[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවාගේ ලෝකය: මං හරි අකීකරු ළමයෙක්

මං හරි අකීකරු ළමයෙක්

ජීවාට...... මොකක්දෝ වේගෙන එනවා වගේ දැනෙනවා. ''මං හරි අකීකරු ළමයෙක්. මට අම්මාවයි තාත්තාවයි දෙන්න ම පෙන්නන්න බෑ. ඒකට හේතු මගෙන් අහන්න එපා. ඒගොල්ලොයි මායි නො ගැළපෙන විත්තිය විතරක් මම දන්නවා. මට ඉගෙන ගන්න එපා වෙලා.

අම්මලාට ඕන මට උගන්වන්න. ඒකෙන් ඒ ඒගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ මොනව ද කියලා මට තේරෙන්නෙ නෑ. මට කැම්පස් යන්න ඕනෙ නැහැ. ඒත් ඒ ගොල්ලන්ට ඕන. මට බයෝ කරන්න ඕන නෑ. ඒත් එයාලට ඕන. මේවා නිසා ද මන්දා මට ඒ ගොල්ලො එපා වෙලා තියෙන්නෙ. කොහොම වුණත් මගේ කාමරේ අපිරිසුදුයි කියන එක මං පිළිගන්නවා. ඒක එහෙම නො වී තියාගන්න මං ආසයි. ඒත් ඒකට හැමදාම කාලෙ නාස්ති කරන්න මට බැහැ. කාමරේට දූවිලි එන හින්ද මං ජනෙල් වහළ තිබුණා. ඊට පස්සෙ කාමරේ ම ගඳයි. මට මකුළුවන් මරන්න බෙහෙතක් කියන්න. උන් දැල් බඳීනවා. ඉවරයක් නැහැ....."

තමන්ගේ ලියුම මහ මෝඩයකුගේ එකක් කියලා ජීවාට හිතුණා. ඒත් කියන දේ අවංකව කියන ගතියක් ජීවා තුළ තිබුණා.

''ගෙදර යුද්ධෙ පටන් අරං, මල්ලි කෑගහනවා එයාගෙ හෝම්වර්ක් කරපු පොත නෑ කියලා. තාත්තට බත් එක පරක්කු වෙලා. මට එපා වෙන්නෙ මේ වෙලාවට තමයි. මං ඉස්කොලෙ යන්නැති හින්ද හොඳයි. අම්මාට වේලාසන උයන්න තිබුණෙ නැද්ද....''

ජීවා කුස්සියට ගියා වතුර එකක් බොන්න. පිඟන් රාක්කෙ තමන්ගෙ කෝප්පෙ නැති විත්තිය දැක්කාම ජීවටත් කේන්තියි.

'කෝ අම්මා මගේ කෝප්පෙ....?'

'බලන්නකො ටිකක් මං ගත්තැයි' අම්මා තාත්තාගේ බත් පෙට්ටිය හෝදන ගමන් කිව්වා. මල්ලි සපත්තු අඩි පොළොවෙ ගහ ගහා කුස්සියට ආවා.

'මං ඉස්කෝලෙ යන්නෑ. අද මගේ පොත නෑ'

'කොහොද ඒක ඔයා තිබ්බෙ....?.'

'මං දන්නවා නම් ඒක අම්මගෙන් අහනවාද?'

'මල්ලි ටී. වී. බලපු තැන ගිහින් බලන්න. ජීවා කේන්තියෙන් කිව්වා ම මල්ලි කරබාගෙන එළියට ගියා.

'ෂි.... කෝප්පෙ කූඹි පිරිලා'

'ඉතින් ළමයො මගෙ වරදක් ද? ඔයා උදේ බීපු කිරි එකේ ඉතිරි ටිකමනේ ඔය'

ජීවාට තමන් ගැන ඇති වුණේ කෝපයක්. කූඹි ටිකත් එක්කම ජීවා සින්ක් එකේ ටැප් එකට කෝප්පය අල්ලුවා. කූඹි ටික වතුරට අහුවෙලා ජිවිතේ බේරගන්න දඟලද්දි ජීවා කෝප්පෙට වතුර එකක් පුරවාගෙන ඒකත් අරං කාමරේට යන්න හැරුණා විතරයි ජිවාගේ යටිපතුලෙ ඇලුණු ලූණු ලෙල්ල නිසා පය දෙතුන් පාරක් පොළවෙ උලන්න සිදු වුණා. ලූණු ලෙල්ල ගසන්න පය උස්සන කොටයි දැක්කෙ තමන්ගෙ යටිපතුල්වල ගෑවිල තියෙන දෑලි පාර 'මල ජරාව ටයිල්වල' ජීවා අප්පිරියෙන් එතනින් ඉවත් වෙලා බාත්රූම් එක ඇතුළට ගිහිං ආපහු යටි පතුල් හෝදගෙන කාමරේට ගියා. කාමරේට යන අතර රෙදි පාපිසි දෙකක ජීවා දෙපතුල් ඇතිල්ලුවා.

ජීවා ටික වෙලාවකට පස්සෙ නැවතත් පරිගණකෙ ළඟට ගියා. ආපහු ලියුම් පෙට්ටිය ඇරලා බැලුවා. ලියුම්... ඔව් සීමන්ගෙන් ආපහු විද්‍යුත් ලිපියක්.

නව ක්‍රමවේද අත්හදා බැලීමක්

'ජීවා.... ඔයාට ගොඩක් ස්තූති කරන්න කැමතියි මට ලිව්වාට. ඔයා යමක් පිළිගන්න ලෑස්ති බවත් මට දැනෙනවා. ඒත් ජිවා සමාවෙන්න. ඔයාගෙ කාමරේ මකුළු දැල් බඳීන මකුළුවො මරන්න ක්‍රමයක් මං කියා දේවි කියලා හිතන්න එපා. ඒත් ඔයාට ආයි ඔය කාමරේ මකුළු දැල් කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ....

ඔයාට පරිසරය පිරිසුදුව තියා ගන්න එකේ වැදගත්කම තාම හරියට ම තේරුණේ නැත්නම් බලන්න ඔයාගෙ යටිපතුල් දිහා. ඔයා දැන් ඩිංගකට ඉස්සෙල්ලා බාත්රූම් එකට ගිහින් ඔය යටිපතුල් සබන් දාලා හෝද ගෙන නේද ආවෙ. ඒත් දැන් බලන්න."

''අනේ සීමන් කියන්න ඔයා ළඟ පාතක ද ඉන්නෙ...?" ජීවා හයියෙන් කිව්වා. මේ සිදුවීම වෙලා කොච්චර අඩු කාලයක් ද ගත වුණේ? කොහොම ද එයා ඒක දන්නෙ? ජීවා ඊළඟට යටිපතුල් බැලුවා. ඒ යටිපතුල් කළු පාටයි.

"ජීවා ඔයාගෙ යටිපතුල් දෙක හරි ලස්සනයි. සුදුයි. මොළකැටියි. ඒත් ඒක තියන තැන් හරි අපිරිසුදුයි. ඔයාගෙ ඔය මොළකැටි යටි පතුල් දෙකට කොච්චර අසාධාරණයක් ද කරන්නේ?"

'අනේ සීමන් මට තේරෙනවා.......... මට කියා දෙන්න.

ඔයා අහලා තියෙනවා ද? එස් පහ ගැන. ඒක ගැන මං ඔයාට කියලා දෙන්නයි හදන්නෙ.

වප් පුර පසළොස්වක
 

ඔක්තෝබර් 19 අඟහරුවාදා අ.භා 19.03 පසළොස්වක ලබා 20 බදාදා අ.භා 20.26 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]