[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

සීතලදොළ අරණේ අභිනවයෙන් ඉදි වූ සෑ රදුන් වහන්සේ

ගාලු පළාතේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් වසමට අයත් නාකියදෙණිය රක්‍ෂිත වනාන්තරයේ පිහිටි සීතලදොල ආරණ්‍ය සේනාසනය සැදැහැතියන්ගේ සිත් සතන් නිවා සනසවනු ලබයි. මෙම සෙනසුනේ නිර්මාතෘන් වහන්සේ වනුයේ මහා විහාර වංශික ස්‍යාමෝපාලී වනවාසී සංඝ සභාවේ ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක කාරක සභික කර්මාචාර්ය, කම්මට්ඨානාචාර්ය උපාධ්‍යාය පූජ්‍ය පාද කොට්ටවගම සීලවංස නායක හිමියන් ය. මෙම සෙනසුන දින දින දර්ශනීය රමණීය වන අරණක් බවට පත් කරලන්නට උන්වහන්සේ ක්‍රියා කරති. මෙම සෙනසුන මහා විහාරවංශික ස්‍යාමෝපාලී වනවාසී මහා නිකායේ නිර්මාතෘ වතුරවිල මදුනාගල ආදී ආරණ්‍ය සේනාසන රැසක ආදි කර්තෘ අතිපූජ්‍ය වතුරවිල ඤාණානන්‍දාභිධාන වනවාසී මහා නායක මා හිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කිරීමට කොට්ටවගම සීලවංස නාහිමියන් ක්‍රියා කළහ. වර්තමානයේ ද වතුරවිල වනවාස සංඝ මූලස්ථානාධිපති අනුනායක ධූරන්ධර මහෝපාධ්‍යාය මහකන්දේ රතනපාල මා හිමියන්ගේ අවවාද අනුශාසනා මත සීතදොල සෙනසුන පවත්වාගෙන යෑමට කොට්වගම සීලවංස නා හිමියන් විසින් ක්‍රියා කරනු ලබයි. 1981 දී සීතදොළ වන අරණේ ගල් ලෙනක් තුළ වැඩ වසමින් ධර්ම චාරිකාවේ යෙදෙමින් සීතදොළ ආරණ්‍ය ආරම්භ කළ අතර, එකී කාලය තුළ අනේකවිධ බාධා කම්කටොලු මැද අධිෂ්ඨානය අත් නොහැර සෙනසුනේ වර්තමාන දියුණුව දක්වාම නොමද මෙහෙවරක් ඉටුකරන ලදී. අභිනවයෙන් ඉදි කරන ලද අටවිසි මුණි චෛත්‍යය කඳු මුදුනේ මහා පර්වතයක් මත දර්ශනීයව සැදැහැ සිත් පහන් කරන අයුරින් ඉදි කර ඇති අතර ලෙන් රාශියක් ද සකසා ඇත.

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]