[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 76 කොටස: එළාර රජුගේ ව්‍යාජ ධර්මිෂ්ඨකම ජනතාවට පැහැදිලි කළ යුතුයි

දුටුගැමුණු මහ රජතුමා - 76 කොටස:

එළාර රජුගේ ව්‍යාජ ධර්මිෂ්ඨකම ජනතාවට පැහැදිලි කළ යුතුයි

මට පුණ්ණා දියණියගේ සහ උපතිස්සගේ විවාහ කටයුතු ඉවරයක් කර ගත්තොත් සැනසිල්ලේ ඉන්නට පුළුවන්. ඊළඟට සිතට බරක් තියෙන්නේ සිරිනාග පුතා ගැනයි. විමලී ජීවත් ව සිටියදීත් සිරිනාග හැදුවෙ මම. යුද පුහුණු කඳවුරකට යනතුරු මම පුතයි දුවයි දෙන්නා බලා ගත්තේ මගේ ඇස්දෙක වගේ. හරිම ආදරයෙන්.

“දැන් ඔය ළඟටම වෙලා ඉන්නේ. සිරිනාගත් සමන්තීට හරිම ආදරෙයි.”

මිත්‍රගේ මරණයෙන් පසු මට හිතුණේ දොරමඩලාව ගමේ අපේ ගෙදරට යන්නයි.අපේ සීයා අසේල රජුගේ ප්‍රධාන ඇමැති ලෙස සේවය කළා.”

“එළාර අසේල යුද්ධෙ දී ඔහු මළා.”

“මාත්, බෝධිනාගත්, අම්මාත් බයේ පැන ගියා. අපි මහියංගනයේ මාමා කෙනකුට අයත් හේනක ගොවිතැන් කරගෙන ජීවත් වුණා. අම්මාත් අකාලයේ මිය ගියා. ඒ අතර මිත්‍රත් මාත් අතර සම්බන්ධයක් ඇති වුණා. බෝධිනාග විරුද්ධ වුණා. ඒත් දෛවයට අනුව අපි අතර විවාහය සිදුවුණා. බෝධිනාග මගෙන් ඈත් වුණා. සුමන මහ සිටුතුමාගේ ගොවිපල බලාගන්න ඔහු ආවේ එයින් පසුවයි. අපට අයත් දොරමඩලාව ගමේ දෙමහල් ඇමති මන්දිරය දැන් බෝධිනාග අලුත්වැඩියා කරනවා. යුද්ධයෙන් පසුව අපි ඒ නිවසට යන්නයි අදහස.”

සමන්තී තමන්ගේ අතීතය පැවසුවේ එළාර රජුගේ ආක්‍රමණවලින් සිංහලයන්ට සිදු වූ අතවර හා විපත්වලට නිදසුනක් වශයෙනි.

සිරිනාග අපටත් අපේම පුතෙක්. සිරිනාග නොසිටින්නට අපටත් අපේ අයියණ්ඩිට සුමන මහ සිටුතුමාට අත් වූ ඉරණම අත්පත් වෙන්නට තිබුණා. මිත්‍ර මහ සෙනෙවි සිරිනාග සමඟ වෛර බැඳ ගත්තෙත් අප ළඟින්ම සිටි නිසයි.” මහ සිටුතුමා කීවේ ය.

“අමිතා සිරිනාගට අපටත් වඩා ආදරෙයි. සිරිනාගත් සමඟ යුද්ධයට යන්නටත් අවසර ඉල්ලනවා.” සිටුදේවිය කීවා ය.

අද මාත්, බෝධිනාගත් සිතාගෙන ආවේ මේ දෙන්නා ගැන කතා කරන්නයි. සිරිනාගගේ හිත තුළත් අමිතා ගැන කැමැත්තක් ඇති බව ඔහුගේ කතාබහෙන් පෙනී ගියා.”

“යුද්ධය අවසාන වන තුරු සිරිනාග විවාහයක් කර ගන්නට කැමති වෙන එකක් නැහැ.”

“විවාහය ඔහුට බරක් නොවෙයි,

“කොහොම වුණත් අපි ඒ දෙන්නාගේ කැමැත්තට ඉඩ දෙමු.” සිටු දේවිය කතාව නිම කළේ සිරිනාග එන බව දුටු නිසා ය.

“අමිතා යුද්ධයට යාමට සංග්‍රාමික පුහුණුවක් ලබනවා. තවත් තරුණියන් පනස් දෙනෙකු එකතු කරගෙන දැන් පුහුණුව අවසන් වෙන්නට ළඟයි.”

කුණ්ඩල බ්‍රාහ්මණතුමා පැමිණියේ රාත්‍රී දහයට පමණ ය. සැවොම පැමිණ ගෝපුර ද්වාරයේ දී එතුමා පිළිගත්හ. රාජකීය උද්‍යානයේ සතුටු සාමිචියේ යෙදුණු ඔවුහු රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා භෝජනාගාරයට ඇතුළු වූහ.

භෝජන සංග්‍රහය ඉතා උසස් තත්ත්වයෙන් සූදානම් කර තිබිණි. සංග්‍රහය භුක්ති විඳි කාන්තාවෝ විචිත්‍රාගාරයට ගියහ. කුණ්ඩල බ්‍රාහ්මණතුමා පිරිවරාගත් සිටුතුමා, සිරිනාග, බෝධිනාග ආලින්දයට පැමිණ අසුන් ගත්හ. ඵලකයක් මත දැල්වුණු පහනින් ප්‍රසන්න ආලෝකයක් විහිදුවේ ය.

සිරිනාග ගැන සියලු තොරතුරු දැන සිටි කුණ්ඩල බ්‍රාහ්මණ ඔහුගේ ක්‍රියා කලාපය රටට දැයට හිතකර වීම ගැන සතුටට පත් විය. බෝධිනාග ගැන ඔහු හොඳින් දැන සිටියේ ය. සුමන මහ සිටුතුමාගේ ළඟම හිතවතා වූ ඔහු මුහුණ දුන් කරදර ද දැන සිටියේ ය.

“කුණ්ඩල බ්‍රාහ්මණතුමනි, ඊයේ රාජ සභාවේ ඔබතුමාට රජයේ අවි ගබඩා පාලනය භාර දෙන්නට තීරණය කළා. යෝජනාව කළේ මහ රජතුමායි. දීඝාභය මහසෙනෙවි කීවේ කුණ්ඩල බ්‍රාහ්මණතුමා රාජ්‍ය කටයුතුවලට මැදිහත් නොවන නිසා ඒ අදහස අතහැර දමන ලෙසයි. ඒ නිසා ඒ වගකීම මට පැවරුණා.”

“සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි.” බ්‍රාහ්මණතුමා කීවේ මද සිනාවක් පාමිනි.

මොන විදියේ උපායන් යෙදුවත් වැඩක් වෙන්නේ නැහැ. දුටුගැමුණු රජතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඔහුගේ අරමුණ හොඳයි. සූදානම හොඳයි. උපදේශිකාව ප්‍රබලයි.

ඒ වුණත් දුටුගැමුණු රජතුමා අනුරාධපුර රාජධානියට පැමිණි පසුව එකම සිංහලයකු හෝ විරුද්ධ වුවහොත්, අවියක් එසවුවහොත් ඒක සිරිනාගලාට, ජයනාථලාට, බෝධිනාගලාට මදිකමක්. බෝධිනාග අසේල මහ රජතුමාගේ ඇමතිවරයකුගේ පුතෙක්. ඔහුට ඓතිහාසික පන්නරයක් තිබෙන්නට ඕනෑ.”

“බ්‍රාහ්මණ ආචාර්යතුමනි, පියාණන්ට පැවරී ඇති වැඩ සියල්ල කරන්නේ එක පොරොන්දුවක් මතයි. ඒ දුටුගැමුණු රජතුමා මහවැලි ගඟින් මෙගොඩ වූ පසු යුද්ධයට එකතු වන්නට. ඔහු දුනු ශිල්ප, කඩු හරඹවලට දක්ෂයි. මේ දිනවල ඇතුන්, අසුන් පිට යමින් පුහුණු වෙනවා.

“ ඒ මදි, තවත් බොහෝ ව්‍යාපාර දැන් දැන්ම ඇරඹෙන්නට ඕනෑ. එළාර රජතුමාගේ දස රාජ ධර්මය සැබෑ තත්ත්වය පැහැදිලි කරන්නට රහසිගත පිරිසක් යෙදිය යුතුයි. කපටිකම, බොරුව, වංචාව, දූෂණය, ක්‍රෝධය, වෛරය, ශාසන විනාශය දැන් බොහෝ සිංහලයන්ට අමතක වෙලා.

යුක්තිය ඉෂ්ට කරලීමේ මුවාවෙන් කෙරෙන අපරාධ, දූෂණ නිමාවක් නැහැ. දිනපතා අසන්නට ලැබෙන නිධන් හෑරීම පිටුපස සිටින්නේ එළාර රජතුමා. නිධන් හොරුන්ට වැටුප් ගෙවන්නේ එළාර රජතුමා. ඒක රහසක් නොවෙයි. නැව්වලින් පිටරටට යන්නේ අපේ වටිනා ශාසනික වස්තු. ඒ ගැන දන්නේ සොළී නිලධාරීන් කිහිප දෙනකු පමණයි. සෑම කන්නයක් ම අස්වැන්න එකතු කිරීමෙන් පසු හාල් නැව් විස්සක් විසිපහක් සොළී රටට යවනවා.

“යුක්තිගරුක, ධර්මිෂ්ඨ රජතුමාගේත් එම රාජ්‍යයේත් සැබෑ තත්ත්වය නිදසුන් සහිතව කියාපාන්නට එම ධර්මිෂ්ඨකම්වලට ගොදුරු වූ නිර්භීත කාන්තාවන් පිරිසක් සංවිධානය කරන්නට ඕනෑ.”

“දුටුගැමුණු රජතුමා රජරටට ඇතුළු වී ඉදිරියට තබන පියවරක් පාසා ජයග්‍රාහී හඬ වැඩිකරමින් ජනතා ප්‍රබෝධයක් ඇති කරන්නට ඕනෑ. එමඟින් යුද සෙබළුන් තුළ දේශ ප්‍රේමයක් ඇති කරන්නට ඕනෑ. පෞද්ගලික අමනාපකම් නිසා සතුරුපිලට ගැති වී සිටින පිරිසගේ නුවණ පාදන්නට අපේ සංඝයා වහන්සේලාට පුළුවන්.”

“බ්‍රාහ්මණ පඬිතුමනි, විජිතපුර බලකොටුව ජය ගන්නට නම් ඒ තුළ ගැටුමක් ඇති කිරීම අවශ්‍යයි. දීඝාභයත් උපතිස්සත් විජිතපුර බලකොටුවෙන් එළියට යවා ගත හැකි නම් එය පහසුවෙන් ජය ගන්නට පුළුවන්. එසේත් නැතිනම් ඔවුන් දෙදෙනා එකතු වී සිටින පිල වැරදි බව ඔවුන්ට වටහා දෙන්නට ඕනෑ. මේ සඳහා ඔබතුමාගේ සහාය ලබා ගන්නැයි මහාසිව මා හිමියන් රහස් තල්පතකින් දන්වා තිබෙනවා.”

මේ සිංහල දේශය, බෞද්ධ රට විදේශික ආක්‍රමණයන්ට අල්ලාගන්නට දීම වැරදියි. මේ රට සූරාගෙන කෑම විනා දියුණුවකට යැවීමක් ඔවුන්ගෙන් සිදුවන්නේ නැහැ. ඔවුන්ට මේ රට රස වැටිලා. ධර්මිෂ්ඨ මුහුණු පෙන්නාගෙන තවත් කාලයක් ඉන්නටයි වෑයම් කරන්නේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ ප්‍රතිරූපය බිඳ දැමීමට වැටුප් ගෙවන සංවිධානාත්මක පිරිසක් හදලා.

නිකිණි අව අටවක

 අගෝස්තු 18 බ්‍රහස්පතින්දා අපරභාග 09.27 අව අටවක ලබා 19 සිකුරාදා අපරභාග 11.04 ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

First Quarterපුර අටවක

සැප්තැම්බර් 03

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]