[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සරු පල ලබන්නට නම් සරු බීජ වපුරන්නට ඕනෑ

ලොව හොඳ දේ තිබෙනවා. නරක දේ ද තිබෙනවා. වැඩ අවැඩ සිදු වන්නේ මේ දෙක තෝරා ගන්නා ආකාරය අනුව යි. සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ නිරන්තරයෙන් ම අයහපත මඟ හැර යහපත තෝරා ගන්නට යි. සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් හඳුනා ගන්නා පුද්ගලයා සරු දෙයක් ම ලබන බවයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ. සරු යැයි කියන්නේ ප්‍රයෝජනවත් දෙයටයි. අර්ථවත්, දෙලොව වැඩදායක දෙයටයි. ධම්ම පදයේ දී එය දැක්වූයේ සාරඤ්ච සාරතෝ ඤත්වා - අසාරඤ්ච අසාරතෝ - තේ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්පගෝචරා යනුවෙනි. මේ ගාථා ධර්මය දේශනා කොට වදාළේ උපතිස්ස කෝලිත දෙදෙනා අරමුණු කර ගෙනයි. සංජය ගුරුවරයා සරු දේ සරු ලෙස නො ගැනීම ඊට හේතුවයි. අස්සජි මහ රහතන් වහන්සේගෙන් ධර්මය අසා බුදු දහම වැළඳගත් උපතිස්ස කෝලිත දෙදෙනා ඒ බව සංජය ගුරුවරයාට දැන්වූවා. එහි දී ඔහු පැවසුවේ තමන්ට හැන්දක් ව සිටිය නොහැකි බවයි. ඒ වගේ ම එවන් දර්ශනයක් තමන්ට සමීප කර ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් වූයේ නෑ. අපේ සමාජයේත් බොහෝ දෙනකුට මෙය පොදුයි. “මැණික් ගලේ පය හැපුණාට කණයා අහුලා ගනී ද“ජන වහරෙහි මෙවැනි කියමන් නිර්මාණය වී තිබෙන්නේ ත් මේ වැනි අයගේ ක්‍රියාවන් නිසයි. අවශ්‍ය දෑ අනවශ්‍ය අයට ලැබුණ ද එයින් ද පලක් වන්නේ නෑ. කළයුතු දෙය, නො කළ යුතු දෙය නිවැරැදි ව සිදු කරනවා නම් මේ ජීවිතයට විතරක් නොවෙයි. පරලොව ජීවිතයටත් වැඩදායක වනවා. පුරවැසියන් මෙන් ම ඒ ඒ සමාජ කණ්ඩායම් ලෙස මේ තත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්.


වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]