[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අද ඇති දේ හෙට නැති වෙනවා ලෝ දහම තේරුම් ගන්න

තණ්හාය ජායතී සොකො - තණ්හාය ජායතී භයං - තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සොකො කුතො භයං, බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පමණ වූ තම සම්බුද්ධ ජීවිතය පුරාවට ම හේතු සම්පත් ඇති විවිධ පුද්ගලයන් උදෙසා ධර්මය දේශනා කළහ. මෙම භයංකාර වූ සසර කතරින් සත්වයන් එතර කිරීමට අප්‍රමාණ කැප කිරීම් සිදු කළ ඒ උතුම් ශාස්තෘවරයාණන් වහන්සේ ඇතැම් පුද්ගලයන්ට ධර්මය දේශනා කිරීමට යොදුන් ගණන් පයින් වැඩම කළහ. එක වරක් පමණක් නොව දෙතුන් වරකට වඩා එකම පුද්ගලයා වෙත වැඩම කළ අවස්ථා ද ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් දැක ගත හැකි ය. තථාගතයන් වහන්සේ ඉහත ගාථාව මුල් කර ගත් ධර්ම දේශනාව සිදු කරන්ට යෙදුනේ ද අවස්ථා ගණනාවක් ම එම බමුණා හමුවීමට වැඩම කරමිනි. සැවැත්නුවර අසල වෙසෙන එක් බමුණෙක් ගඟක් අසල යම් කිසි ප්‍රදේශයක කුඹුරක් වැපිරීමට සූදානම්ව සිටියේ ය. බමුණා තම කුඹුර වැපිරීමට පටන් ගත් දින බුදුරජාණන් වහන්සේ ඔහු වෙත පැමිණ “ බමුණ, ඔබ කුමක් කරන්නේ ද?” යි විමසූහ. “ස්වාමීනි, මා කුඹුර වැපිරීමට සූදානම් වනවා ”. බමුණා පැවසීය. මෙලෙස බුදුරජාණන් වහන්සේ කුඹුර වපුරන කලට, ගොයම් පැසුන කලට, ආදී වශයෙන් කිහිප වතාවක් පැමිණ බමුණා සමඟ සංවාද ගොඩනැඟී ය. මේ අතර බමුණා බුදුරජාණන් වහන්සේ සමඟ මිතුදමක් ඇති කර ගත්තේ ය.


වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]