[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 කොළඹ නවම් පෙරහර

 

කොළඹ නගරයට අලංකාරය ගෙනෙමින් පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන

කොළඹ නවම් මහා පෙරහර

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක් සිහියට නැගෙන පුණ්‍යවන්ත දිනයකි, නවම් පුර පසළොස්වක පොහොය දවස. පින්බර නවම් පුන් පොහෝදා සැරියුත් මහ රහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් තථාගත සම්බුදු සුසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලබන ලදහ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේ ද, සම්බුදුපියාණන් වහන්සේ මහ සඟ රුවන වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේ ද අසිරිමත් නවම් පුන් පෝදාක ය. නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැගෙන තවත් එක් සුවිශේෂි කරුණක් වේ. එනම් වාර්ෂික කොළඹ නවම් මහ පෙරහර පිළිබඳ විචිත්‍රවත් මතකය යි. කොළඹ ගංගාරාමය දිගු කලකට පෙර එදා දෙවුන්දර වාච්ස්සර නාහිමි යුගයේ දී ඇසළ මහේ පෙරහරක් පවත්වා ඇති බව සනිටුහන් වේ. කොළඹ නවම් පෙරහර මෙම මස 7 සහ 8 දිනවල 41 වන වරටත් මෙවර පවත්වනු ලැබේ. කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට පමණක් නොව විදේශයන්හි ද හඳුන්වන ගෞරවනීය නාමය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස ය. උන්වහන්සේ මෙරට කීර්තිමත් යතිවරයන් වහන්සේ නමක් ලෙස ගංගාරාමයටත්, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට සහ ගංගාරාමස්ථ පිරිවෙනටත්, රටට, සමාජයට සහ සම්බුදු සසුනටත් යුග ගණනාවක් පුරා සිදු කර ඇති මෙහෙවර අත්‍යුදාර ය. සඟ පරපුර දෙක තුනකටවත් ඉටු කළ නොහැකි එම මෙහෙවර යුග ගණනාවක් පුරා පවතිනු ඇත.


නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]