[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පිණ්ඩපාත චාරිකාවක්:
සම්බුදු තෙමඟුල සිහි කරමින් රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දන්කොටුව ශාසනාරක්ෂක මණ්ඩලය හා දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාවක් පසුගිය 08 දින දන්කොටුව නගර මධ්‍යයේ දී පැවැත්වුණි. දන්කොටුව ධර්ම ප්‍රදීප බෞද්ධ මධ්‍යස්ථානයේ සිට භික්ෂූන් වහන්සේ හතළිස් නමක් පිණ්ඩපාත චාරිකාවෙහි වැඩියහ. මඟ දෙපස සිටි සැදැහැවතුන් ගෞරව පූර්වකව දන් පැන් පිළිගැන්වී ය.
එල්. කේ. ජේ. චතුරිකා - දන්කොටුව

වියානා බොදු සමුළුව මේ මස 12 වැනිදා

ප්‍රථම වරට පවත්වනු ලබන වියානා බෞද්ධ සමුළුව මේ මස 12 වැනිදා සිට 14 වෙනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී පැවැත්වේ. යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය විසින් පවත්වනු ලබන මෙවර සමුළුවට රටවල් රැසකින් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ සහභාගි වෙති. ශ්‍රී ලංකා රජයේද විශේෂ අනුග්‍රහයක් යටතේ මෙරට භික්ෂූන් වහන්සේ එයට සහභාගි වීමට නියමිත අතර මෙහිදී මූලිකත්වය ගනු ලබන්නේ වියානා ඤණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන, රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි ඇතුළු මහා සංඝරත්නය විසිනි. යුරෝපාවාසීන් විසින් නිරුතුරුවම ථෙරවාද බෞද්ධ දර්ශනයට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත්, යුරෝපයේ ථෙරවාදී භික්ෂූන් වහන්සේ එක්ව කටයුතු කිරීමත් මෙහි අරමුණු අතර වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය විජයරාජපුර සීලවංශ හිමි, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමි සහ රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි යන නා හිමිවරුන් පැවසුවේ මේ සමුළුවේ ප්‍රධාන අරමුණක් වන්නේ 50කට ආසන්නව ඇති යුරෝපයේ විහාරස්ථාන එකමුතුවක් ඇති කර ඒ හරහා මෙරට බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් හා අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කරන බවයි.

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]