[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලමිටියාවේ කුසලධම්මාභිධාන නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පුණ්‍ය මහෝත්සවයෙන්...

වැලමිටියාවේ කුසලධම්මාභිධාන නායක ස්වාමින් වහන්සේගේ ආදාහන පුණ්‍ය මහෝත්සවයෙන්...

කුසලධම්ම නාහිමි සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැප වූ යතිවරයන් වහන්සේ නමක්, වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ට අගමැතිතුමා අවසන් ගෞරව දක්වමින් කියයි.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන් අධිපති හා අධ්‍යක්ෂ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, අග්ගමහා සද්ධම්මජෝතිකාධජ, මහෝපාධ්‍යාය කොළඔ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට මහින්ද රාජපක්ෂ අගමැති තුමා පසුගිය 30 වැනිදා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී අවසන් ගෞරව දැක්වීය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කළ මෙහෙය මෙන්ම රට තුළ විවිධ අර්බුද හා ගැටලු ඇති වන අවස්ථාවලදී ඒවා නිරාකරණය කිරීමට කුසලධම්ම නාහිමියෝ නායකත්වය ගෙන කටයුතු කළ ආකාරය අගමැති තුමා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළේය.

සිල්වත් ගුණවත් මහා තෙර නමක් ලෙස පරාර්ථ චර්යාවේ නිරත වූ කුසලධම්ම නාහිමියෝ සිය ජීවිත කාලයෙන් හැට හත් වසරක් ම ගත කරනු ලැබුවේ සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙනි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැලමිටියාවේ ඥානරතන හිමියන් ඇතුලු මහා සංඝ රත්නයද අගමැතිතුමා අවසන් ගෞරව දක්වන අවස්ථාවට වැඩම කර සිටියහ.

අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ව රාජ්‍ය ගෞරව සහිතව පසුගිය 31 වැනිදා නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණ.

වප් අමාවක පෝය

නොවැම්බර් 04 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.03 අමාවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 02.44 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]