[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසරණ මවක් බුදුසරණ පුවත්පතට යොමු කළ ලිපියකිනි

අසරණ මවක් බුදුසරණ පුවත්පතට යොමු කළ ලිපියකිනි

අගලවත්තේ ස්වර්ණගමේ පදිංචි නිලානි පතිරාජ නමැත්තිය බුදුසරණට යොමු කර ඇති ලිපියකිනි මේ.

ඇයට දරුවන් දෙදෙනෙක් සිටින බව කියයි. ලොකු පුතා කවිෂ් මධුසංඛ අවු. 15 යි. අගලවත්ත මිහිඳු විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබනවා. පොඩිපුතා අගලවත්ත දාපිළිගොඩ විද්‍යාලයට 3 වසර තෙක් පාසල් ගියා. ඒ අතරේ උණ වැඩි වී ස්නායු දුර්වලවීමෙන් දරුවා ආබාධිත තත්ත්වයට පත් වූ බව ද කියයි. 2014 වර්ෂයේ සිට දරුවා මේ විදිහ බවත් දැනට අවුරුදු 5ක් වෙන බවත් ඇය කියයි.

අවුරුදු 4 1/2 ක් දරුවා බටයෙන් සුප් ටික, පිටි වතුර ටික විතරයි දුන්නේ. කිසිම ක්‍රියාකාරකමක් නැතිව සිටියේ. දැනට මාස 5 කට කලින් දරුවගේ බට අයින් කර කටින් කවනවා. පොවනවා. දරුවා හිනහා වෙනවා. දරුවා සුවවෙන කාල සීමාවකුත් නෑ. දරුවා බොරැල්ලේ ළමා රෝහලට මාස් පතා රැගෙන යනවා.” යැයි ඇය පවසයි.

ඇය ජීවත් වෙන්නේ, දරුවට මාසයකට ලැබෙන ආබාධිත ආධාර මුදල වන රුපියල්. 3000 හා සමෘද්ධි ආධාර රු. 2000/- න්, තේ දළු ටිකෙන් ලැබෙන සුළු මුදලෙන් බව කියයි. දරුවාට කැප වී සිටීම නිසා මවට ද රැකියාවක් කර ගැනීමට අපහසු බව කියයි. දරුවන්ගේ පියා ඔවුන් අතහැර වෙන්ව ජීවත් වෙන බවත් අවු. 5 ක් තිස්සේ තමා තනිව දුක විඳින බවත් කියයි.

ලොකු පුතා ඉගෙන ගන්න කැමැති බවත් ඉගෙන ගන්න පුළුවන් බවත් ඇය කියයි. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන බවත් පන්ති ගාස්තු ගෙවන්නේත් හරිම අමාරුවෙන් බවත් කියයි.

මේ දරුවා ලොකු මහත්වෙන්නේ ද ඇඳමත බවත් මොනවා හරි දෙයක් කර මේ දරුවා පුටුවක වාඩි වී සිටීමේ තත්ත්වයට හෝ ගෙන ඒම ඒ මවගේ උත්සාහය බව පවසයි. පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු කරන මෙන් ඇය කාරුණිකව ඉල්ලා සිටියි. ලිපිනය නිලානි පතිරාජ, ස්වර්ණගම බේරගම, අගලවත්ත 0771714725 දුරකතනයෙන් වැඩි විස්තර විමසිය හැකි බව කියයි. ලංකා බැංකුව අගලවත්ත, ගිණුම් අංකය 343952 ආධාර කළ හැකි බව ද කියයි

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]