[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

වියානා බොදු සමුළුව මේ මස 12 වැනිදා

වියානා බොදු සමුළුව මේ මස 12 වැනිදා

ප්‍රථම වරට පවත්වනු ලබන වියානා බෞද්ධ සමුළුව මේ මස 12 වැනිදා සිට 14 වෙනිදා දක්වා ඔස්ට්‍රියාවේ වියානා නගරයේදී පැවැත්වේ. යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය විසින් පවත්වනු ලබන මෙවර සමුළුවට රටවල් රැසකින් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ සහභාගි වෙති.

ශ්‍රී ලංකා රජයේද විශේෂ අනුග්‍රහයක් යටතේ මෙරට භික්ෂූන් වහන්සේ එයට සහභාගි වීමට නියමිත අතර මෙහිදී මූලිකත්වය ගනු ලබන්නේ වියානා ඤණපෝනික බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය විජයරාජපුර සීලවංශ, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන, රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි ඇතුළු මහා සංඝරත්නය විසිනි.

යුරෝපාවාසීන් විසින් නිරුතුරුවම ථෙරවාද බෞද්ධ දර්ශනයට වඩා වැඩි අවධානයක් යොමු කිරීමත්, යුරෝපයේ ථෙරවාදී භික්ෂූන් වහන්සේ එක්ව කටයුතු කිරීමත් මෙහි අරමුණු අතර වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය විජයරාජපුර සීලවංශ හිමි, ජර්මනියේ ශාක්‍යමුනි විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමි සහ රෝමයේ ශාක්‍යමුනි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ හිමි යන නා හිමිවරුන් පැවසුවේ මේ සමුළුවේ ප්‍රධාන අරමුණක් වන්නේ 50කට ආසන්නව ඇති යුරෝපයේ විහාරස්ථාන එකමුතුවක් ඇති කර ඒ හරහා මෙරට බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් හා අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් සහාය දැක්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම යුරෝපයේ බුදු දහම ප්‍රචාරය කිරීමේ දී මතුවන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් මෙරට කෙරෙහි බටහිර රටවල ඇති වැරැදි දැකීම් නිවැරැදි කිරීමටද මේ හරහා හැකිවනු ඇති බවට උන්වහන්සේ විශ්වාසය පළ කරති.

මෙම සමුළුවට යුරෝපාවාසී භික්ෂූන් වහන්සේට අමතරව මැලේසියාවේ ප්‍රධාන සංඝනායක මහා කරුණා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් බූටාවත්තේ සරණකංර නා හිමි හා සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක කරදෙටියන ගුණරතන නාහිමි ඇතුළු සෙසු රටවල් කිහිපයකද මහා සංඝරත්නය සහභාගි වෙති.

වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]