[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ නවම් මහ පෙරහර 07,08 දිනවල දී පැවැත්වෙන ගංගාරාමයේ බුද්ධ ප්‍රතිමා  වහන්සේ
 (ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ)

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

දිවියාගහ යසස්සි නාහිමියෝ ආචාර්ය උපාධියකින් පිදුම් ලබති

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ඇමරිකාවේ ලින්කන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ මැලේසියාවේ ලින්කන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගින් ආචාර්ය උපාධිය පිරිනමා ඇත. විශ්ව විද්‍යාල දර්ශකයේ ඉහළ අගයක් ඇති ලින්කන් විශ්ව විද්‍යාලය 9001 - 2015 තත්ත්ව සහතිකය ද පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය ද ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මණ්ඩලයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ඇතුළු තවත් පිළිගත් සංවිධාන කිහිපයක සාමාජිකත්වය ද ලබා ඇති එම විශ්ව විද්‍යාලය ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද පිළිගැනීමට ලක්ව ඇත. පසුගිය 24 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මැලේසියාවේ ලින්කන් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අමියා භෞමික් මැතිතුමා අතින් මෙම ගෞරව උපාධිය පිරිනැමුණ අතර එම අවස්ථාවට ලින්කන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය විශාල පිරිසක් සහභාගි වූ හ.

කොළඹ නගරයට අලංකාරය ගෙනෙමින් පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන

කොළඹ නවම් මහා පෙරහර

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක් සිහියට නැගෙන පුණ්‍යවන්ත දිනයකි, නවම් පුර පසළොස්වක පොහොය දවස. පින්බර නවම් පුන් පොහෝදා සැරියුත් මහ රහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් තථාගත සම්බුදු සුසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලබන ලදහ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේ ද, සම්බුදුපියාණන් වහන්සේ මහ සඟ රුවන වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේ ද අසිරිමත් නවම් පුන් පෝදාක ය. නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැගෙන තවත් එක් සුවිශේෂි කරුණක් වේ. එනම් වාර්ෂික කොළඹ නවම් මහ පෙරහර පිළිබඳ විචිත්‍රවත් මතකය යි. කොළඹ ගංගාරාමය දිගු කලකට පෙර එදා දෙවුන්දර වාච්ස්සර නාහිමි යුගයේ දී ඇසළ මහේ පෙරහරක් පවත්වා ඇති බව සනිටුහන් වේ. කොළඹ නවම් පෙරහර මෙම මස 7 සහ 8 දිනවල 41 වන වරටත් මෙවර පවත්වනු ලැබේ. කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට පමණක් නොව විදේශයන්හි ද හඳුන්වන ගෞරවනීය නාමය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස ය. උන්වහන්සේ මෙරට කීර්තිමත් යතිවරයන් වහන්සේ නමක් ලෙස ගංගාරාමයටත්, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට සහ ගංගාරාමස්ථ පිරිවෙනටත්, රටට, සමාජයට සහ සම්බුදු සසුනටත් යුග ගණනාවක් පුරා සිදු කර ඇති මෙහෙවර අත්‍යුදාර ය. සඟ පරපුර දෙක තුනකටවත් ඉටු කළ නොහැකි එම මෙහෙවර යුග ගණනාවක් පුරා පවතිනු ඇත.

 

රුවන්වැලි සෑ මළුවේ අසිරිමත් පින්කමක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථා සම්ප්‍රදාය ආරම්භ කර අවුරුදු හැත්තෑවක් සපිරීම නිමිත්තෙන් පෙබරවාරි මස 15 වන දින අනුරාධපුර රුවන්මැලි මහා සෑ මළුවේ දී අසිරිමත් පින්කමක් සවස හතරට පමණ සිදු කෙරේ. දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදි කරන ලද, අනූ හය කෝටියක් මහ රහතන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මුල් ගල් තබා, ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද මහා සෑ රදුන් වහන්සේට යි මේ මහා අසිරිමත් පූජාව සිදු කරනු ලබන්නේ. රුවන්මැලි මහා සෑයට කරන පූජාව ලොවුතුරා බුදුරජාණන් වහන්සේට කරන පූජාවක්. ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවෙන් අපා දුකෙන් නිදහස් ව සසර වසන තුරු සුගතියක වාසය කළ හැකි යි. කරන පින්කම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් , චිත්තප්‍රසාදයෙන් කළ යුතු යි. එවිට ඕනෑම සම්පතක් ලැබෙනවා. මනු ලොව මිනිස් සම්පත් ද ,දෙව්ලොව දිව්‍ය සම්පත් ද ලබන්න අවශ්‍ය වන්නේ පින යි. එසේනම්, මෙවන් පින්කමකට සහභාගි වුණොත් කවර කතා ද? මෙවැනි පින්කම් සැමදා කරන්නට බැහැ. ඉඳ හිට හෝ මෙබඳු පින්කමකට සම්බන්ධ වී වන්දනාමාන කර, පින් ලබා ගැනීම තමන්ගේ යුතුකමක්. මේ සඳහා සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් ආරාධනා කරන අතර සමස්ත ලංකාවාසී සැමටත් පින්කමට පැමිණෙන්නැ’යි ආරාධනා කරනවා.

 

ධර්ම දේශනාව:

අප්‍රමාදය පැසසුමට

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළොස්වක පොහොය දිනෙක ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූහ. සසර පෙරුම් දම් මනාව සපුරා තිබූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ රහත් බව ලබා මෙම ගෞතම බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ද බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ ම සිදුවිය. නවම් පොහොය දිනයෙන් තෙමසක් ඉකුත් වූ විට වෙසක් පොහෝ දින පිරිනිවන් පානා බවට ආයුසංස්කාරය අත් හැරීම ද සිදු වු විශේෂ පොහෝ දිනයක් ලෙස තුණුරුවන් වෙත පූජෝපහාර පැවැත්වීමට ම සංවිධානය වන කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ද මෙම නවම් පොහෝ දා ම සිදු කරනු ලැබේ. අප සම්බුදු රජුන් දවස හැම සැපතකින් පිරී තිබූ විශාලා මහා නගරය ලිච්ඡවී රජ දරුවන්ට වාසස්ථාන විය. එක් ලිච්ඡවී රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. බුදුරජුන් දෙසූ සක්ක පඤ්හ සූත්‍ර දේශනාව අසා එම රජතුමා බුදුරජුන් සක්දෙව් රජු විඳින සැපත ඉතා උසස් ලෙස දේශනා කරති. මේ ප්‍රකාශ දැක වදාරන්නේ ද නොදැක වදාරන්නේ දැයි සිතා අපත් දෙව් රජු ගැන දැන ගනු පිණිස බුදුරජාණන් වහන්සේ වැඳපසෙකට වී හිඳ විමසුවේ ය. මහාලි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙව් රජතුමා දක්නා ලද්දේදැයි විමසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ මහාලි, අහන්න මම සක්දෙව් රජුන් හඳුනමි. සක්දෙව් රජ වන හැටිත් දනිමියි වදාළහ. මඝ නමින් මානවකයකු ලෙස ඉපිද බොහෝ පින් කොට දෙව්ලොව උපන් බැවින් මඝවා නම් විය.ඔහු නගරයක් පාසා, ගමක් පාසා දානශාලා කරවා දුන් බැවින් පුරින්දද නම් වේ. දුන්නේ ද යම්තරමට නොවේ. එහෙයින් සක්ක නම් වේ. මිනිසත් බව ලබා සිටියදී ආවාසයක් කරවා පිදූ බැවින් වාසව නම් වේ. සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැනීමේ පොහොසත් බැවින් සහස්ස සක්ක නම් වේ. තව්තිසා වැසි දෙවියන්ගේ අධිපතියා බැවින් දෙවින්ද නම් වේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]