ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් අමාවක පෝදා 2025 මැයි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ථූපාරාම සෑ රදුන් වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
මැයි 26 සඳුදා අ.භා 12.14 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ. 26 සඳුදා සිල්
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අසංඛ්‍යෙය කල්ප විස්සකට පෙර මහසයුර මැද මුහුදුබත් වූ නෞකාවකින් සයුරු දියට වට මවු කර තබා ගෙන - පරක්තෙරක් නොපෙනෙන සයුරේ රළපෙළ හා පොර බදමින් මවගේ දිවි රකින්නට පිහිනා ගිය ඒ තරුණ පුතුගේ වීරත්වය, නොපසුබස්නා බව, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙනා උත්සාහවන්ත බව එක් අයෙක් දුටුවා. බුද්ධත්වයෙහි ඇති අතිශය දුර්ලභ බව එවෙලෙහි සිතමින් සිටි ඔහු අනාගාමී බ්‍රහ්මරාජයෙක්. මේ සා පරාක්‍රමයෙන් යුතු උතුම් මිනිසා ලෝ සත දුක්ඛිත සසර සයුරින් එතෙරට පමුණුවන සම්මා සම්බුද්ධත්වය පිණිස අත්‍යන්තයෙන් ම සුදුසු බව බ්‍රහ්මරාජයා දැන ගත්තා. දියෙහි ගිලෙමින් සිටි ඒ පුතු ‘මා කෙසේ හෝ මවු රැකගෙන ගොඩබිමට යා යුත්තේ ම ය’ යි දැඩි වීර්යයෙන් දිය බිඳගෙන උඩට මතු වූ මොහොතේ දීමයි ඒ අනාගාමී බ්‍රහ්මරාජයා ‘මම සම්බුදු බව ලබා සසර සයුරෙන් එතෙරට පිහිනා අන් අය ද එතෙර කරවමි.’ යන ශ්‍රේෂ්ඨ අදහස තරුණ පුතුගේ සිතෙහි ඉපැදවූයේ. සත් දිනක් මවු කර තබා පිහිනූ ඒ පුතු මවත් සමඟ ම ගොඩබිමට පැමිණුනා. “අදරැති පුත, මා බේරා ගත් සෙයින් තෙපි අන් ලෝසත ද මේ සසර දුකින් මුදවාලවයි“ කියා මවට ද කියවුණා. ඒ තමයි බුද්ධාංකුරයන් වහන්සේගේ පහළ වීම. \මෙයින් සාරසංඛ්‍යෙය කල්පයකුත් ලක්ෂයකට පෙර දීපංකර සම්මා සම්බුදු රජුන්ගේ සිරිපා කමල අබියස දී මතු “ගෞතම” නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයෙහි අභිෂේක ලබන්නට නියත විවරණ ලැබීමෙන් පසුවයි ඒ බෝසතාණන් වහන්සේ බුද්ධකාරක ධර්මයන් පූරණය කරන්නට වූයේ, අහසේ තරු පරයා ඇස් දන් දුන්, සයුරු දිය පරයා ලේ දන් දුන්, රට රාජ්‍යයන් එමතුදු නොව අඹු දරුවන් පවා දන් දුන්, දන් දීමට අන් යමක් නැත්තේ නම්, දානය පිණිස තම මාංශය ඉල්ලන්නේ නම්, සම්මා සම්බුද්ධත්වය පළමුකොට දිවි දෙවැනි කොට ඒ උදාර අදිටන වෙනුවෙන් හිස්, මස්, ලේ දන් දුන්, ඒ බෝසතාණන් වහන්සේ ගුණයෙන්, නුවණින් වැඩෙමින් පිනෙන් මෝරා යමින් දුක්ඛිත සසරේ සැරිසරා ආ අයුරු ජාතක පාලිය තුළ අපට යම් තරමකින් හෝ ස්පර්ශ වෙනවා.
බෞද්ධයකු වීමට අවශ්‍ය කැරෙනැ මූලික මැ සුදුසුකම නම් ති - සරණැ සරණ ගත වීම මැ බව සත්‍යයයෙකි. බෞද්ධයා යනු කවරෙක් ද යන වග කියා දෙනැ සාහිත්‍ය යැයි විග්‍රහ කර කියා දෙන්නේ, “බුද්ධස්ස භාවෝ බෞද්ධං” ලෙසට යැ, හෙවත් අවබෝධයේ පිහිටී ම මැ බෞද්ධකමය යි ලෙස යැ. ඒ බෞද්ධකම සහතික කැරැ ගැනීම සඳහා “ආකාරවතී සද්ධා” මනෝභාවයෙන් සැදී හෙවත් ඇත්ත ඇති සැටියෙන් ම දක්නා පිළිගැනීමෙහි පිහිටා, වාග් ද්වාරයෙනුදු, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. යි පවසා තෙසරණැ සරණ ගත වීම යි කළැ යුතු ය. මෙහි පැනෙනැ ‘ගච්ඡාමි’ (යමි) යන උත්තම පුරුෂ, ඒකවචන, වර්තමාන කාල, කර්තෘකාරක ආඛ්‍යාතයයෙහි පූර්ණ අධිකාරිත්වය ඇත්තේ ‘මට යැ. ඒ නිසා ඒ සරණ යෑමෙහි අධ්‍යහාර කර්තෘවරයා ‘මම’ යැ. ඒ අධිකාරිත්වයට අනුගත වැ, තෙ - සරණැ සරණ ගතවීම කළ හැකි ක්‍රම විධි හතරෙකි. එ නම්, * පණිපාත සරණාගමනය වැඳුම් - පිදුම් මතින් පමණක් සරණ ගත වීම * සිස්සභාවෝපගත සරණාගමනය තමා හික්මෙනා තැනැ පිහිටා සරණ ගත වීම. * තප්පරායනතා සරණාගමනය සරණ තම පණ ලෙස සලකා සරණ ගත වීම. * ආත්මසන්නීයාතන ජීවිත පරියෝසාන සරණාගමනය. තම ජීවිතය දෙවැනි තැනැ ලා සරණ ගත වීම ලෙස යැ. මේ සතරාකාර ක්‍රමෝපායයන් අතරින්, කවර ක්‍රමෝපායයෙකින් වුව සරණැ ගත වනුයේ, බුදු සරණ ය, දම් සරණය, සඟ සරණ ය. ඒ මිස අනෙක් සරණයෙක් නොවේ. එසේ ම සංඛ්‍යාත්මක වැ. තෙ - සරණයෙහි පිහිටීමෙන් සරණ බිඳීමෙකුදු සිදු නොවේ. මක් නිසාද යත්, මෙකී බුද්ධ, ධම්ම, සංඝ යනැ තෙ සරණයෙහි අනුපූරක ඒකාබද්ධතාවෙක් ඇතියෙනි. ඒ එසේ නමුත්, බුද්ධ, ධම්ම, සංඝ යනු කවරේ දැ යි දැනැ ගැනීම බෞද්ධයකු වීමට වුවමනා කැරෙනැ මූලික මැ සාධකයෙකි. වුවමනාවෙකි. ඒ මූලික සාධකය සපුරාගත් කලැ තෙ - සරණය දැනැ ගැනීම, තෙ - සරණය සරණ ගතවීම සඵලදායක මැ යැ. ඒ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයෙහි මූලික මැ දොරටුව සේ මැ ඒකීය මැ දොරටුව නිසා අපි ඒ තෙ සරණය මොනවා දැ? යි විමසා බලමු.
“මානසං උස්සන්නත්තාය මනුස්සා” යන දේශනාවට අනුව මිනිසා අනෙක් සත්ත්වයින්ට වඩා මනසින් උසස් වේ. විධිමත් ජීවන රටාවකට හුරු වී තම කාර්යයන් සිතා විමසා ඉටු කර ගත හැකිවීම තුළින් මිනිසා අනෙක් සත්ත්වයින්ගෙන් වෙනස් වේ. ඒ අනුව විධිමත් පුරුදු සමුදායකින් මිනිසා පෝෂණය වී සිටීම හඳුනාගත හැකි ය. විවිධ පුද්ගලයන් විවිධ පුරුදුවලට හුරු වී සිටින අතර, ඇතැම් පුද්ගලයන් හොඳ පුරුදුවලටත් ඇතැමුන් නරක පුරුදුවලටත් යොමු වී සිටි. හොඳ හා නරක පුරුදුවලට ඇබ්බැහි වීම හා එම පුරුදුවලින් ඉවත් වීම අනුව පුද්ගල වර්ග හතරක් සමාජයෙහි දැකිය හැකි ය. එනම්, * තමන් තුළ නො පැවති අයහපත් පුරුදු ජීවිතයට එකතු කර ගන්නා පුද්ගලයා * තමන් තුළ පවතින අයහපත් පුරුදු වර්ධනය කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා * තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා * තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා මෙම සිව්දෙනා අතුරින් තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා හා තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා යන දෙදෙනා හොඳ පුරුදු ඇති කර ගැනීම අතින් ප්‍රසංසනීය වන අතර, අනෙක් දෙදෙනා පරිහානියට පත්වන දෙදෙනකු වශයෙන් පෙන්වා දිය හැක. ඒ අනුව හොඳ පුරුදු ඇති කරගැනීමට උත්සාහවත් වන අයකු වශයෙන් ඔබටත් අලුත් දෑ කියවීම තම ජීවිතයට හොඳ පුරුදු එකතු කර ගැනීම සඳහා උපකාරයක් වේ. මෙහි දී ප්‍රථමයෙන් හොඳ පුරුදු යනු මොනවාද යන්න පැහැදිලි කර ගැනීම වැදගත් වේ. දෙමාපියන්ට කීකරු වීම, වැඩිහිටියන්ට ගරු කිරීම, කලණ මිතුරන් ඇසුරු කිරීම, අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කිරීම, උදෑසන අවදි වීම, නියමිත වේලාවට නියමිත වැඩ කිරීම, ශරීරය පවිත්‍ර ව තබා ගැනීම, නිවැරැදි ව තමාට අයත් වගකීම් ඉටු කිරීම, රාජකාරීමය කටයුතු මැනවින් ඉටු කිරීම, අවංක වීම, වංචා නො කිරීම, අන්‍යයන්ට ගරු කිරීම, අන්‍ය මත ඉවසීම, හොඳ වචන කතා කිරීම, පිරිසිදු වස්ත්‍ර දැරීම යන කරුණු යහපත් ක්‍රියාවන් වන අතර, එම ක්‍රියාවන් දිගින් දිගට ම පවත්වා ගෙන යාම “හොඳ පුරුදු” ලෙස පෙන්වා දිය හැක.
“ධම්මයාත්රා” ඉංගි්රසි ත්‍රිපිටක පොත් බෙදා දීමේ පුණ්යාත්සවය
සඳමෙත් අරණට දාන ශාලාවක්
රිල්පොල රාහුල හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම්ලබති
පැන විසඳුම්
ඉතිරිය»
සියදිවි නසා ගැනීම බරපතළ පාපයකි
ප්‍රඥාවට ගෝචර වූ සදාතනිකසැපය
මෙලොව දී ම දකින දේවදූතයෝ
අප්රමාදී ව ධර්මය සිහි කරන්න
විල්ගම් වෙහෙර පුදබිම වරුණ
දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික ගෙඩිගේ විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]