[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සම්බුදු පා පහසින් සුපූජනීයවත් වූ මහියංගණ රාජමහා විහාරය

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ පින් බිමකි මහියංගණ රාජමහා විහාරය. සොළොස්මස්ථාන අතර මුල් තැනට පමිණෙන මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ මහවැලි ගඟබඩ පුරාණ බින්තැන්න ජනපදයට අයත් සීමාවේ යි. තැනිතලා බිම් පෙදෙස බිම්තැන්න හෙවත් බින්තැන්න ලෙස හඳුන්වා තිබෙනවා. මහී යනු පොළෝතලය යි. අංගන යනු තැනිතලාව යි. මධ්‍යම කඳුකරයෙන් නැඟෙනහිර දෙස තැනිතලා බිමට පාලියෙන් මහියංගනය ලෙස ව්‍යවහාර කර තිබෙනවා. මහියංගණය, මියුගුණ ලෙස ද හැඳීන්වෙනවා. බුදු රජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කිරීමෙන් පසු මතු කාලයේ සම්බුදු සසුන බබළන ලක්දිවින් යක්ෂ ගෝත්‍රිකයන් බැහැර කිරීමට කටයුතු කරනවා. එදා මනෝරම්‍ය ගංතෙර යොදුන් තුනක් දිගු වූ, යොදුනක් පුළුල් වූ මහා නාග වන උයනෙහි රාත්‍රී කාලයේ යක්ෂයන් එක් රැස් වී සිටියා. තථාගතයන් වහන්සේ එම භූමියට වැඩම කළා. මහියංගන සෑ රදුන් පිහිටි ස්ථානයේ අහසෙහි වැඩ හිඳීමින් යක්ෂයන් බිය වන අන්දමට වර්ෂා, වාත අන්ධකාර මවා පා යක්ෂයන් බිය වද්දා ගිරි දිවයිනට පළවා හැරියා. මේ බව මහාවංසයේ සඳහන් වෙනවා. තවත් පිරිසක් පවසන්නේ රැස්වීමක් හෝ ප්‍රීති උත්සවයක් ලෙස යි. ඇතැම් වියතුන්ගේ මතය නම් සම්බුද්ධත්වයට පත්, නව අරහාදී බුදු ගුණයන්ගෙන් සපිරි බුදුරජාණන් වහන්සේ යක්ෂයන් බිය වැද්දීම්, පළවා හැරීම් සිදු කළා යැයි පැවසීම මහාවංස කතුවරයාගේ අතිශයෝක්ති කථනයක් බවයි. යක්ෂ දමනයෙන් පසු බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි දේවතාවුන් අතර සිටි සෝවාන් වූ සුමන සමන් දෙවිඳුන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද නීලවර්ණ කෙස් අත්ලක් සුමන සමන් දෙවිදුන්ට පිරිනැමුවා. සුමන සමන් දිව්‍ය රාජයා ස්වර්ණමය කරඬුවක කේශධාතුන් වහන්සේ වඩා හිදුවා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් සත් රියන් උසැති මහියංගන දාගැබ තැනවූවා.


වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]