[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අප්‍රමාදය පැසසුමට

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළොස්වක පොහොය දිනෙක ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූහ. සසර පෙරුම් දම් මනාව සපුරා තිබූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ රහත් බව ලබා මෙම ගෞතම බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ද බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ ම සිදුවිය. නවම් පොහොය දිනයෙන් තෙමසක් ඉකුත් වූ විට වෙසක් පොහෝ දින පිරිනිවන් පානා බවට ආයුසංස්කාරය අත් හැරීම ද සිදු වු විශේෂ පොහෝ දිනයක් ලෙස තුණුරුවන් වෙත පූජෝපහාර පැවැත්වීමට ම සංවිධානය වන කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ද මෙම නවම් පොහෝ දා ම සිදු කරනු ලැබේ. අප සම්බුදු රජුන් දවස හැම සැපතකින් පිරී තිබූ විශාලා මහා නගරය ලිච්ඡවී රජ දරුවන්ට වාසස්ථාන විය. එක් ලිච්ඡවී රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. බුදුරජුන් දෙසූ සක්ක පඤ්හ සූත්‍ර දේශනාව අසා එම රජතුමා බුදුරජුන් සක්දෙව් රජු විඳින සැපත ඉතා උසස් ලෙස දේශනා කරති. මේ ප්‍රකාශ දැක වදාරන්නේ ද නොදැක වදාරන්නේ දැයි සිතා අපත් දෙව් රජු ගැන දැන ගනු පිණිස බුදුරජාණන් වහන්සේ වැඳපසෙකට වී හිඳ විමසුවේ ය. මහාලි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙව් රජතුමා දක්නා ලද්දේදැයි විමසූහ. එහිදී බුදුරජාණන් වහන්සේ මහාලි, අහන්න මම සක්දෙව් රජුන් හඳුනමි. සක්දෙව් රජ වන හැටිත් දනිමියි වදාළහ. මඝ නමින් මානවකයකු ලෙස ඉපිද බොහෝ පින් කොට දෙව්ලොව උපන් බැවින් මඝවා නම් විය.ඔහු නගරයක් පාසා, ගමක් පාසා දානශාලා කරවා දුන් බැවින් පුරින්දද නම් වේ. දුන්නේ ද යම්තරමට නොවේ. එහෙයින් සක්ක නම් වේ. මිනිසත් බව ලබා සිටියදී ආවාසයක් කරවා පිදූ බැවින් වාසව නම් වේ. සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැනීමේ පොහොසත් බැවින් සහස්ස සක්ක නම් වේ. තව්තිසා වැසි දෙවියන්ගේ අධිපතියා බැවින් දෙවින්ද නම් වේ.


නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]