[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

පුණ්‍යානුභාවය සමඟ මුසු වූ මහා වීරත්වයේ අසිරිය

අසංඛ්‍යෙය කල්ප විස්සකට පෙර මහසයුර මැද මුහුදුබත් වූ නෞකාවකින් සයුරු දියට වට මවු කර තබා ගෙන - පරක්තෙරක් නොපෙනෙන සයුරේ රළපෙළ හා පොර බදමින් මවගේ දිවි රකින්නට පිහිනා ගිය ඒ තරුණ පුතුගේ වීරත්වය, නොපසුබස්නා බව, ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙනා උත්සාහවන්ත බව එක් අයෙක් දුටුවා. බුද්ධත්වයෙහි ඇති අතිශය දුර්ලභ බව එවෙලෙහි සිතමින් සිටි ඔහු අනාගාමී බ්‍රහ්මරාජයෙක්. මේ සා පරාක්‍රමයෙන් යුතු උතුම් මිනිසා ලෝ සත දුක්ඛිත සසර සයුරින් එතෙරට පමුණුවන සම්මා සම්බුද්ධත්වය පිණිස අත්‍යන්තයෙන් ම සුදුසු බව බ්‍රහ්මරාජයා දැන ගත්තා. දියෙහි ගිලෙමින් සිටි ඒ පුතු ‘මා කෙසේ හෝ මවු රැකගෙන ගොඩබිමට යා යුත්තේ ම ය’ යි දැඩි වීර්යයෙන් දිය බිඳගෙන උඩට මතු වූ මොහොතේ දීමයි ඒ අනාගාමී බ්‍රහ්මරාජයා ‘මම සම්බුදු බව ලබා සසර සයුරෙන් එතෙරට පිහිනා අන් අය ද එතෙර කරවමි.’ යන ශ්‍රේෂ්ඨ අදහස තරුණ පුතුගේ සිතෙහි ඉපැදවූයේ. සත් දිනක් මවු කර තබා පිහිනූ ඒ පුතු මවත් සමඟ ම ගොඩබිමට පැමිණුනා. “අදරැති පුත, මා බේරා ගත් සෙයින් තෙපි අන් ලෝසත ද මේ සසර දුකින් මුදවාලවයි“ කියා මවට ද කියවුණා. ඒ තමයි බුද්ධාංකුරයන් වහන්සේගේ පහළ වීම. \මෙයින් සාරසංඛ්‍යෙය කල්පයකුත් ලක්ෂයකට පෙර දීපංකර සම්මා සම්බුදු රජුන්ගේ සිරිපා කමල අබියස දී මතු “ගෞතම” නමින් සම්මා සම්බුද්ධ රාජ්‍යයෙහි අභිෂේක ලබන්නට නියත විවරණ ලැබීමෙන් පසුවයි ඒ බෝසතාණන් වහන්සේ බුද්ධකාරක ධර්මයන් පූරණය කරන්නට වූයේ, අහසේ තරු පරයා ඇස් දන් දුන්, සයුරු දිය පරයා ලේ දන් දුන්, රට රාජ්‍යයන් එමතුදු නොව අඹු දරුවන් පවා දන් දුන්, දන් දීමට අන් යමක් නැත්තේ නම්, දානය පිණිස තම මාංශය ඉල්ලන්නේ නම්, සම්මා සම්බුද්ධත්වය පළමුකොට දිවි දෙවැනි කොට ඒ උදාර අදිටන වෙනුවෙන් හිස්, මස්, ලේ දන් දුන්, ඒ බෝසතාණන් වහන්සේ ගුණයෙන්, නුවණින් වැඩෙමින් පිනෙන් මෝරා යමින් දුක්ඛිත සසරේ සැරිසරා ආ අයුරු ජාතක පාලිය තුළ අපට යම් තරමකින් හෝ ස්පර්ශ වෙනවා.


වෙසක් අමාවක

මැයි 26 සඳුදා අ.භා 12.14
 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ.
26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 26

First Quarterපුර අටවක

ජුනි 03 

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]