[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම
නාහිමිපාණන් වහන්සේට
නිවන් සුව ප්‍රාර්ථනා කරමු !

උත්තම නාහිමි පා යුග වැඳුමට අවසර

වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

වැලමිටියාවේ කුසලධම්ම නා හිමි ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි ...

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සහ නා හිමිපාණන් වහන්සේගේ ඥාතීන් ඇතුළු දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය. අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබිණ. ජනාධිපතිතුමා එම කටයුතු පිළිබඳව ද සොයා බලමින් ආදාහන කමිටුවේ භික්ෂුන් වහන්සේ සමග කතාබහක නිරත විය.

රන්දෙරණ හැර සුරපුරට වැඩි විදුලකර අමරගුරු වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ ව පන්නිපිටියේ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන අවස්ථාවේ දී ම එහි කෘත්‍යාධිකාරී ධූරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවිය ද හෙබවූහ. ශ්‍රී ලංකාවේ අධ්‍යතන - අධ්‍යාපන - සාමාජයීය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් බිහි කළ, මතු මත්තෙහිත් එවැන්නවුන් බිහි කිරීමෙහි සනාතන පුණ්‍ය සම්පත්‍යයෙන් හෙබි පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය දශක අටකට වැඩි යුග මෙහෙවර නිමා කරමින් කීර්තිශේෂභාවෝපගත වී වදාළ සේක. විද්‍යාලංකාරයට එකසිය සතළිස් හය වසරක් සපිරෙන දිනට පෙර දිනයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වුණි. අග්‍රගණ්‍ය මහා පාරිවේණික ස්ථානයක අධිපතීන් වහන්සේ නමක වශයෙන් ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ දයාවකින් කටයුතු කරන නාහිමිපාණෝ ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කෙරෙහි යාවත්කාලීන වූ ආකල්පයකින් ක්‍රියා කළහ. අධ්‍යයන කටයුතුවලට නිරන්තර ප්‍රමුඛත්වය හිමිවන පරිදි උපරිම ශාස්ත්‍රීය පරිසරයක් පිරුවන තුළ පවත්වා ගෙන යාමට නාහිමිපාණෝ කටයුතු සම්පාදනය කළහ. අතීත පඬිවරුන් රැක ගනිමින් පවත්වාගෙන ආ විද්‍යාලංකාර සම්ප්‍රදාය සුරක්ෂිත කොට අනාගතය කරා සම්ප්‍රේෂණය කරවීමට නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ.

 

සරු පල ලබන්නට නම් සරු බීජ වපුරන්නට ඕනෑ

ලොව හොඳ දේ තිබෙනවා. නරක දේ ද තිබෙනවා. වැඩ අවැඩ සිදු වන්නේ මේ දෙක තෝරා ගන්නා ආකාරය අනුව යි. සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ නිරන්තරයෙන් ම අයහපත මඟ හැර යහපත තෝරා ගන්නට යි. සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් හඳුනා ගන්නා පුද්ගලයා සරු දෙයක් ම ලබන බවයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ. සරු යැයි කියන්නේ ප්‍රයෝජනවත් දෙයටයි. අර්ථවත්, දෙලොව වැඩදායක දෙයටයි. ධම්ම පදයේ දී එය දැක්වූයේ සාරඤ්ච සාරතෝ ඤත්වා - අසාරඤ්ච අසාරතෝ - තේ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්පගෝචරා යනුවෙනි. මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ උපතිස්ස කෝලිත දෙදෙනා අරමුණු කර ගෙනයි. සංජය ගුරුවරයා සරු දේ සරු ලෙස නො ගැනීම ඊට හේතුවයි. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ධර්මය අසා බුදු දහම වැළඳගත් උපතිස්ස කෝලිත දෙදෙනා ඒ බව සංජය ගුරුවරයාට දැන්වූවා. එහි දී ඔහු පැවසුවේ තමන්ට හැන්දක් ව සිටිය නොහැකි බවයි. ඒ වගේ ම එවන් දර්ශනයක් තමන්ට සමීප කර ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් වූයේ නෑ. අපේ සමාජයේත් බොහෝ දෙනකුට මෙය පොදුයි. “මැණික් ගලේ පය හැපුණාට කණයා අහුලා ගනී ද“ජන වහරෙහි මෙවැනි කියමන් නිර්මාණය වී තිබෙන්නේ ත් මේ වැනි අයගේ ක්‍රියාවන් නිසයි. අවශ්‍ය දෑ අනවශ්‍ය අයට ලැබුණ ද එයින් ද පලක් වන්නේ නෑ. කළයුතු දෙය, නො කළ යුතු දෙය නිවැරැදි ව සිදු කරනවා නම් මේ ජීවිතයට විතරක් නොවෙයි. පරලොව ජීවිතයටත් වැඩදායක වනවා. පුරවැසියන් මෙන් ම ඒ ඒ සමාජ කණ්ඩායම් ලෙස මේ තත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්.

 

පින් කරන පින් වැඩෙන අසිරිමත් කාලයක්

මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සේතං භික්ඛවේ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානි අභිජානාමි ඛෝ පනාහං භික්ඛවේ දීඝරත්තං කතානං පුඤ්ඤානං ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං. “ මහණෙනි, පිනට බිය වෙන්න එපා. ‘පින’ කියලා කියන්නේ ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ සැපයට ම කියන නමක්. මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කළ පින් නිසා ඉතා යහපත්, සිත්කළු, ප්‍රිය මනාප වූ ආනිශංස විඳී බව මා දන්නවා“. ඛුද්දක නිකායේ මා පුඤ්ඤභායි සූත්‍රය තුළින් පුර්විකාවක් ගෙන හැර දැක්වූයේ වප් පොහොය දින සිට ඉල් පොහොය තෙක් වූ මාසය පින් කරන මාසයක්, පින් වැඩෙන මාසයක් වන නිසයි. මේ චීවර මාසය යි. තුන් මාසයක් මුලුල්ලේ වස් විසූ භික්ෂූන් වහන්සේ වප් පුර පසළොස්වක පොහෝ දා මහා පවාරණයෙන් වස් පවාරණය වූවා. එසේ වූ භික්ෂූන් වහන්සේ අරමුණු කොටගෙන ගිහි පිනැතියන්ට මහා ආනිසංසදායි කඨින චීවර පූජාවක් පැවැත්වීමට අවකාශ ලැබෙනවා.අප ජිවත් වන්නේ නො නිමි සසර මඟ දුක සන්තාපය, කනගාටුව තුරුළු කොටගෙන යි. ඒත් අප සොයන්නේ සැපතයි. සුවය යි. වගා කටයුතු කරන්නේ, විවිධ වෘත්තීන්හි නිරත වන්නේ, විවිධ තනතුරු නම්බුනාම ලබන්නට වෙර දරන්නේ, දේපළ ඉඩකඩම් යාන වාහන මිල දී ගන්නේ, යහපත් දේ මෙන් ම සමාජ ව්‍යසනකාරි සතුන් මැරීම, සොරකම, බොරුව කේළම , මත් වතුර මත්ද්‍රව්‍ය විකිණීම හා පරිභෝජනය වැනි අයහපත් දේ කරන්නේ ද සැප අරමුණු කර ගෙන යි. සතුට ලබා ගැනීම පිණිස යි. යහපත තුළින් උපයා ගත හැකි වන්නේ සතුට යි. ඒත් අයහපත තුළින් ඒ සතුට ලැබෙන්නේ නෑ. ඒ තුළ වැඩෙන්නේ බිය, සැක, සංකාව, දුක, අසහනය යි. සැබෑ සතුට තමන් සතුටු වීමයි. අනුන් සතුටු වීමයි. තමා හා අනුන් දෙපිරිස ම සතුටු වීමයි. සතුටින් ප්‍රතිඵලය භුක්ති විදිය හැකි වීම යි. පින කියන්නේ සතුට යි. “ චිත්තං පුනාතීති පුඤ්ඤං” සිත පිනා යෑම , “ හදයං පුණාතීති ” හදවත පිනා යෑම පින බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]