූ මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ට 1974 දී ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයේ සේවක සුබ සාධක සමාජ ශාලා ගොඩනැඟිල්ල ඉඩම හිටපු නියෝජ්‍ය අමාත්‍ය දිවංගත සෙනරත් සෝමරතන මහතා ලබාදීමෙන් අනතුරුව තරුණ ශිෂ්‍ය ගිරාඹේ මංගල හිමියන්ට එය පැවරිණි.

උන්වහන්සේ විසින් එම ස්ථානය ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානය දක්වා සංවර්ධනය කෙරිණි. දූරදර්ශී මංගල හිමියෝ 1974 අගෝස්තුවේ දී ගැමුණුපුර පරම ධර්මෝදය දහම් පාසල ස්ථාපිත කළහ. එම සමාජ ශාලා ගොඩනැඟිල්ලේ කොටසක් තම ආවාසය කරගත් අතර ඉතිරි කොටස දහම් පාසල පවත්වාගෙන යාමට තීරණය වුණි. දුෂ්කරතා රාශියක් මධ්‍යයේ වුව ද දහම් පාසලේ ඉගැන්වීමේ කාර්යය අඛණ්ඩ ව සිදුකෙරිණි . එහි ඉගෙනුම ලබන දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරනු පිණිස 1995 වසරේ සිට ශ්‍රී ප්‍රඥාසාර සමගි පදනම පිහිටුවා විශ්වවිද්‍යාලයට තේරි පත්වන දරුවන්ට රු:10000 ක ශිෂ්‍යත්වයක් උන්වහන්සේ විසින් පිරිනැමීමට කටයුතු ආරම්භ කළහ.

එම විහාරස්ථානයෙන් දහම් අධ්‍යාපනය ලැබූ පිරිස අද රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළතනතුරු, ගණකාධිකාරිවරු ,ගුරුවරු ,වෛද්‍යවරු ආදි ක්ෂේත්‍ර ගණනාවක ම නිරත වෙමින් රටට සේවය සපයමින් සිටිති.

2025 අගෝස්තු තුන්වෙනි දින පරම ධර්මෝදය දහම්පාසලට 50 වසරක් සපිරිණි. එදිනට 75 වැනි ජන්ම දිනය පසු කරන උඩරට සාමාග්‍රී සංඝ සභාවේ මහානායක ගිරාඹේ මංගල මහානායක ස්වාමින් වහන්සේට තම ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පවත්වා ගෙන යාමට දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 08 සිකුරාදා අ.භා. 02.10 පුර පසළොස්වක ලබා 09 සෙනසුරාදා අ.භා 01.02න් ගෙවේ.
08 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 08 

Second Quarterඅව අටවක

අගෝස්තු 16 

Full Moonඅමාවක

අගෝස්තු 22

First Quarterපුර අටවක

අගෝස්තු 31   

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]