[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නන්දිවිසාල ජාතක කතාව ඇසුරිනි

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

අස්වනු ලැබෙන්නේ වැපිරූ දෙයටයි

“යො අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සති – සුධස්ස පොසස්ස අනංගතස්ස, නමෙව බාලං පච්චේති පාපං – සුබුමො රජො පටිවාතං ච බිත්තො” කාරුණික පින්වතුනි, ඉහත ධම්මපද ගාථාව පාප වර්ගයට අයත් එකකි. මෙහි දැක්වෙන්නේ කෙලෙස් කිළිටෙන් දූෂිත නොවූ පිරිසුදු අදහස් ඇති පුරුෂයකුට යමෙක් නපුරු අදහසින් දුෂ්ටකම් කළේ නම්, එකී දුෂ්ට අදහස්වලට විපාකය ආපසු ඔහු කරා පැමිණෙන බවයි. ඒ කෙසේද යත්, යටි සුළඟෙහි සිට උඩු සුළඟට දමනු ලබන සියුම් දූවිලි ආපසු ඔහු කරා එන්නාක් මෙනි. ඒ පිළිබඳ “සුනඛලුද්දක” කතා පුවතෙහි ද දක්නට ලැබේ. එය මෙසේ ය. පෙර “සුනඛලුද්දක” නැමති වැදි පුත්‍රයෙක් විය. ඔහු දිනක් සුනඛයන් පිරිවරාගෙන දඩයම් කිරීම පිණිස වනගත විය. එහිදී ඔහුට අතරමඟ දී පිණ්ඩපාතයේ වඩින භික්ෂුවක් මුණ ගැසුණි. එවිට කෝපයට පත් වූ වැද්දා “මේ කාලකණ්නි ශ්‍රමණයා හමු වූ නිසා අද කිසිවක් නො ලැබේ”. දැනුදු පැමිණෙන්නේ ය. මේ ශ්‍රමණයා සුනඛයා ලවා කවා මරමි යි” සිතා උන්වහන්සේ සැපීමට සුනඛයාට සංඥා කළේ ය. එවිට බුරමින් එන නපුරු සුනඛයා දුටු ස්වාමීන් වහන්සේ බියට පත්ව අසල තිබූ ගසට නැග්ගේ ය. පසුව දුෂ්ඨ වැද්දා “නුඹට බේරීමට ඉඩ නොදෙමියි” පවසා කෝපයෙන් ගස යටට අවුත් තම ඊතල මිටියෙන් ස්වාමීන් වහන්සේගේ යටිපතුලට විද්දේ ය. තමන් වහන්සේට හිරිහැර නොකරන මෙන් ඉල්ලා සිටියේ ද, නොනවත්වා දිගින් දිගට ම හිරිහැර කළේ ය . එහිදී ඊතල පහරින් බේරීමට උත්සාහ කළ උන්වහන්සේට සිවුර ගැන අමතක වී දැඟලීමෙන් සිවුර ගිලහි නොදැනුවත්ව ම වැද්දාගේ හිස මත සිවුර වැටුණි. එවිට වැද්දා සිවුරෙන් වැසී ගියේ ය. තෙරුන්ට බුරමින් ගස යට සිටි සුනඛ රැල උන්වහන්සේ ගසින් වැටුණේ යැයි සිතා උන්ගේ ස්වාමියා හපකොට කා දමන ලදී. එහි දී වැද්දාගේ අදහස නොව ඊට විරුද්ධ අදහසක් ම සිදුවිය. මේ සිද්ධිය දුටු ස්වාමීන් වහන්සේ ශෝකයට පත්ව චීවරය නිසා “අනේ මොහුට වූ විපතක්” යැයි ලතැවිය.

මුදුගුණය ඇති තැන ලැබෙයි ලොවට ම සිසිලස

ජනතාව රඤ්ජනයට – සතුටට පත්කරන්නේ රජු ය. ඈත අතීතයේ නොදියුණු සමාජයන්හි දුබලයා මැඩලීමේ කැලෑ නීතිය මැඩ ජන සමූහයා ගේ ආරක්ෂාව, සමාජ සාධාරණත්වය, හා සමාජ ප්‍රගමනය උදෙසා ජන සම්මතවාදීව පාලකයකු වෙත ජනතාව සතු බලය පවරා දීමෙන් රජ පදවියේ ආරම්භය සිදුවිය. රටක යහ පැවැත්ම, ජනතා සුබසිද්ධිය පිණිස රාජ්‍ය පාලනයෙහිලා අසහාය ජගදාචාර්ය බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම්, ගුරුහරුකම් ගුරුකොට ඒ අනුව යම් රාජ්‍ය විචාරන්නේ නම්, එබඳු රටක අභිවෘද්ධියට ද, ජනතාවගේ හිත සුව පිණිස ද, නූපන් අනාගත පරපුරේ සුරක්ෂිත බව පිණිස ද, ප්‍රබුද්ධ සමාජයක උදාව පිණිස ද මැනවින් පිහිටාධාර වෙයි. එදා මගධයේ අජාසත්ත රජතුමා වජ්ජීන්ගෙන් වෛශාලිය අත්පත් කර ගැනීමට මත්තෙන් ඒ පිළිබඳ තවදුරටත් දැන උගත් උපදේශකයන්ගෙන් විමසීමට තරම් දූරදර්ශී විය. ස්වකීය අග්‍රාමාත්‍ය වස්සකාර බමුණා බුදුරදුන් වෙත පිටත්කර හැරියේ කිසිදා නොවරදින උපදේශයන් ලබා ගනු පිණිස ය. රාජ්‍ය පාලනයෙහිලා ගුරුකොට ගත යුතු, සෑම රාජ්‍ය පාලකයකුගේ ම අවධානයට ලක්විය යුතු රාජ්‍ය පාලන මූලිකාංග එදා අජාසත් රජු මෙහෙයවීමෙන් බුදුරදුන් වෙත සැපත් වස්සකාර බමුණාට බුදුරදහු ඉගැන්වූ සේක. සමාජ ප්‍රගමනයට, ජනතා උන්නතියට ඉවහල් වන පුරාණ වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහාණිය ධර්මතා බුදුරදුන්ගේ නොමඳ ප්‍රශංසාවට බඳුන් වූ අතර, මෙම පිළිවෙත් අනුව යම් පාලක පිරිසක් රටක් මෙහෙයවත් ද එම ධර්මතා රකින තුරු එබඳු රටක් සතුරු උපද්‍රවාදීයෙන් තොර බැව් බුදුරදුහු වදාළහ. නිතර රැස්වීම, සමඟිව රැස්වීම, නොපැනවූ අයබදු නීති නොපැනවීම, පැනවූ නීති රීති නොඉක්මවීම, වැඩිහිටි රජදරුවන්ගේ උපදේශ අනුගමනය කිරීම, කුල කාන්තාවට සැලකිලි දැක්වීම, චිරාගත සම්ප්‍රදායානුකූලව වජ්ජි සිද්ධස්ථානවලට සැලකිලි දැක්වීම, තම රටට පැමිණෙන රහතන් වහන්සේ රැක බලා ගැනීම

 

ආස්වාදය පසුපසම ආදීනව ද පැමිණෙනවා බොරු කියන්නේ බලාගෙනයි

භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙන් පුංචි රාහුල පොඩිහාමුදුරුවන්ට බොරුවේ ආදීනව උපමා උපාමේය මඟින් ඉතා පැහැදිලිව විස්තර කර දුන්නා. එහිදී "එව මෙව ඛො රාහුල යස්ස කස්සචි සම්පජාත මුසාවාදෝ නත්ථි ලජ්ජා නාහං තස්සකුඤ්චි පාපං අකරණිය නති වදාමි.” යම් කිසිවකු දැන දැන මුසාවාදා බිනීමෙහි ලජ්ජා නැද්ද ඔහු විසින් කිසි පවක් නොකොට හැකි යැයි මම නොකියමි.” පැවසූ සේක. බොරු කියන පුද්ගලයාට කළ නොහැකි වෙනත් පවක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඕනෑම අකුසලයක් කිරීමෙන් අනතුරුව එය බොරුවක් කියා වසා දැමීමට බොරුකාරයාට ශක්තියක් ඇත. එය ඉතාම අනතුරුදායක ය. එහෙත් බොරුවේ ආදිනව දත් ගිහි පැවිදි සමහර ප්‍රඥාාවන්ත පිරිස් බොහෝවිට බොරුව පරාජය කොට සත්‍ය ජය ගත් අවස්ථා ඇත. දුටුගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා අතර යුද්ධයක් පැවති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ යුද්ධයෙන් පරාජයට පත් තිස්ස කුමාරයා පලා ගියේ ය. පලා යන තිස්ස කුමාරයා පන්සලකට ගොඩ වී එහි වැඩ සිටි හාමුදුරුවන්ගෙන් අවසර ගෙන ඇඳක් යට සැඟවී ගත්තේ ය. තිස්ස කුමරු සොයා එන ( ලුහුබැඳ) දුටුගැමුණු කුමරු පන්සලේ වැඩ සිටි හාමුදුරුවන්ගෙන් තිස්ස කුමාරයා ගැන විමසීය. ස්ථානෝචිත ප්‍රඥාාවෙන් කටයුතු කළ උන්වහන්සේ “ උන් හිටි තැන දැක්කේ නැතැයි” පැවසූහ. සියල්ල තේරුම් ගත් දුටුගැමුණු කුමාරයා බුදුදහම කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව නිසා ම නිශ්ශබ්දව පිටව ගියේ ය. මෙහිදී එම භික්ෂූන් වහන්සේ මුසාවක් කීවේ නම් එය තමන්ගේ ශීලයට හානියකි. ඇත්ත ප්‍රකාශ කළේ නම් තිස්ස කුමාරයාගේ ජීවිතයට පවා අවධානම් වේ. ඒ නිසයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ “ හිටගෙන ඉන්නා විට දැක්කේ නැති බව යි” තිස්ස කුමාරයා ඇඳ යටට රිංගුවේ ස්වාමීන් වහන්සේ පුටුවේ වාඩි වී සිටින විටයි. ගැමුණු කුමාරයා එනවිට ස්වාමීන් වහන්සේ හිටගෙනයි සිටියේ. ඉන් යහපත් ප්‍රතිඵල කීපයක් නෙළා ගැනීමට හැකි විය.

නිකිණි අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]