[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

චීවර මාසය ඇරඹෙන අසිරිමත් වප් පොහෝදා

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙනි. කඨින චීවර පොහොයෙන් ඇරඹෙන හෙයින් මේ මාසය චීවර මාසය ලෙස ද ව්‍යවහාරයට එක්ව ඇත. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කර ගත් අභිමත් දිනක දී හෝ, වර්ෂයේ කිහිප අවස්ථාවක දී ම හෝ සිදු කළ හැකි ය. එහෙත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයක් සිදු කළ හැකි වන්නේ එක් වසරක් තුළ, එක් තැනෙක දී, එක් වරක් පමණෙකි. සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයන් ය. දසත පැතිරුණු සාධු නාදයන් ය. මේ අසිරිමත් සිදුවීම් මැද අප්‍රමාණ බුද්ධ ශ්‍රීයෙන් තථාගතයන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළහ. ඒ අසිරිය දුටු සියල්ලෝ ම මතු බුදු වන්නට ම ප්‍රාර්ථනා කළහ. දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙන් හා බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසඳුම් සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පොහොය දිනෙක ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම් පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේ ත් වප් පොහොය දිනෙක ය. එම දුත චාරිකාවෙහි අරමුණ වූයේ සංඝමිත්තා මහරහත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම යි.


වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]