[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බොදු දන නෙත් සිත් සුපහන් කරවන මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

සියවස් ගණනාවක් පුරා අපමණ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන අගනා ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ විහාර මන්දිරය මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ නිර්මාණය කළ වගයි. අනුරාධපුර‍යේ මහමෙවුනා උයනේ වැඩසිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෝ වැසි බොදු දනන්ගේ වන්දනීයත්වයට, පූජනීයත්වයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු නිරූපණය කරන , සමාධි මුද්‍රාවෙන් යුතු මෙම පිළිම වහන්සේ උසස් ශිල්පියකුගේ නිර්මාණයකැයි විචාරකයෝ පවසති. දෙස් විදෙස් බොහෝ පිරිස් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූ තම නිවෙස්වල තබා ඇත්තේ සිත් පහන් කරවන ශාන්තමය සමාධිගත ඉරියව් නිසා ය. එළැඹෙන 06 වැනි දින මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී නිරාවරණය වෙන්නේ ද එවන් අසමසම නිර්මාණයක් වූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවකි.

වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]