[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙවර ජයග්‍රාහී රචනාව

මගේ ලෝකයේ වීරයා

මගේ ලෝකයේ වීරයන් වහන්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. ඒ වීරයන් වහන්සේ මගේ ලෝකයේ පමණක් නොව, අනන්ත සක්වල අතරේ සිටින දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ මිනිස් ප්‍රජාව අතර වැඩ සිටින අසම සම වූ වීරයන් වහන්සේ ය. උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ දුරු කළ නිසා මගේ ලෝකයේ වීරයාණන් වහන්සේ වන සේක.

වෙසක් සඳ පායා ආ පෝ දිනෙක සියලු කෙලෙස් නසා, මරුන් පරදවා දස දහසක් සක්වල කම්පා කරවමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. දෙවියෝ ද, බඹහු ද මහා වීරයන් වහන්ස කියා උන්වහන්සේට වන්දනා කළහ. අතීතයේ ද, වර්තමානයේ ද, අනාගතයේ ද මහ විරුවන්, මහා යෝධයන්, ශක්තිවන්තයන්, උගතුන්, නුවණැත්තන් ඈ සියලු පිරිස් අතරින් මාගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ම මහා වීරයාණන් වහන්සේ වන සේක.

****

ලෝක නාථයාණනි

පින්බර මවක බිහි කළ සිදුහත් කුමරා
ගිහි ගෙය හැර ගියේ පිහිටක් සදනු නියා
ලෝ සත කෙරෙහි අනුකම්පාවෙන් රජිදා
බුදු බව ලැබුවේ බෝ රුක මුල මරු පරදා

වැඩම කළේ පන්සාළිස් වසක් පුරා
ලෝ සත නිවන්නට අම දම් නිවන සදා
රහල් පුතුට මෙන් දෙව්දත් තෙරට එදා
පෑවේ මහා මෙත් කරුණා ගුණ කන්දා

****

විහාර මහා දේවි

දුටුගැමුණු රජුගේ මව විහාර මහා දේවියයි. විහාර මහා දේවියගේ පියාගේ නම කැලණි තිස්ස ය. මුහුද ගොඩ ගැලූ අවස්ථාවේ විහාර මහා දේවිය මුහුදට බිලි වී රට බේරා ගත්තා ය.

ඇය රට එක්සේසත් කිරීමට තම පුත් ගැමුණු කුමාරයාට සහාය වූවා ය. විහාරමහා දේවිය රට, ජාතිය, භාෂාව, ආගම ගැන දැඩි ඇල්ම ඇත්තා වූ වීර කාන්තාවක් ලෙස ගරුසරු ලබයි. විහාර මහා දේවියගේ ප්‍රතිමා ඉදිකර ඇත. කොළඹ ඇති සිඟිති උයන, පාසල්, ආදියට විහාර මහා දේවියගේ නම යොදා තිබේ.

****

පියගුණ කවි

නැඟිටිමින් අලුයම
කටයුතු අරඹමින් තව
කළ හැම මෙහෙවර
උදක් පැතුවේ එ දරු සැපතම

උදයේ පිටව ඔබ
අඳුරේ ය ආවේ මොබ
නිදා සිටි අප සිඹ
සැනසුණා දරු සෙනෙහසක් ලැබ

****

මගේ අප්පච්චි

මා දන්න විදිහට හැමෝගෙ ම ලෝකයේ වීරයෙක් ඉන්නවා. ඒ වගේ ම ඒ අය එයාට ආදරේ කරනවා. හැම දෙනාට ම වීරයෙක් ඉන්නවා වගේ මගේ ලෝකයේත් වීරයෙක් ඉන්නවා. ඒ, මගේ ආදරණීය තාත්තා. මගේ අප්පච්චි මට පණටත් වඩා ආදරේ කරනවා. මට එය දැනෙනවා. අප්පච්චි මට ආදරේ කරනවා වගේ ම මමත් අප්පච්චිට ආදරෙයි. ඒක මම කියන්නේ හරිම ආඩම්බරයෙන්, ගෞරවයෙන්, සෙනෙහසකින්.

“මගේ අප්පච්චිට මම අහස තරම් ආදරෙයි.”

****

වලාකුළේ

වලාකුළේ වලාකුළේ කොයි යන්නේ
හිමින් සැරේ
මහ මුහුදින් වතුර ටිකක් අරගන්නයි
මම යන්නේ
වලාකුළේ වලාකුළේ වතුර අරන්
කොහි යන්නේ
අපේ රටේ වැව් පුරවා වැහි දෙන්නයි
මම යන්නේ

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]