[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු බව පසක් කරමින් සම්බුදු පියාණෝ පිරිනිවනට වැඩි සේක

බුදුරජාණන් වහන්සේගේ අවසාන වස් කාලය බේලුව නම් ගමෙහිදී සිදු විය. එහිදී දරුණු රෝගයක් වැළඳිණි. බලවත් චිත්ත ධෛර්යයකින් යුතුව එම වේදනාව ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයාට කිසිවක් නොවදාරා පිරිනිවන් නොපාන සේකැයි සැනසුම් සුසුමක් හෙළිය හැකි වූයේ දැන් යැයි අනඳ තෙරණුවෝ පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ “ආනන්ද සියලුම දේ දේශනා කරන ලදී. මා ළඟ ගුරු මුෂ්ටියක් තබාගෙන නැත. ආනන්ද භික්ෂු සංඝයා පාලනය කරමි'යි කියා, හෝ භික්ෂු සංඝයා මා නිසා ජීවත් වෙතියි කියා හෝ අදහසක් මා තුළ නැත.” “ආනන්ද, මම අසූ වයස් වූ දිරාපත් වූ මහල්ලෙක් වෙමි. දිරාපත් වූ කරත්තයක් සැලෙන්නේ යම් සේ ද මාගේ ශරීරය ද එබඳු ම ය. ආනන්ද තමාට තමා ම පිහිට කොටගෙන, තමා ම සරණ කොට ගෙන, ධර්මය පිහිට කොට ගෙන, ධර්මය ම සරණ කොටගෙන ජීවත් වෙන්න. අන් සරණක් නැත.” පසුදිනක විසාලා මහනුවර පිඬු සිඟා වළඳා ආනන්ද තෙරණුවන් සමඟ චාපාල චේතිය නම් ස්ථානයට වැඩි සේක. “ආනන්ද විසාලා මහනුවර රමණීයයි. උදේන චේතිය රමණීයයි. ගෝතම චේතිය රමණීයයි. සත්තම්බ චේතිය රමණීයයි.” “ආනන්ද සතර ඍද්ධිපාද මැනවින් ප්‍රගුණ කළ කෙනකුට කැමති නම් මේ ආයු කල්පය හෝ ඊටත් මදක් වැඩියෙන් හෝ ජීවත්වීමට පිළිවන. තථාගතයන් වහන්සේ සතර ඍද්ධිපාද වඩා ඇති හෙයින් ඒ සඳහා සමත් වන සේක.” බුදුරජාණන් වහන්සේ පැවසූ දෙය ගැන අනඳ තෙරණුූවෝ සැලකිල්ලක් නොදැක්වීමෙන් තුන් මසකින් පසු පිරිනිවන් පෑමට තීරණය කළහ. පසුව ආනන්ද තෙරණුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. “මහණෙනි, මා අවබෝධ කොටගෙන දෙසූ ධර්මය මැනවින් ඉගෙන, ලෝකයාගේ දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බුදුසසුන චිරස්ථායි වන සේ කටයුතු කරන්න. මහණෙනි, තථාගතයන් වහන්සේ තව නොබෝ කලකින් එනම් තුන් මසකින් පිරිනිවන් පාන සේක. සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුයි. නොපමාව කුසල් දහම් කර ගන්න.” භාණ්ඩ ගමට වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සීල, සමාධි,ප්‍රඥා, විමුක්ති යන සතරෙහි අගය වදාළ සේක. හස්තිගාම, අම්බගාම, ජම්බුගාම, භෝග නගර යන ගම් පසුකරමින් භෝග ග්‍රාමයේ දී සතර මහෝපදේශ දේශනා කළහ.


වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]