[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රන්දෙරණ හැර සුරපුරට වැඩි විදුලකර අමරගුරු වැලමිටියාවේ කුසලධම්ම නා හිමි

1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනට අනුබද්ධ ව පන්නිපිටියේ විද්‍යාලංකාර පිරුවන ආරම්භ කරන අවස්ථාවේ දී ම එහි කෘත්‍යාධිකාරී ධූරයට පත් නාහිමිපාණෝ කලක් එහි පරිවේණාධිපති පදවිය ද හෙබවූහ. ශ්‍රී ලංකාවේ අධ්‍යතන - අධ්‍යාපන - සාමාජයීය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුරෝගාමීන් බිහි කළ, මතු මත්තෙහිත් එවැන්නවුන් බිහි කිරීමෙහි සනාතන පුණ්‍ය සම්පත්‍යයෙන් හෙබි පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනෙහි සත්වන පරිවේණාධිපති සහ අධ්‍යක්ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍යචක්‍රවර්තී, ආචාර්ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ලංකාද්වීපයේ පශ්චිම දිශානුදිශාවන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය දශක අටකට වැඩි යුග මෙහෙවර නිමා කරමින් කීර්තිශේෂභාවෝපගත වී වදාළ සේක. විද්‍යාලංකාරයට එකසිය සතළිස් හය වසරක් සපිරෙන දිනට පෙර දිනයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිත ව නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වුණි. අග්‍රගණ්‍ය මහා පාරිවේණික ස්ථානයක අධිපතීන් වහන්සේ නමක වශයෙන් ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා කෙරෙහි අප්‍රමාණ දයාවකින් කටයුතු කරන නාහිමිපාණෝ ස්වකීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කෙරෙහි යාවත්කාලීන වූ ආකල්පයකින් ක්‍රියා කළහ. අධ්‍යයන කටයුතුවලට නිරන්තර ප්‍රමුඛත්වය හිමිවන පරිදි උපරිම ශාස්ත්‍රීය පරිසරයක් පිරුවන තුළ පවත්වා ගෙන යාමට නාහිමිපාණෝ කටයුතු සම්පාදනය කළහ. අතීත පඬිවරුන් රැක ගනිමින් පවත්වාගෙන ආ විද්‍යාලංකාර සම්ප්‍රදාය සුරක්ෂිත කොට අනාගතය කරා සම්ප්‍රේෂණය කරවීමට නාහිමිපාණන් වහන්සේ මූලිකත්වය ගත්හ.


වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]