ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් අමාවක පෝදා 2025 මැයි 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
“මානසං උස්සන්නත්තාය මනුස්සා” යන දේශනාවට අනුව මිනිසා අනෙක් සත්ත්වයින්ට වඩා මනසින් උසස් වේ. විධිමත් ජීවන රටාවකට හුරු වී තම කාර්යයන් සිතා විමසා ඉටු කර ගත හැකිවීම තුළින් මිනිසා අනෙක් සත්ත්වයින්ගෙන් වෙනස් වේ. ඒ අනුව විධිමත් පුරුදු සමුදායකින් මිනිසා පෝෂණය වී සිටීම හඳුනාගත හැකි ය. විවිධ පුද්ගලයන් විවිධ පුරුදුවලට හුරු වී සිටින අතර, ඇතැම් පුද්ගලයන් හොඳ පුරුදුවලටත් ඇතැමුන් නරක පුරුදුවලටත් යොමු වී සිටි. හොඳ හා නරක පුරුදුවලට ඇබ්බැහි වීම හා එම පුරුදුවලින් ඉවත් වීම අනුව පුද්ගල වර්ග හතරක් සමාජයෙහි දැකිය හැකි ය. එනම්, * තමන් තුළ නො පැවති අයහපත් පුරුදු ජීවිතයට එකතු කර ගන්නා පුද්ගලයා * තමන් තුළ පවතින අයහපත් පුරුදු වර්ධනය කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා * තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා * තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා මෙම සිව්දෙනා අතුරින් තමන් තුළ නො පැවති යහපත් පුරුදු ඇති කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා හා තමන් තුළ තිබෙන හොඳ පුරුදු දියුණු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයා යන දෙදෙනා හොඳ පුරුදු ඇති කර ගැනීම අතින් ප්‍රසංසනීය වන අතර, අනෙක් දෙදෙනා පරිහානියට පත්වන දෙදෙනකු වශයෙන් පෙන්වා දිය හැක. ඒ අනුව හොඳ පුරුදු ඇති කරගැනීමට උත්සාහවත් වන අයකු වශයෙන් ඔබටත් අලුත් දෑ කියවීම තම ජීවිතයට හොඳ පුරුදු එකතු කර ගැනීම සඳහා උපකාරයක් වේ.
මැයි 26 සඳුදා අ.භා 12.14 අමාවක ලබා 27 අඟහරුවාදා පූ.භා 08.35න් ගෙවේ. 26 සඳුදා සිල්
අමාවක
මැයි 26
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]