[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ත්‍රිකුණාමලය ආනන්දගම තිස්ස රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ.
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 

වියානා බොදු සමුළුව මේ මස 12 වැනිදා

ප්‍රථම වරට පවත්වනු ලබන වියානා බෞද්ධ සමුළුව මේ මස 12 වැනිදා සිට 14 වෙනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී පැවැත්වේ. යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය විසින් පවත්වනු ලබන මෙවර සමුළුවට රටවල් රැසකින් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ සහභාගි වෙති. ශ්‍රී ලංකා රජයේද විශේෂ අනුග්‍රහයක් යටතේ මෙරට භික්ෂූන් වහන්සේ එයට සහභාගි වීමට නියමිත අතර මෙහිදී මූලිකත්වය ගනු ලබන්නේ වියානා ඤණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන, රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි ඇතුළු මහා සංඝරත්නය විසිනි. යුරෝපාවාසීන් විසින් නිරුතුරුවම ථෙරවාද බෞද්ධ දර්ශනයට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත්, යුරෝපයේ ථෙරවාදී භික්ෂූන් වහන්සේ එක්ව කටයුතු කිරීමත් මෙහි අරමුණු අතර වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය විජයරාජපුර සීලවංශ හිමි, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමි සහ රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි යන නා හිමිවරුන් පැවසුවේ මේ සමුළුවේ ප්‍රධාන අරමුණක් වන්නේ 50කට ආසන්නව ඇති යුරෝපයේ විහාරස්ථාන එකමුතුවක් ඇති කර ඒ හරහා මෙරට බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් හා අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කරන බවයි.

උපෝසථ සීලයේ අනුසස් අපමණයි

අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගය ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් යුතු වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මුලින් ම හික්මෙන්නේ සීලය තුළ යි. නිති පන්සිල් සුරකින ඔහු පොහොය දිනට අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන් වෙනවා.උපෝසථ සීලයේ අනුසස් පිළිබඳ අංගුත්තර නිකායේ සඳහන් “විශාඛා උපෝසථ සූත්‍රයේ” දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. පින්වත් විශාඛා අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් යහපත ඇත්තේ වෙයි.” විශාඛාවෙනි, ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසනවා. “රහතන් වහන්සේ දිවි ඇති තෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේ්ක. දඬු මුගුරු අත්හැර අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පිත ව වසන සේක. මමත් අද දින සතුන් මැරීම අත්හැර, දඬු මුගුªරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරමි. මම මේ අංග සමාදන් වී රහතන් වහන්සේ අනුව යමි” කියා මේ පළමු අංගයන්ගෙන් සමන්විත වෙයි.ආර්ය ශ්‍රාවකයා, උතුම් රහතන් වහන්සේ දිවි ඇති තෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටි අයුරු සිහිපත් කරනවා. සොරකමින් වැළකී, බ්‍රහ්මචාරීව වාසය කරමින්, බොරු කීමෙන් වැළකී, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටි අයුරු සිහි කරනවා. ඒ වගේම රාත්‍රි භෝජනයෙන් තොර ව විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටි අයුරු, නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල් සුවඳ විලවුන් දැරීම, විසිතුරු වටිනා සුඛෝපභෝගි ආසනවලින් වැළකී සැතපුණු අයුරු සිහිකරමින් පොහෝය දින අෂ්ටාංග උපෝසථ සීලය රකිනවා.

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු බව පසක් කරමින් සම්බුදු පියාණෝ පිරිනිවනට වැඩි සේක

බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් කාලය බේලුව නම් ගමෙහිදී සිදු විය. එහිදී දරුණු රෝගයක් වැළඳිණි. බලවත් චිත්ත ධෛර්යයකින් යුතුව එම වේදනාව ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයාට කිසිවක් නොවදාරා පිරිනිවන් නොපාන සේකැයි සැනසුම් සුසුමක් හෙළිය හැකි වූයේ දැන් යැයි අනඳ තෙරණුවෝ පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ “ආනන්ද සියලුම දේ දේශනා කරන ලදී. මා ළඟ ගුරු මුෂ්ටියක් තබාගෙන නැත. ආනන්ද භික්ෂු සංඝයා පාලනය කරමි'යි කියා, හෝ භික්ෂු සංඝයා මා නිසා ජීවත් වෙතියි කියා හෝ අදහසක් මා තුළ නැත.” “ආනන්ද, මම අසූ වයස් වූ දිරාපත් වූ මහල්ලෙක් වෙමි. දිරාපත් වූ කරත්තයක් සැලෙන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එබඳු ම ය. ආනන්ද තමාට තමා ම පිහිට කොටගෙන, තමා ම සරණ කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන, ධර්මය ම සරණ කොටගෙන ජීවත් වෙන්න. අන් සරණක් නැත.” පසුදිනක විසාලා මහනුවර පිඬු සිඟා වළඳා ආනන්ද තෙරණුවන් සමඟ චාපාල චේතිය නම් ස්ථානයට වැඩි සේක. “ආනන්ද විසාලා මහනුවර රමණීයයි. උදේන චේතිය රමණීයයි. ගෝතම චේතිය රමණීයයි. සත්තම්බ චේතිය රමණීයයි.” “ආනන්ද සතර ඍද්ධිපාද මැනවින් ප්‍රගුණ කළ කෙනකුට කැමති නම් මේ ආයු කල්පය හෝ ඊටත් මදක් වැඩියෙන් හෝ ජීවත්වීමට පිළිවන. තථාගතයන් වහන්සේ සතර ඍද්ධිපාද වඩා ඇති හෙයින් ඒ සඳහා සමත් වන සේක.” බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය ගැන අනඳ තෙරණුූවෝ සැලකිල්ලක් නොදැක්වීමෙන් තුන් මසකින් පසු පිරිනිවන් පෑමට තීරණය කළහ.

දියුණුවේ දොරටු අරිනවාද ? වසනවාද ? තීරණය කළ යුතු තමන් ම ය

ගිහියාගේ අවශ්‍යතා බොහෝ වෙති. තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දීම මවුපියන්ගේ පැතුමයි. අද කාලයේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා බොහෝ වියදම් කිරීමට මවුපියන්ට සිදු වෙයි. සිය මව්පිය වැඩිහිටි ඥාති මිත්‍රාදීන්ගේ වුවමනා එපාකම් බලමින් අනෙකාටත් උපකාර කර තම අවශ්‍යතා ඉටුකර ගැනීමට මුදල් හදල්, දේපළ වස්තු අවශ්‍ය වෙයි. එසේ සම්පත් නොමැති වීම ගිහි දිවිය දුකට පත් කරයි. මුදල් හදල් උපයා ගැනීමට, ජීවිකාව ගෙන යාමට ගිහියාට වෙහෙස මහන්සිව ධනය ඉපයීමට සිදු වෙයි. කුඹුරු කරන ගොවියා ද, ගෙවිලිය ද බොහෝ මහන්සි වී දහඩිය මුගුරු වගුරුවා ලබා ගන්නා අස්වැන්නෙන් තම ගෙදර දොරේ වුවමනාවන් සම්පාදනය කර ගනිති. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අනෙකුත් දෑ සපයා දීම් ද කරති. මෙලෙසින් ජීවිතය පවත්වා ගෙන යෑමට සැමට ජීවනෝපායන මාර්ගයක් අවශ්‍ය වෙයි. තම තමාගේ ආදායම් මාර්ග, රැකී රක්ෂා කටයුතු ආදිය මනාව ඉටු කිරීමෙන් හරි හම්බ කරන ධනය ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා ද, අනාගත අවශ්‍යතාවලට ද ව්‍යාපාර කර්මාන්තාදියේ මතු දියුණුවට ද සමාජ යුතුකම් පුණ්‍ය කටයුතු සඳහා ද වැය කිරීමට සිදුවෙයි. අද බොහෝ දෙනාගේ ආදායමට වඩා වියදම් වැඩි ය. වියදම වැඩි වුවහොත් ඉතිරිකිරීම්, ව්‍යාපාර කර්මාන්තාදියේ මතු දියුණුව සෑදීම කෙලෙස සිදු කළ හැකි වේ ද? අවශ්‍යතා ඉටුකර ගනිමින් ම ඉතිරිකිරීම් කළ යුතු වෙයි. ඉතිරි කිරීම් යැයි කී විට බොහෝ දෙනාගේ සිතට නැඟෙනුයේ සතෙන් සතේ රුපියලෙන් රුපියල මුදල් ඉතිරි කිරීම ගැන පමණි. මුදල් මෙන්ම කාලය, ජලය, වචන ඉතිරි කිරීමෙන් අත්වන ලාභය සලකා බැලීම වටී. සරල දිවි පැවැත්ම, අල්පේච්ඡතාව පුරුදු පුහුණු කර ගත් විට ජීවිත ගමන පහසු ය. අය වැය සමව පවත්වා ගැනීම සමජීවිකතාවයයි. සමජීවිකතාව දියුණුවට මඟයි.

 වෙසක් අව අටවක
පෝය දින

Budusarana e-paper

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]